Wednesday 5 September 2018

දුම්රිය මොහොතක් නතරවුනේ (වැඩවර්ජන සහ අප එය දකින දෘෂ්ටි කෝණය)


================================

#මාතෘකාව පැරණි වුවත් ,වැඩවර්ජන දෙස සමාජය බලන දුෂ්ටි කෝණය ඒකපාර්ශ්වික හා මමත්වයෙන් යුතු නිසා ඒ පිළිබඳව ලිපියක් ලියන්නට අදහස් කළෙමි .👍👍👏👏

#මෙහිදී සමාජය ලෙසට අර්ථදක්වන්නේ ,වර්ජන මගින් අසරණ තත්වයට පත්වෙන ඔබ සහ මම මෙන් පොදු ජනතාව පමණක් නොව එයට වැඩවර්ජකයන් මෙන්ම පාලකයන්ද අයත් වේ.✊✊✊

දුෂ්ටිකෝණයේ ඒකපාර්ශ්වික බව හා මමත්වවය යනු,මම ය මාගේ ය ලෙසට තමා පමණක් ඉලක්ක කර ගනිමින් තම හිතසුව පිණිස වැඩ කිරීමයි.සමාජයේ වෙසෙන සියළුම දෙනාම පෘතග්ජන පුද්ගලයින් වේ.එමනිසා ඔවුන්ට තිබෙන මමත්වය ගැන අපට කිසිදු ගැටළුවක් නැත,නමුත් එය අවම කිරීමෙන් ඇති වන යහපත පිළිබඳව මෙම ලිපියෙන් කිවහැක.

#මෙය පැහැදිලි කල හැකි හොදම උදාහරණය නම් මෑතකදී පැවති දුම්රිය වර්ජනය වේ.එයට හේතුව නම් ,මෑතකදී පැවති වර්ජන වලින් සියළුම පාර්ශවයන් අපහසුතාවයකට පත්වෙන වර්ජනයක් ලෙසට මා දැක ඇති තීරණාත්මක වර්ජනය එයයි.👏👏👏

බලන්න ,වෛද්‍ය වර්ජනයකදී,බස් වර්ජනයකදී වැනි අවස්ථා වලදී අපහසුතාවයකට පත්වෙන්නේ ජනතාව සහ පාලකයින් පමණක් වේ,නමුත් මෙම වර්ජනයේදී වර්ජකයින් ද අපහසුතාවයකට පත්වීම සුවිශේෂි සිදුවීමකි.

මුලින් කියූ ආකාරයට ඕනෑම පුද්ගලයෙක් ඕනෑම සිදුවීමක් ගැන සිතන්නේ තමන්ගේ පාර්ශ්වයේ සිටගෙනය.

• මහජනතාව සිතන්නේ ඔවුන්ගේ පැත්තෙන්‍ පමණි .ඔවුන්ට අවශ්‍ය කෙසේ හෝ තමන්ගේ නිවෙස් කරා රාත්‍රියට පෙර යාමට හා විඩාබර දිනයට විවේකයක් ලබාගැනීමටය.නමුත් ,මේ වර්ජකයෝ කියන්නේ මොනවද ,ඇයි මේ වර්ජනය කරන්නේ, කියලා සිතන්නේ නැත .දේශපාලකයින් මේ ඉල්ලන ඉල්ලීම් නොදෙන්නේ ඇයි දැයි කියා මහජනතාව සිතන්නේ නැත .🤘🤘🤘👏👏

ජනතාවගේ ඒකපාර්ශ්වික දෘෂ්ටිය නිසා සාමූහිකව සියල්ලම ගැන නොසිතන නිසා වර්ජනය ට පිලිතුරු ලැබෙන්නේ නැත .වර්ජකයන් පීඩාවට පත්කීරීම මගින් වර්ජනය තීව්‍රර වීම පමණක් සිදුවේ.

• රියදුරන් සිතන්නේ ඔවුන්ට අවශ්‍ය පඩි වැඩිකර ගැනීම්,සේවයේ ස්ථීර වීම්,රැකියාවේ තත්වය රැක ගැනීම් පමණක් වේ.ඔවුන් ජනතාව ට සිදුවෙන අපහසුතා,රටේ මුදල් පාලනය සම්බන්ධයෙන් රටේ පාලකයන්ට තිබෙන අපහසුතා,විවිධ තනතුරු වලට විවිධ  වැටුප් තල පවත්වාගැනීමේ අවශ්‍යතාව ඔවුන් නොසලකයි.✋✋✋✋

මේ ආකාරයට රියදුරන් ද ඒකපාර්ශ්වික ලෙසට සමස්ත සමාජය ගැන නොසලකයි.ඉන් වන්නේ මහජනයා මෙන්ම පාලකයින් ද තවත් කෲර වීමයි.

• මේ ගැටළුවේදී දේශපාලකයන් සිතන්නේ කෙසේ හෝ ගැටළුව මගහැරීමටයි.මෙවැනි ගැටළු විසදීම පසෙක ලා ඔවුන්ගේ පඩි වැඩිකර ගනී,වරප්‍රසාද වැඩිකර ගනී,කොමිස් වැඩිපුර හම්බකර ගනී.ඔවුන් මහජනතාවගේ අවශ්‍යතා,ජීවනවියදම,වර්ජකයන්ගේ වේතන සම්බන්ධ ගැටළු ගැන නොසොයයි.

එලෙස සැලකූ විට ඔවුන්ද තම න්‍යාය පත්‍රයක් අනුව වැඩකටයුතු කරයි.

ඒ නිසා
සාමාන්‍ය ජීවිතයේදී ඕනෑම සමාජීය.ආර්ථිකමය,දේශපාලනයික ගැටළුවකදී අප ඇගිල්ල දික්කර චූදිතයා බවට පත්කරන්නේ දේශපාලකයින්‍ ය.

#නමුත් ඕනෑම ගැටළුවක් සදහා ඒකපාර්ශ්වික ආකාරයට සැලකූවිට ඇත්තේ එක් වැරදිකරුවෙක් පමණක් වුවත් සමූහයම වැරදිකරැවන් බව මතක තබා ගත යුතුය .
ලංකාව තුළ ඇතිවූ බොහෝ ගැටළු වලට හේතුව වන්නේ සාමුහිකත්වයෙන් තොරව මමත්වයෙන් යුතුව කටයුතු කිරීමයි.සාමූහිකත්වයෙන් යුතුව තම දෘෂ්ටිය නොව අන් අයගේ දෘෂ්ටියෙන් ගැටළුව දෙස බැලූ විට බොහෝ වර්ජන ,යුද්ධ ,ගැටළු වලට පිලිතුරු පවතී .

##නමුත් ,දැන් කාලය නම් අශ්වයා අපගේ ජීවිතය නම් ඉස්තාලය පරයා පැනගොස් ඇත.ඉස්තාලය වැසීමෙන් දැන් ඵලක් නැත .සමාජයේ බරපැන දැරිය හැකි වයස් වල ඉන්නා පුද්ගලයන්ට මෙම පරාර්ථකාමී,සාමූහික ,මමත්වයෙන් තොරවූ චින්තනය පුරුදු වීම අපහසු වේ. අපි මායිමකට කොටුවී පවතී.මායිම ඉක්මවීම අපිට කළ නොහැකි වන්නේ අප වටා සිටින අයද මෙම මායිමේම නිසාය.✊✊✊

#ඇතෙකු වුවත් හෙණ්ඩුව ට පුරුදු කළ යුත්තේ කුඩා පැටියා කාළයේදීමය.ඒ ආකාරයටම මෙම චර්‍යාවන් ඕනෑම කෙනෙකුට පුරුදු කල යුත්තේ කුඩා කාලයේ සිටමය.අද දින සිටවත් ඒ කාර්‍ය අපි හෝඩියේ සිටම අපේ අනාගත පරම්පරාව ට ඉගැන්වීමට  පටන්ගතහොත් සැබෑ සංවර්ධනය අද සිටම ආරම්භ වනු ඇත.🤘🤘🤘

****************************
යට ගිය සිදුවීම් අතීතයේ වේ.වර්තමානය නිවැරදි කරගතහොත් අනාගතයේදී  වෙන්නට ඇති සිදුවීම් යහපත් වනු ඇත ...........................
✊✊✊💪💪💪

(රූපය "අද"පුවත්පත........අවන්ත ආටිගල .)

D.H.S.L

"දිනපොත" පෙරවදන

පෙරවදන

******************** "දිනපොත" යනු භෞතික සංරචකයක් වුවත් , එය සමහරුන්ගේ ආධ්‍යාත්මීය ගැලපුමකි.හෘදසාක්ෂිය නිරූපණය වන්නේ මෙම "දින...