දෙවෙනි ලිපිය (#2) අවසාන කරනු ලැබුවේ මධ්‍ය වාහිනීමත් ස්ථරයේ එක් එක් කොටස් පිළිබඳව සාකච්ඡා කිරීමෙනි.
ප්‍රධාන කොටස් එසේ දැක්විය හැකි අතර ඒවාට අමතරව කණිනිකාව , තාරාමණ්ඩලය වැනි අනුකොටස් පවතී .
රුධිර ග්‍රාහය මගින් ඇසට අවශ්‍ය පෝෂණය සපයයි .ඇසහි රුධිර වාහිනී සපයනු ලබන්නේ රුධිර ග්‍රාහය මගින් වේ.
අක්ෂි කාචය මගින් ආලෝකය දෘෂ්ටි විතානයේ මධ්‍යකූපය තුළට නාභිගත කිරීම සිදුකරයි.එහිදී ආලෝක වර්තනයක් සිදුකරයි.අක්ෂි කාචය යනු,ද්වී උත්තල කාචයක් වේ.මෙය ප්‍රත්‍යාස්ථ බවකින් යුක්තවේ.
ප්‍රතියෝජක දේහයට සම්බන්ධ වූ ප්‍රතියෝජක් පේශි අක්ෂි කාචය සමග දෙකෙලවරින් සම්බන්ධ වී කාචයේ ආලෝකය මධ්‍යකූපයට නාභිගත විය හැකි පරිදි කාචයේ හැඩය වෙනස් කරයි.
මධ්‍ය වාහිනීමත් ස්ථරයේ පූර්වයෙන් තාරාමණ්ඩලය හා කණිනිකාව පවතී.මේ දෙකම එකතු වී කාර්‍ය් සිදුකරනු ලබයි.ඇසට ඇතුළු වන ආලෝක ප්‍රමාණය පාලනය කිරීම සදහා තාරාමණ්ඩලය මගින් කණිනිකාවේ ප්‍රමාණය පාලනය කරයි.
එනම් ,වැඩි ආලෝක ප්‍රමාණයක් ඇසට පැමිණි පසු තාරාමණ්ඩලය මගින් කණිනිකාවේ ප්‍රමාණය කුඩා කිරීම හා අඩු ආලෝක ප්‍රමාණයක් ඇසට පැමිණි පසු තාරාමණ්ඩලය මගින් කණිනිකාවේ ප්‍රමාණය විශාල කිරීම සිදුකරයි.
ඒ පිළිබඳව සාමාන්‍ය ජීවිතයේ ඇති උදාහරණයක් සලකා බලමු .
දහවල් කාලයේ දැඩි අව්වක් ඇති වේලාවක ඔබ එළිමහනේ ටික වේලාවක් ගතකර නැවතත් තරමක අඩු ආලෝකයක් පවතින නිවස තුළට ඇතුළු වන්න .
එවැනි අවස්ථාවකදී ඇස හා එමගින් බාහිර පරිසරය කෙසේ ඔබට දර්ශණය වේද ?
ඔබ එවැනි අපහසුතාවයන්ට ලක්වන්නේ ඇසේ පවතින මෙම තාරාමණ්ඩලය හා කණිනිකාවේ ක්‍රියාකාරීත්වය නිසාය.
ඔබ එලිමහනේ සිටින විටදී වැඩි ආලෝක ප්‍රමාණයක් ඇස තුලට ඇතුළු වන නිසා එය පාලනය කිරීම සදහා තාරාමණ්ඩලය මගින් කණිනිකාවේ ප්‍රමාණය පාලනය කර එහි විවරය කුඩා කරයි.දැන් ඔබ එලිමහනක සිට මද ආලෝකයක් පවතින නිවස තුලට ඇතුළු වේ.
එහිදී,මද ආලෝකය නිවස තුළ පැවතුනත් තවමත් ඇසේ කණිනිකාවේ විවරය කුඩා වී පවතී.ටික වේලාවකට පසුව නැවතත් පරිසරයේ පවතින ආලෝක ප්‍රමාණයට ගැලපෙන අයුරින් තාරාමණ්ඩලය මගින් කණිනිකාව සකසයි.ඒ ක්‍රියාවලිය සදහා සුළු කාලයක් වැයවේ,ඒ කාලය අතරතුරදී ඔබ අන්ධ චරිතයකට පණ පොවයි.
තාරාමණ්ඩලය සෑදී පවතින්නේ ද "සිනිදු පේශි" මගින් වේ.එනම් ,කණිනිකාවේ විවරයේ ප්‍රමාණය අපට අවශ්‍ය පරිදි පාලනය කළ නොහැක.
අක්ෂි කාචය හා දෘෂ්ටි විතානය අතර පවතින අපර කුටීරයේ "කාච රසය" පවතී.මෙම කාච රසය මගින් අක්ෂි කාචය ඔස්සේ ඇස තුළින් ගමන් කරන ආලෝක කිරණ දෘෂ්ටි විතානයේ මධ්‍යකූපය දෙසට නැඹුරු කිරීමක් සිදුකරයි.මෙම "කාච රසය" කිසියම් දෘෂ්ඝ්‍රාවීතාවයක් ඇති තරලයක් වේ.
අභ්‍යන්තර ස්නායුක ස්ථරය ඇසහි පවතින තෙවන ස්ථරය වේ.මෙහි පවතින කොටස් පහත පරිදි වේ
1. දෘෂ්ටිවිතානය
2. අන්ධ බිංදුව
3. මධ්‍ය කූපය / කහ ලපය
4. දෘෂ්ටික ස්නායුව
දෘෂ්ටිවිතානය ප්‍රධාන ස්ථර තුනකින් යුක්ත වේ.
• අපිච්චද සෛල ස්ථරය
• ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල ස්ථරය
• ද්වීධ්‍රැව නියුරෝන සෛල ස්ථරය
අන්ධ බිංදුව,මධ්‍යකූපය ආදිය පවතින්නේ ද මෙම දෘෂ්ටිවිතානය මතම වේ.
අන්ධ බිංදුව දෘෂ්ටිවිතානයේ පැවතුනත් එය මත ආලෝකය මගින් ප්‍රතිබිම්බයක් ඇති නොකරයි.ආලෝකය මගින් ප්‍රතිබිම්බයක් දෘෂ්ටිවිතානයේ ඇතිකරන එකම ස්ථානය වන්නේ මධ්‍යකූපය යි.
ආලෝකය කාචයෙන් ඇතුළු වී මධ්‍යකූපය තුළ ප්‍රතිබිම්බය ඇතිකරන ආකාරය රූප සටහනේ පවතී.දෘෂ්ටික ස්නායුව ඇතිකරන අක්ෂි වෘන්තයේ ආරම්භයේ පවතින අන්ධ බිංදුව මත ප්‍රතිබිම්බය ඇති නොකරන ආකාරය එහිදී නිරීක්ෂණය කරන්න
අපිච්චද සෛල ස්ථරයේ පවතින සෛල මගින් ඇස තුළට ඇතුළු වන ආලෝකය අවශෝෂණය කිරීමක් සිදුකරයි.
රාත්‍රී කාළයේදී විශේෂයෙන්ම බල්ලන් ,බළලුන් වැනි සතුන්ගේ ඇස් තුළ විශේෂ දිලිසීමක් දක්නට ලැබෙන්නේත් මිනිසාගේ එසේ නොවන්නේත් ඉහත කී අපිච්චද සෛල ස්ථරය එවැනි සමහර සතුන්ගේ නොපැවතීම හා මිනිසාගේ එය පැවතීම නිසාය.
බල්ලන්,බලලුන් වැනි සතුන්ගේ මෙම අපිච්චද සෛල ස්ථරය නොමැති වීම නිසා ඇස තුලට ඇතුළු වන ආලෝකය නැවතත් පරාවර්තනය වීම නිසා මෙලෙස ඇස් දිලිසීමකට ලක්වේ.
සිවුවැනි ලිපියෙන්(#4) නැවත හමුවෙමු.................
D.H.S.L
======================
Facebook ඔස්සේ " දිනපොත - Dairy " පිටුවට මෙතනින් ඇතුළු වී නව ලිපි පරිශීලනය කරන්න .