Thursday 30 August 2018

හත්වෙනි දිගහැරුම (#7)

==========================
👍👍👍👍👌👌👌

#පෙර ලිපියට අනුව ABO ක්‍රමය තරමක් ගැටළු සහගත වූ නිසා එම ක්‍රමය සමග සමගාමී ලෙසට එකට එකතු වී රුධිර ගණ වෙන්කිරීම් සදහා "රීසස් සාධක ක්‍රමය " සොයාගන්නා ලදී.

#රීසස් සාධක ක්‍රමය යනු කුමක්ද ?
ලෙසට අපි මුලින්ම හදුනාගෙන,දෙවනුව හයවෙනි ලිපියේ (#6) පැවති ගැටළු ඇතිවූ හේතුව පිළිබඳව සාකච්ඡා කරමු...

අවශ්‍ය නම් එම ලිපිය මෙතනින් කියවන්න.
👇👇👇👇👇
https://m.facebook.com/story.php?story_fbid=566334907118716&id=547262199025987

#රීසස් සාධකය යනු,රුධිර ප්ලාස්ම පටලයේ පවතින D නම් ප්‍රතිදේහජනකයකි.

#මෙම රීසස් සාධකය අනුව රුධිර ගණ වෙන්වීම
සලකා බලමු.....................

• රුධිර ප්ලාස්මයේ D නම් ප්‍රතිදේහජනකයක් පවතින්නේ නම් ,රීසස් සාධකය ධන හෙවත් Rh(+) වේ .එම රුධිරය Rh(+) රුධිරය වේ.

• රුධිර ප්ලාස්මයේ D නම් ප්‍රතිදේහජනකයක් නොපවතින්නේ නම් ,රීසස් සාධකය ඍණ හෙවත් Rh(---) වේ.එම රුධිරය Rh(---) රුධිරය වේ.

මුලින්ම ABO ක්‍රමය අනුව නම් කළ ප්‍රධාන රුධිර ගණ හතර (#4) හොදින් මතක් කර ගන්න .

#එම රුධිර ගණ අයත් රුධිරයේ ඉහත ආකාරයට රීසස් සාධකයේ වෙනස් වීම් නිසා නැවත කාණ්ඩ දෙකකට වෙන්කර ප්‍රධාන රුධිර ගණ අටක්(#8) ලෙසට වර්ගීකරණය කරයි.

එලෙස වර්ගීකරණය සිදුවන ආකාරය සලකමු .........................

1. A රුධිර ගණයේ රීසස් සාධකය පවතීනම් A+ ලෙසද,රීසස් සාධකය නොපවතීනම් A-- ලෙසද හදුන්වයි .

2. B රුධිර ගණයේ රීසස් සාධකය පවතීනම් , B+ ලෙසද ,රීසස් සාධකය නොපවතීනම් B-- ලෙසද හදුන්වයි .

3. AB රුධිර ගණයේ රීසස් සාධකය පවතීනම් AB+ ලෙසද ,රීසස් සාධකය නොපවතීනම් AB--- ලෙසද හදුන්වයි .

4. O රුධිර ගණයේ රීසස් සාධකය පවතීනම් O+ ලෙසද ,රීසස් සාධකය නොපවතීනම් O-- ලෙසද හදුන්වයි .

#ඒ අනුව A+, A--, B+ ,B--,AB+,AB-- ,O+,O-- ලෙසට ප්‍රධාන රුධිර ගණ අටකි (#8).

#මෙම රුධිර ගණ අට මගින් රුධිර ශ්ලේෂණයක් සිදුනොවී ආරක්ෂාකාරී ලෙසට රුධිර පාරවිලයනය සිදුකරන ආකාරය සලකා බලමු.

• මුලින්ම ABO ක්‍රමය අනුව සලකා බැලූ ආකාරයට පාරවිලයනය කරන්න .

• දෙවනුව,රීසස් ක්‍රමය අනුව සැලකීමේ දී...................

රුධිර දායකයාගේ රුධිරය Rh(+) නම් ,රුධිර ප්‍රතිග්‍රාහකයා අනිවාර්යයෙන්ම Rh(+) රුධිරය වියයුතුය .

රුධිර දායකයාගේ රුධිරය Rh(--) නම් ,රුධිර ප්‍රතිග්‍රාහකයාගේ රුධිරය Rh(+) හෝ Rh(--) යන දෙකෙන් ඕනෑම එකක් විය හැකිය .

#මෙයින් සුළු උදාහරණයක් සලකමු.....,

• රුධිර දායකයාගේ රුධිර ගණය A+ නම්,ඔහුගේ රුධිර ප්‍රතිග්‍රාහකයා අනිවාර්යයෙන්ම A+ හෝ AB+ අයෙකු පමණක්ම විය යුතුය .(*******)

• රුධිර දායකයා ගේ රුධිර ගණය A-- නම් ,ඔහුගේ රුධිර ප්‍රතිග්‍රාහකයා අනිවාර්යයෙන්ම A--, A+, AB-- හෝ AB+ අයෙකු පමණක් ම විය යුතුය .(*****)

#මේ ආකාරයට සියළුම රුධිර ගණ වල ශ්ලේෂණයක් සිදුනොවී නිවැරදි ආකාරයට රුධිර පාරවිලයනය සිදුකරන ආකාරය දැක්විය හැකිය .

#තමන් තනිතනිවම රුධිර ගණ අටේම මේ ආකාරයට රුධිර දායකයා හා රුධිර ප්‍රතිග්‍රාහකයා සොයන්නට උත්සාහ කරන්න .🙂🙂🙂👍👍

#මා විසින් රචිත මෙම ලිපි පෙළ නියමාකාරයෙන් ඔබ පරිශීලනය කලේ නම් ඉහත අභ්‍යාසය ඔබට අපහසු නොවෙනු ඇත .🤔🤔🤔🤔
(ගැටළුවක් ඇත්නම් ,ඒ පිළිබඳව සටහනක් දමන්න .)

#ලිපියේ අවසාන රූප සටහනේ පවතින්නේ ශ්‍රී ලංකාව තුළ පුද්ගලයින්ගේ පවතින ප්‍රධාන රුධිර ගණ අටෙහි ව්‍යාප්තියයි.

එමගින් රුධිර ගණ වල ව්‍යාප්තිය ප්‍රතිශත වශයෙන් ඔබට දැනගත හැක.
===========================

👉👉👉👉👉👉
#ඊලඟ ලිපිය විශේෂයෙන්ම මූලික කරගන්නේ අවිවාහක පාඨක ඔබ සදහාම වේ.💘💘💘💘

අවිවාහක ඔබ විවාහයකදී රුධිර පොරොන්දම ගැලපිය යුතු ආකාරය හා එසේ රුධිර පොරොන්දම නොගැලපීමක් වුවහොත් සිදුවන අවධානම් සහගතභාවය පිළිබඳව තොරතුරු ඊලග ලිපියේදී බලාපොරොත්තු වන්න.🤔🤔👍👍👉👉

D.H.S.L
******************************

හයවෙනි දිගහැරුම (#6)

👍👍👍👍👌👌👌🙂🙂🙂
==========================

පස්වෙනි (#5) ලිපිය පළකර මෙම ලිපිය පළ කිරීමට යම් කාළයක් ගතවිය.⏰⏰

#එමනිසා,ලිපි පෙළ පිළිබඳව කිසියම් සාරාංශයක් ලබා ගැනීමට අවශ්‍ය නම් කලින් ලිපිය මෙතනින් කියවන්න .....👇👇

https://m.facebook.com/story.php?story_fbid=563088290776711&id=547262199025987

#ABO ක්‍රමයට වෙන්කළ මෙම රුධිර ගණ ශ්ලේෂණයක් සිදුනොවන ආකාරයට රුධිරය පාරවිලයනය සිදුකරන ආකාරය සලකමු.👇👇

#සෑම විටම රුධිර පාරවිලයනයකදී රුධිර දායකයාගේ රුධිරයේ ,රුධිර ප්ලාස්මයේ ප්‍රතිදේහ වලට සමාන ප්‍රතිදේහ රුධිර ප්‍රතිග්‍රාහකයාගේ රුධිර ප්ලාස්මයේ පැවතීම හෝ කිසිදු ප්‍රතිදේහයක් නොපැවතිය යුතුය .

#උදාහරණයක් ගනිමු..............👌👌

• රුධිර දායකයාගේ රුධිර ප්ලාස්මයේ ප්‍රතිදේහ ප්‍රති a නම් ,රුධිර ප්‍රතිග්‍රාහකයාගේ රුධිර ප්ලාස්මයේ ප්‍රතිදේහ ප්‍රති a වීම අනිවාර්‍ය විය යුතු අතර රුධිර ප්‍රතිග්‍රාහකයාගේ රුධිර ප්ලාස්මයේ කිසිදු ප්‍රතිදේහයක් නොපැවතුනාට කිසිදු ගැටළුවක් නොමැත.

#මෙම උදාහරණයට අනුව ප්‍රධාන රුධිර ගණ හතර (04) මගින් රුධිර පාරවිලයනය සිදුකළ හැකි ආකාරය සලකමු .

• රුධිර දායකයා A නම් ,ඔහුට අයත් වන්නේ ප්‍රති b වේ.එහිදී ,රුධිර ප්‍රතිග්‍රාහකයාගේ රුධිර ප්ලාස්මයේ ප්‍රති b පැවතීම හෝ කිසිවක් නොපැවතීම අනිවාර්‍ය වේ.එනම් ,
#රුධිර දායකයා A වූ විට ප්‍රතිග්‍රාහකයා A , AB විය හැක.

• රුධිර දායකයා B නම් ,ඔහුට අයත් වන්නේ ප්‍රති a වේ.එහිදී ,රුධිර ප්‍රතිග්‍රාහකයාගේ රුධිර ප්ලාස්මයේ ප්‍රති a පැවතීම හෝ කිසිවක් නොපැවතීම අනිවාර්‍ය වේ.එනම් ,

#රුධිර දායකයා B වූ විට ප්‍රතිග්‍රාහකයා B , AB විය හැක .

• රුධිර දායකයා AB නම් ,ඔහුට කිසිදු ප්‍රතිදේහයක් අඩංගු නොවේ.ඒ නිසා රුධිර ප්‍රතිග්‍රාහකයාගේ රුධිර ප්ලාස්මයේ ප්‍රති a හා ප්‍රති b යන කිසිදු ප්‍රතිදේහයක් නොපැවතිය යුතුය .එනම් ,

#රුධිර දායකයා AB වූ විට ප්‍රතිග්‍රාහකයා AB ම පමණක් විය යුතුය .

• රුධිර දායකයා O නම් ,ඔහුගේ රුධිර ප්ලාස්මයේ ප්‍රති a හා ප්‍රති b යන ප්‍රතිදේහ වර්ග දෙකම පවතී .එහිදී ,රුධිර ප්‍රතිග්‍රාහකයාගේ රුධිරයේ ඕනෑම ප්‍රතිදේහ වර්ගයක් පැවතීම හෝ නොපැවතීම විය හැකිය.එනම් ,

#රුධිරය දායකයා O නම් ප්‍රතිග්‍රාහකයා A,B,AB,O යන ඕනෑම රුධිර ගණයක් විය හැකිය .

*******************
#ලිපියේ අවසානයේ ඇති පළමු  රූප සටහන අධ්‍යනය කරන්න .රුධිර පාරවිලයනය සිදුකළ හැකි රුධිර ගණ එහිදී නිර්මාණාත්මක ලෙසට දක්වා ඇත.

#සෑම ඊතලයකම පටන් ගැනීම රුධිර දායකයෙකුගෙන් වන අතර ඊතලයේ අවසානය රුධිර ප්‍රතිග්‍රාහකයෙකුගෙන් වේ.
************************

#ඒ අනුව ,🙂🙂🙂

• AB රුධිරය ඇති අයෙකුට ඕනෑම රුධිර ගණයක් ඇති අයෙකුගෙන් රුධිරය ලබා ගත හැකි බව පෙනීයයි.එමනිසා ,AB රුධිරය සර්ව ප්‍රතිග්‍රාහකය ලෙසට හදුන්වයි.

• O රුධිරය ඇති අයෙකුට ඕනෑම රුධිර ගණයක් ඇති අයෙකුට රුධිරය ලබා දිය හැකි බව පෙනීයයි.එමනිසා ,O රුධිරය සර්ව දායකයා ලෙසට හදුන්වයි.

#කාල් ලෑන්ඩ්ස්ටයිනර් මහතාගේ මෙම ABO ක්‍රමය බොහෝ අවස්ථාවලදී සාර්ථක වුවත්,සමහර අවස්ථා වලදී මෙම ක්‍රමය අසාර්ථක විය.එවන් අවස්ථා කීපයක් සලකමු ..................🤔🤔🤔

• රුධිර ප්‍රතිග්‍රාහකයෙකුට මුල් අවස්ථාවේදී රුධිරය පාරවිලයනය කර ,නැවතත් අවශ්‍යතාවයක් අනුව රුධිර පාරවිලයනය නිවැරදි රුධිර ගණ අනුව සිදු කළත් රුධිරය ශ්ලේෂණය වීම.(මෙහිදී රුධිර ගණ ලෙසට අදහස් කළේ ප්‍රධාන රුධිර ගණ හතර (04) පමණක් වේ.)

• කාන්තාවක් ගර්භනී වී පළමු දරු ප්‍රසූතිය සිදු කර ,නැවතත් දෙවනි වර ගැබ් ගැනීමක් සිදු වී ටික කාළයකට පසුව දරුගැබ ගබ්සා වීමක් සිදුවීම.

#මෙවැනි ගැටළු සමහර අවස්ථා වලදී ඇති වූ නිසා ඒවාට ව්සදුම් සෙවීමේ ප්‍රතිඵලයක් ලෙසට ABO ක්‍රමයට අමතරව රුධිර ගණ වෙන්කිරීම සදහා රීසස් සාධක ක්‍රමයද බිහිවිය.👍👍

#හත්වෙනි (#7) ලිපියෙන් නැවත හමුවෙමු.........

සැ:යු÷ රුධිර ගණ වල ප්‍රතිදේහ ජනක හා ප්‍රතිදේහ පිළිබඳව ගැටළුවක් පවතීනම් මුල් ලිපි නැවතත් පරිශීලනය කරන්න................

D.H.S.L
**************************

පස්වැනි දිගහැරුම (#5)


=======================

#ABO ක්‍රමයේ දී රක්තාණු ප්ලාස්ම පටලයේ* ප්‍රතිදේහජනක පැවතීම හා රුධිර ප්ලාස්මයේ ප්‍රතිදේහ පැවතීම අනුව ප්‍රධාන රුධිර ගණ හතරකි(4).

#මෙම ප්‍රධාන රුධිර ගණ හතර ,රීසස් සාධකය අනුව කාණ්ඩ දෙකකට වෙන්වී රුධිර ගණ අටක් (8) ලෙසට වර්ග වේ.

#එනම් ,රීසස් සාධකය පවතින්නේ නම් Rh(+) ලෙසත් රීසස් සාධකය නොපවතින්නේ නම් Rh(-) ලෙසත් නම් කරයි.
( මෙහි ආරම්භක ව්ස්තර සදහා සිවුවැනි ලිපිය (#4) මෙතනින් බලන්න )

👇👇👇👇👇 ✉️✉️✉️✉️
https://m.facebook.com/story.php?story_fbid=562406560844884&id=547262199025987

#එමනිසා ,වඩාත් නිවැරදි සෞඛ්‍යමත් වූ රුධිර පාරවිලයනයක් සදහා ABO ක්‍රමය මෙන්ම රීසස් සාධක ක්‍රමයද ඉතා වැදගත් වේ.

***************************
ඉහතින් සාරාංශයක් වශයෙන් දැක්වූ කරුණු පැහැදිලි කිරීම ..................

• ABO ක්‍රමය සලකමු ..............🆎🅾️

#රක්තාණු ප්ලාස්ම පටලයේ* ප්‍රතිදේහජනක හා රුධිර ප්ලාස්මයේ ප්‍රතිදේහ පවතී.එමගින් ප්‍රධාන රුධිර ගණ හතරකට වර්ග කරයි.

1. A රුධිර ගණය
2. B රුධිර ගණය
3. AB රුධිර ගණය
4. O රුධිර ගණය

#රක්තාණු ප්ලාස්ම පටලයේ පවතින ප්‍රතිදේහජනක ආකාර දෙකකි .
ඒවා නම් A ප්‍රතිදේහජනකය හා B ප්‍රතිදේහජනකයයි.

• රක්තාණු ප්ලාස්ම පටලයේ A ප්‍රතිදේහජනකය පවතීනම් ,එය A රුධිර ගණය වේ .

• රක්තාණු ප්ලාස්මපටලයේ B ප්‍රතිදේහජනකය පවතීනම් ,එය B රුධිර ගණය වේ.

• රක්තාණු ප්ලාමපටලයේ A හා B යන රුධිර ගණ දෙකම පවතීනම් ,එය AB රුධිර ගණය වේ.

• රක්තාණු ප්ලාස්මපටලයේ A හා B යන කිසිදු රුධිර ගණයක් නොපවතීනම්, එය O රුධිර ගණය වේ.

#රුධිර ප්ලාස්මයේ ප්‍රතිදේහ වර්ග දෙකක් (2) පවතී .
ඒවා නම් ,ප්‍රති a සහ ප්‍රති b වේ.

• රුධිර ප්ලාස්මයේ ප්‍රති b පවතිනම්,එය A රුධිර ගණය වේ.

• රුධිර ප්ලාස්මයේ ප්‍රති a පවතීනම් ,එය B රුධිර ගණය වේ.

• රුධිර ප්ලාස්මයේ කිසිදු ප්‍රතිදේහ වර්ගයක් නොපවතීනව්,එය AB රුධිර ගණය වේ.

• රුධිර ප්ලාස්මයේ ප්‍රති a සහ ප්‍රති b යන ප්‍රතිදේහ දෙකම පවතීනම් එය O රුධිර ගණය වේ.

#හයවෙනි ලිපියෙන් (#6) ,නැවත හමුවෙමු.😊😊👏👏
.......................................................
(*) ලකුණ යෙදූ පද සදහා අර්ථ දැක්වීම් ÷

1. රක්තාණු ප්ලාස්ම පටලය =රක්තාණු හෙවත් රතු රුධිරාණු යනු සත්ව සෛල වර්ගයකි.මෙය දර්ශීය සත්ව සෛලයෙන් වෙනස් වීම් වලට ලක්වී ඇත .රක්තාණුවේ බාහිර ආවරණය ලෙසට ප්ලාස්ම පටලය ක්‍රියාකරයි.

*******(පසුව ලියමි)÷👇👇👇👇

#තුන්වන ලිපියේදී (#3) "හිමෝෆීලියාව" පිළිබඳව මූලික තොරතුරු සාකච්ඡා කරන ලදී.

#අන්තර්ජාලයෙන් වාර්ථා වූ තොරතුරු වලට අනුව බ්‍රිතාන්‍ය වික්ටෝරියා මහරැජිනද හිමෝෆීලියා රෝග වාහිකාවකි.ඇය බ්‍රිතාන්‍යයේ බොහෝ රාජකීය පවුල් වල මිත්තණිය වනනිසා බොහෝ රාජකීයන් හිමෝෆීලියා රෝගීන් හෝ රෝග වාහකයින් විය හැක.

(අන්තර්ජාලය ඇසුරෙන් )..........👑👑👑

D.H.S.L
=============================

සිවුවැනි දිගහැරුම (#4)

===========================

#ක්ෂීරපායි (මැමේලියා ) වංශයේ* මානව විශේෂය* වන අප සියළුම දෙනාගේම රුධිරය වර්ණයෙන් රතු පැහැති වුවත් රුධිරයේ පවතින විවිධ වෙනස්කම් නිසා කාණ්ඩ කිහිපයක් වශයෙන් මෙම රුධිරය නම් කරයි.

#එනම් ,එක් අයෙකුගේ රුධිරය වගවීමකින් තොරව තවත් කෙනෙකුට පාරවිලයනය* කිරීම මගින් රුධිර ප්‍රතිග්‍රාහකයාගේ රුධිරය ශ්ලේෂණය* වීමකට ලක්වී මරණය ලගාවිය හැකි සංසිද්ධියක් වේ.😭😭

( "*" ලකුණින් ඇති සමහර විද්‍යාත්මක වචන සදහා අර්ථ දැක්වීම් ලිපියේ අවසානයේ පවතී .)

#මෙසේ රුධිරය කාණ්ඩ (වර්ග ,ගණ) වලට වෙන් කළ හැකි රුධිරයේ පවතින ප්‍රධාන වෙනස්කම් දෙකකි .

• රුධිරයේ රක්තාණු වල ප්ලාස්ම පටලයේ ඇති ප්‍රතිදේහ ජනක
• රුධිර ප්ලාස්මයේ ඇති ප්‍රතිදේහ

#රුධිරය මෙසේ ගණ වලට දැක්වීම සදහා ප්‍රධාන ක්‍රම තුනක් පවතී .

• M N ක්‍රමය
• ABO ක්‍රමය
• රීසස් ක්‍රමය

#මෙහි වර්තමානයේදී වඩාත්ම සාර්ථක හා නිවැරදිම ක්‍රමය ලෙසට ABO ක්‍රමය හා රීසස් ක්‍රමය සලකයි.ABO ක්‍රමයේ තවත් ආකාරයක් ලෙසට මෙම රීසස් ක්‍රමය හැදින්විය හැකිය .
(M N ක්‍රමය පිළිබඳව මෙම ලිපිපෙළේදී පැහැදිලි නොකරන අතර ඒ පිළිබඳව දැනගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව සටහනක් යොදන්න.)📚📚✏️✏️✏️

#මුල් කාළයේදී ABO ක්‍රමය භාවිතා කිරීමේදි බොහෝ අවස්ථා වලදී කාර්‍ය සාර්ථක වුවත් සමහර අවස්ථා වලදී රෝගීන්ගේ දෙවන රුධිර පාරවිලයනයකදී එම රුධිරය ශ්ලේෂණය * වීම සහ සමහර කාන්තාවන් ගේ දෙවන වරට ගැබ්ගැනීමකදී කළලය ගබ්සා වීම් වැනි සිදුවීම් ඇතිවීම නිසා පසුකාලීනව Rh ක්‍රමය සොයාගන්නා ලදී.

#රසායනික විද්‍යාඥයකු වූ කාල් ලෑන්ඩ්ස්‌ටයිනර් විසින් 1900 දී මෙම ABO ක්‍රමය හදුන්වාදෙන ලදී.
(ලිපිය අවසානයේදී ඇති රුපය බලන්න.)

#මෙම ක්‍රමයට අනුව ප්‍රධාන රුධිර ගණ හතරකි.එම ප්‍රධාන රුධිර ගණ රීසස් ක්‍රමයට සලකා බැලූ විට රීසස් සාධකයේ පැවැත්ම අනුව ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි.

#රීසස් සාධකය පවතීනම් ධන (+) ලෙසත් ,රීසස් සාධකය නොපවතීනම් ඍන (- ) ලෙසත් ABO රුධිර ගණ හැදින්විය කැකිය.

==============================

(*) ලකුණ යෙදූ පද සදහා අර්ථ දැක්වීම් ÷

• වංශය,විශේෂය =සමස්ත ජීවීන් වෙන්කර හදුනාගැනීම පහසු වීම සදහා ජීවීන් වර්ගීකරණය කරයි.එම වර්ගීකරණයේ ඇති මට්ටම් හෙවත් තක්සෝන දෙකකි .

• රුධිර පාරවිලයනය = අවශ්‍යතාවයකදී රුධිර දායකයාගේ සිට රුධිර ප්‍රතිග්‍රාහකයාට රුධිර ගණ ගැලපීමකින් හා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති විට රුධිරය ලබාදීමයි.

• රුධිර ශ්ලේෂණය = රුධිර ගණ නොගැලපීම හෝ රීසස් සාධකයේ වෙනස් වීමක් නිසා දේහ අභ්‍යන්තර්‍යේදී රුධිරය කැටි ගැසීමයි.

#අවශ්‍ය නම් තුන්වෙනි (#3) ලිපිය මෙතනින් බලන්න.
✉️✉️✉️✉️✉️👇👇
https://m.facebook.com/story.php?story_fbid=561988980886642&id=547262199025987

##########################
පස්වෙනි ලිපියෙන් (#5) නැවත හමුවෙමු ...........
👍👍👍👏👏👏👏

D.H.S.L
***************************

තෙවැනි දිගහැරුම (#3)

=============================
#අපගේ ප්‍රධාන මාතෘකාව වන "රුධිර පාරවිලයනය" පිළිබඳව සාකච්ඡාව ආරම්භ කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වේ.
දෙවනි ලිපියේදී (#2) සදහන් කළ ආකාරයට බොහෝවිට රුධිර වහනයකදී ,රුධිර පට්ටිකා මගින් රුධිර කැටිය සෑදීම සිදුවෙයි.
(අවශ්‍ය නම් දෙවෙනි ලිපිය මෙතනින් කියවන්න.)

https://m.facebook.com/story.php?story_fbid=560904260995114&id=547262199025987
#නමුත් ,"හීමෝෆීලියාව" නම් රෝගයේදී බාහිර තුවාලයක් වී රුධිර වහනයක් සිදුවුවත් එහිදී රුධිර කැටි ගැසීමක් සිදුවන්නේ නැත .මෙය ප්‍රවේණික රෝගයක් වන අතර මාරක ජාන වල බලපෑමක් මගින් රෝගී තත්වය ඇතිවේ.
(මෙම ප්‍රවේණික රෝගය පිළිබඳව වැඩිදුර විස්තර පසු ලිපියකින් බලාපොරොත්තු වන්න .)
#රුධිර පට්ටිකා මගින් බාහිර තුවාලයකදී මෙසේ සිදුවන රුධිර කැටිගැසීමේ ක්‍රියාවලිය දේහය තුළ රුධිර වාහිනී වල සිදුනොවන්නේ රුධිර වාහිනී තුළ ඇති රුධිරයේ බහුලව "රුධිර කැටි ගැසීම නිශේධනය කිරීමේ සාධකය" නම් සංඝටකයක් අඩංගු වීමයි.
#රුධිරයේ මෙතෙක් අප කතාකළ රුධිර සෛල වලට අමතරව රුධිර ප්ලාස්මය පවතී.මෙම රුධිර සෛල අඩංගුව පවතින්නේ මෙම ප්ලාස්මය තුළ ය ඊට අමතරව ග්ලූකෝස් ,ඇමයිනෝ අම්ල,බහිස්ස්‍රවී ද්‍රව්‍ය ,ප්‍රතිදේහ වැනි සංඝටකද මෙහි අඩංගු වේ.
අපේ ප්‍රධාන මාතෘකාවට දැන් යොමුවෙමු..........☝️☝️
#අද ලෝකය කෙතරම් දියුණු වුවත් රුධිරය කෘතීමව නිපදවිය හැකි ක්‍රමයක් තවමත් සොයාගෙන නැත .එම නිසා රුධිර පාරවිලනය රෝගීන් සදහා අත්‍යාවශ්‍ය කටයුත්තකි.
#මෙම රුධිර පාරවිලයනය සාමාන්‍ය ව්‍යවහාරයේදී "ලේ දන්දීම" ලෙසට හැදින්වූවත් කලින් ලිපි වල හැදින්වූ ආකාරයට මෙහිදී රුධිර සෛල මෙන්ම රුධිර ප්ලාස්මය ද හුවමාරු කිරීමක් සිදුවේ.
#රුධිර පාරවිලයනයක් ලෙසට සාමාන්‍යයෙන් අපි දකින්නේ රුධිරය එක් අයෙකුගෙන් ලබාගෙන තවත් අයෙකුට එය ලබාදීමක් ලෙසටය.මෙහිදී අතරමැදි ආයතනයක් ලෙසට ජාතික රුධිර පාරවිලයන සේවය(ලේ බැංකුව ) අපට හදුනාගත හැකිය .
#නමුත් ,මෙය සංකීර්ණ විද්‍යාත්මක ක්‍රියාවලියක් වේ.එය විද්‍යාත්මක මෙසේ පැහැදිලි කළ හැබැය.
#රුධිර පාරවිලයනයක් සිදුවන්නේ දෙදෙනෙක් අතරය,ඉන් රුධිරය ලබාදෙන පුද්ගලයා "රුධිර දායකයා" ලෙස හදුන්වන අතර රුධිරය ලබාගනු ලබන පුද්ගලයා "රුධිර ප්‍රතිග්‍රාහකයා" නම්වේ.
#ඕනෑම මිනිසෙකුගේ රුධිරය රතු පාට වූ නිසා ඕනෑම කෙනෙකුගේ රුධිරය විශ්ලේෂණයකින් තොරව ලබාගෙන පාරවිලයනය කළ නොහැක.
#මෙම රතු පැහැයට හේතු වන්නේ රුධිරයේ ඇති රුධිර වර්ණකයයි.සමස්ත ක්ෂීරපායින් ගේ(මැමේලියා)
රුධිර වර්ණකය වන්නේ හීමොග්ලොබින් වේ.
රුධිර පාරවිලයනයකදී පහත සදහන් කරුණු පිළිබඳව මූලික වශයෙන් අවධාරණය යොමු කරයි.
• දෙදෙනාගේ රුධිර ගණ පිළිබඳව
• දෙදෙනාගේ රුධිරයේ රීසස් සාධක (Rh) පිළිබඳව
• රුධිර දායකයාගේ පාරවිලයනයට ඇති සුදුසුකම්
• රුධිර දායකයාගේ පවතින රෝගී තත්ව
==========================
සිව්වෙනි ලිපියෙන් (#4) නැවත හමුවෙමු...........
#ලිපියේ අවසාන රූප සටහනේ පවතින්නේ විද්‍යුත් චුම්බක අණ්වීක්ෂයක් මගින් නිරීක්ෂිත රුධිර සෛල වේ.
ඒවා පිළිවෙලින් රක්තාණු ,රුධිර පට්ටිකා හා ශ්වේතානු වේ...............................

D.H.S.L

පළමු දිගහැරුම (#1)

=========================
මුලින්ම අපි රුධිරය(Blood) ගැන තොරතුරු දැනගනිමු.................
ලිපි පෙළේ පෙරවදන අවශ්‍ය නම් මෙතනින් කියවන්න ......
https://m.facebook.com/story.php?story_fbid=559718964446977&id=547262199025987
#සාමාන්‍ය ජීවිතයේදී පහසුව සදහා අපි රුධිරය(Blood) හදුන්වන්නේ "ලේ" යන නමින් .මානව දේහයේ (අපේ ශරීරයේ ) ද්‍රව්‍ය පරිවහන මාධ්‍ය ලෙසට ක්‍රියාකරන්නේ මේ රුධිරයයි .මේ කාර්ය තමයි රුධිරයේ ප්‍රධාන ම ක්‍රියාවලිය ය .රුධිර සංසරණ පද්ධතියේ මාධ්‍ය ලෙසට තමයි රුධිරය ක්‍රියාකරන්නේ.
#දේහයේ එක් ස්ථානය සිට තවත් ස්ථානයකට ශ්වසන වායු,ග්ලූකෝස් ,ඇමයිනෝ අම්ලය,බහිස්ස්‍රවී ද්‍රව්‍ය වැනි ද්‍රව්‍ය රැධිර ය ඔස්සේ ගමන් කරවීමක් සිදුවීම තමයි මේ පරිවහන ය ලෙසට හදුන්වන්නේ.
#ඒ ක්‍රියාවලිය සිදුවෙන ආකාරය පැහැදිලි කරන්න අපි උදාහරණයක් ගනිමු****************
#එක ලග ආසන්න නගර දෙයක් තියෙනවා .A හා B කියලා මේ නගර දෙක.නිමල් A නගරයේ තියෙන කඩෙන් B නගරයේ තියෙන තමන්ගේ ගෙදර ට පොල් ගෙඩියක් ගෙනියනවා,කියලා හිතන්න .එතන දී සිදුවෙන්නේ මේ පරිවහනය කියන සංසිද්ධිය.
අපි රුධිරයට සමාන කරන්නේ නිමල් ,ඔහු ගෙනියන පොල් ගෙඩියට සමාන කරන්නේ පරිවහනය වන ද්‍රව්‍ය ,නගර දෙක කියන්නේ මානව දේහයේ ඇති කිසියම් හෝ ස්ථාන දෙකක් .
#මේකෙදී,පරිවහන ය වන ද්‍රව්‍ය ශ්වසන වායු නම් ,එක් ස්ථානයක් පෙණහලු සහ අනෙක් කෙලවර ඕනෑම සෛලයක් වෙනවා.
ඒක තව ටිකක් පැහැදිලි කළොත් ,樂樂
#අපේ අතේ තියෙන කංකාල පේශියේ සෛල වලට ශ්වසන වායු වන O2 (Oxygen) අවශ්‍ය වෙනවා .රුධිරය කරන්නේ පෙනහලු වලට වැඩිපුර තියෙන Oxygen අරගෙන අර පේශි සෛල වලට පරිවහනය සිදුකිරීම,ඒවගේම ඒ පේශි සෛල වල සිදුවෙනවා සෛලීය ශ්වසනය කියලා ක්‍රියාවලියක්,ඒකෙන් වැඩිපුර හැදෙන Co2 (Carbondioxide)සෛල වල ඉදලා පෙනහලු වෙතට ගෙන එන්නෙත් රුධිරයමයි.
#රුධිරය තරලමය ස්වාභාවයක් ගන්නවා.රුධිරයේ විවිධ සංඝටක අඩංගු වෙනවා .එහි බහුලව අඩංගු සංඝටකය තමයි ජලය .
රුධිරයේ අන්තර්ගතය ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරනවා.
• රුධිර සෛල
• රුධිර ප්ලාස්මාව
මේ රුධිර සෛල ප්‍රධාන කොටස් තුනයි.
• රක්තාණු / රතුරුධිරාණු
• ශේවේතාණු/ සුදු රුධිරාණු
• රුධිර පට්ටිකා
සාමාන්‍ය ජීවිතයේ දී අපි වැදගත් කොට සලකන්නේ මේ රුධිර සෛල.ඒකෙනුත් "ලේ" කියලා බොහෝ දුරට හදුන්වන්නේ රුධිර සෛවල පවතින රක්තාණු හෙවත් රතු රුධිරාණු .
දෙවෙනි ලිපියෙන් (#2) නැවත හමුවෙමු .................
D.H.S.L
==================//

දෙවෙනි දිගහැරුම (#2)

=========================
#මෙම ලිපිය මගින් රුධිර සෛල පිළිබඳව සමස්ත තොරතුරු සාමාන්‍ය පුද්ගලයෙකුට ප්‍රමාණවත් වන අයුරින් විස්තර කරයි.
පළමු දිගහැරුම (#1) කියවීම මෙම ලිපිය තේරුම් ගැනීමට පහසුවක් වන බව සලකන්න.

https://m.facebook.com/story.php?story_fbid=560089174409956&id=547262199025987
#රුධිර සෛල වල බහුලව අඩංගු වන්නේ රක්තාණු /රතුරුධිරාණු වේ.ඒවා ද්වී අවතල,මඩලාකාර හැඩයකින් යුක්ත වේ.
(පළමු රූප සටහන තුළ එය නිරූපණය වේ.)
#රක්තාණු වල ප්‍රධාන කාර්ය වන්නේ ,ශ්වසන වායු/O2 ,Co2 පරිවහනය කිරීමයි.නමුත් ,රක්තාණු වලට අමතරව Co2 පරිවහනය කරන තවත් ආකාරද පවතී .රක්තාණු වල මෙම ශ්වසන වායු පරිවහනය සදහා දායක වන "හීමොග්ලොබින්" නම් සංඝටයක් පවතී.මෙය සෑදී ඇත්තේ හීම් සංඝටකය සහ ග්ලොබින් නම් ප්‍රෝටීනය මගිනි.
#O2 මුලින්ම පෙනහලු අසලදී හීමොග්ලොබින් සමග සම්බන්ධ වී ඔක්සිහීමොග්ලොබින් බවට පත්වී O2 අවශ්‍ය සෛල වෙතට ගොස් O2 එම සෛල වෙතට ලබාදී නැවතත් හීමොග්ලොබින් බවට පත්වේ .මෙය ප්‍රත්‍යාවර්ථී ක්‍රියාවලියකි.
අනෙක් ශ්වසන වායුව වන Co2 රක්තාණු ඔස්සේ පරිවහනය කරන්නේද,මීට සමාන වූ ක්‍රියාවලියකින් වේ.(ඒ ගැන දැනගැනීමට අවශ්‍ය නම් සටහනක් දමන්න ,වෙනත් ලිපියකින් පැහැදිලි කරන්නම්).☝️☝️
#රක්තාණු වල සුවිශේෂී වූ හැඩය පවතින්නේ එහි පෘෂ්ඨ පරිමා අනුපාතය වැඩිකරමින් ශ්වසන වායු පරිවහන ශීඝ්‍රතාවය වැඩි කිරීම සදහා ය.
#රක්තාණු මෙන් ශ්වේතානු/සුදු රුධිරාණු සදහා නිශ්චිත හැඩයක් නොමැත.එහි මූලික කාර්ය වන්නේ ,දේහයට ඇතුළු වන රෝගකාරක වලට එරෙහිව ප්‍රතිදේහ සාදමින් ප්‍රතිශක්තීකරණ පද්ධතිය නියමාකාරයෙන් පවත්වා ගැනීමයි.ශ්වේතානු වර්ග කිහිපයක් පවතී .
落落落නියුට්‍රොෆිල,බේසොෆිල,ඉයොසොනොෆිල,වසාසෛල හා මොනොසෛට ඒවා වේ.
#රුධිර පට්ටිකා රුධිර සෛල වලින් කුඩාම සෛල වර්ගය වේ.රුධිර වහනයක දී(තුවාල වී රුධිරය පිටතට ගලායාම) රුධිර කැටිය සෑදීමට අදාළව මේවා ක්‍රියාකරයි.
එනම් ,ශරීරයේ කිසියම් තැනක් තුවාල වී ඉන් ලේ ගැලීමකදී එම ලේ ගැලීම නතර වීම බොහෝ දුරට ඉඹේටම මෙන් සිදුවන හේතුව කුමක්දැයි ඔබ සිතා බැලුවාද?樂樂樂樂
#එයට දායක වන්නේ රුධිර පට්ටිකා වේ.තුවාලය සිදුවූ ස්ථානයේ මේ රුධිර පට්ටිකා ගැටීම නිසා ඒවා කැඩී යාමේ ප්‍රතිඵලයක් ලෙසට රුධිර ප්ලාස්මාවේ තවත් සංඝටක ද මෙයට එකතු වී තුවාලය ඇතිවූ ස්ථානයේ රුධිර කැටියක් සාදයි.එම කැටිය නිසා තවදුරටත් බාහිරට රුධිර වහනයක් සිදුනොවේ.
මෙය එක්තරා ආකාරයකට මානව දේහයේ අපූර්වතම සංසිද්ධියක් වේ.මෙසේ බාහිරින් ඇතිවන තුවාලයක දී අප නොදැනුවත්වම රුධිර කැටිය සෑදී රුධිර වහනය වීම නතර වීමක් සිදු නොවුනානම්,බොහෝ දෙනෙකු මිය යන්නේ මෙවැනි කුඩා තුවාල වලිනි.
එසේනම් ,ලිපිය කියවන ඔබ මෙන්ම මට ත් මෙතරම් කාළයක් ජීවත් විමට නොහැකි වනු ඇත.
================================////
තෙවැනි ලිපියෙන් (#3) නැවත හමුවෙමු.........
D.H.S.L

පෙරවදන

=====================

"මා වැනි බිළින්දා
මරුවා යයිද කැන්දා
අනේ ඒ හින්දා
දෙන්න ලේ බිදු මාම නැන්දා"

#ඔබ මගතොට යන විට මේ කවිය සහ කුඩා බිළිදෙකුගේ රුව අඩංගු (ලිපියේ අවසාන Photo එක බලන්න ) පෝස්ටර් ජීවිත කාළය පුරාවටම එකක් හෝ දැක ඇතැයි මා සිතමි.

නමුත් ,බොහෝ දෙනෙකු එවැනි පෝස්ටර් දැක ඇතත් ඒවා කියවා එහි ඇති අර්ථය තේරුම් ගන්නේ බොහෝ අතළොස්සකි.ඒ සුළු පිරිසකගේ හෝ තේරුම් ගැනීම නිසා බොහෝ දෙනෙකුගේ ජීවිත මේ වනවිට ආරක්ෂා වී ඇත .
.............................
#බොහෝ දෙනෙකුට ලේ වලින් අඩුවක් නැත.ඒත් විවිධ සිදුවීම් නිසා ලේ වල අවශ්‍යතාවය පවතින බොහෝ පිරිසක් ඔබගේ උපකාරය ඉල්ලමින් සිටී.

ඔබ ලබා දෙන ලේ මගින් කොහේ හෝ තැනක අසරණ වූ තවත් එක් අම්මා කෙනෙකු,තාත්තා  කෙනෙකු ,සහෝදර සහෝදරියක් හෝ තවත් අහිංසක පුංචි එකෙකු මරණයෙන් බේරීමට උදව් වෙනු ඇත.එමෙන්ම ,කවදා හෝ දිනක ඔබට ද මෙසේ කෙනෙකුගේ උදව්වක් අවශ්‍ය වනු ඇත.
****************************************😊😊😊

#අප "දිනපොත " බ්ලොක් අඩවිය මෙවැනි "රුධිර පාරවිලයනය" (ලේ දන්දීම) පිළිබඳව ලිපි පෙළක් ඉදිරිපත් කිරීමට තීරණය කරන්නේද,අප පිටුවේ මූලික අරමුණ වූ "හෘදසාක්ෂිය යහපත් කිරීම" සාක්ෂාත් කිරීමට ය.

මෙම සම්පූර්ණ ලිපි පෙළ මගින් රුධිරය හා එය පාරවිලයනය(ලේ දන්දීම) පිළිබඳව ඔබව දැනුවත් කරනු ඇත .

ලිපි පෙළ ඕනෑම වයසක,ඕනෑම වෘත්තියක නියැලී සිටින පුද්ගලයෙකුට කියවා තේරුම් ගත හැකි ආකාරයට සකස් කර ඇත .එම හේතුව නිසා බොහෝ බරසාර ගැඹුරු විද්‍යාත්මක කරැණු අන්තර්ගත නොවන අතර හැකි සෑම විටම,රුධිර පාරවිලනය(ලේ දන්දීම) සෑම දෙනා අතරම ප්‍රචලිත කිරීම මගින් ගිලන් වූ ජීවිත වලට ජීවය ලබා සදහා ඔබ උනන්දු කිරීම අප "දිනපොත" බ්ලොක් අඩවියේ අරමුණ යි.
=================

#එය ඔබට මෙන්ම අපටද අව්‍යාජ සතුටකි...
🙂🙂🙂🙂🙂
..................................................
#ලිපි සම්බන්ධයෙන් ඔබට ඇති වන ඕනෑම ගැටළුවක් Comment කිරීමෙන් විමසිය හැකි වන අතර පිළිතුරු ලිපි පෙළේ රචකයා වන D.H.S.L ඔබට ලබාදීමට සූදානම්‍ ය.
**************
පළමු ලිපියෙන් හමුවෙමු.
(හෘදසාක්ෂිය සතුටින් තබන්නට.......)💖💖

D.H.S.L

පෙරවදන

********************
"දිනපොත" යනු භෞතික සංරචකයක් වුවත් , එය සමහරුන්ගේ ආධ්‍යාත්මීය ගැලපුමකි.හෘදසාක්ෂිය නිරූපණය වන්නේ මෙම "දිනපොත" මගින් වේ.

"දිනපොත" බ්ලොක් අඩවියේ ලියුම්කරු වන මා විසින් මාගේ හෘදසාක්ෂිය මෙය තුළ සටහන් කර තබන්නෙමු.

එම සටහන් සමාජීය ,ආගමික ,විද්‍යාත්මක ,න්‍යායාත්මක ලෙසට විවිධ විෂය පරාසයන්ගෙන් යුක්ත විය හැක .කාලීන සිදුවීම් අනුව එම මාතෘකාවන් ද යාවත්කාලීන කරනු ලැබේ.

අප බ්ලොක් අඩවියේ එකම අරමුණ වනුයේ , මෙය තුළ සටහන් කරන මාගේ හෘදසාක්ෂිය මගින් මෙහි පාඨකයින් වන ඔබගේ හදවත මෙන්ම බුද්ධියද ඉහළ තලයකට එසවීමයි.

===========================

"සෑමදාම ජීවත් වන්න ,
තම හෘදසාක්ෂිය සතුටින් තැබිය හැකි ආකාරයට "

***********************************

"දිනපොත" පෙරවදන

පෙරවදන

******************** "දිනපොත" යනු භෞතික සංරචකයක් වුවත් , එය සමහරුන්ගේ ආධ්‍යාත්මීය ගැලපුමකි.හෘදසාක්ෂිය නිරූපණය වන්නේ මෙම "දින...