අක්ෂි ආබාධයක් වූ වපරය ඇතිවීමට බලපාන හේතු වල මුල් කරුණු හත්වෙනි ලිපියේ (#7) ඇති අතර එහි ඉතිරි වූ කරුණු මුලින්ම සාකච්ඡා කරමු.
• මොළයේ අක්ෂි චාලක ස්නායු මගින් ඇසේ චලනය පාලනය කරන ප්‍රදේශයේ කිසියම් රෝගී තත්වයක් නිසා අකර්මණ්‍ය වීම.
සමහර අවස්ථා වලදී මොළයේ පිළිකා තත්වයන් මෙයට හේතු විය හැක .
බොහෝ අවස්ථා වලදී ඇසේ වපර තත්වයන් සදහා ප්‍රතිකාර ක්‍රම පවතී.එවැනි ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සලකා බලමු .
• ඉපදීමත් සමග කුඩා දරුවන්ගේ ඇතිවන ඇසේ සුද තත්වයන් සදහා ඉක්මනින්ම ශල්‍යකර්මයන් මගින් ප්‍රතිකාර කිරීම නිසා දරුවා වැඩිහිටි වන විට ඇතිවන ඇසේ වපර තත්වයන්ගෙන් මුදාගැනීමට හැකිවීම.
✥✥✥✥✥✥✥✥✥✥✥✥
ග්ලූකෝමාව යනු තවත් එක්තරා අක්ෂි ගැටළුවක් වේ."ඇස් අන්ධ කරන නිහඬ මාරයා" ලෙසට මෙම ග්ලූකෝමා රෝගය හදුන්වයි.එතරම් බිහිසුනුභාවයක් මෙම රෝගය සතුව පවතී .
බටහිර වෛද්‍ය විද්‍යාවේදී "ග්ලූකෝමාව" ලෙසට හදුන්වන මෙම රෝගය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී "නීලකාච" රෝගය ලෙසට හදුන්වයි.
ග්ලූකෝමාව යනු,නිට්ටාවටම සුව කල නොහැකි රෝගයක් වේ.එම රෝගය කිසියම් පාලනය කිරීමක් පමණක් කලහැකිය.ඒ සදහා වෛද්‍ය නිර්දේශය මත ලබාදෙන්නාවූ ඇසට දමන ඖෂධ නියමිත මාත්‍රවෙන් ,නියමිත වේලාවට ඇසට දැමිය යුතුය .රෝගයේ මූලික අවස්ථාවේදීම එය හදුනාගැනීම මත අන්ධභාවයට පත්වීම වලක්වාගත හැකි අතර එහිදී ද නිට්ටාවට සුවකිරීමක් සිදුකල නොහැකිය.
ග්ලූකෝමා රෝගයට හේතුවන්නේ,ඇසේ පවතින දෘෂ්ටික ස්නායුවට හානිවීමයි.ඇසේ පවතින අධික පීඩනය නිසා මෙලෙස දෘෂ්ටික ස්නායුව හානිවීම සිදුවේ.මෙහිදී ඇසේ පීඩනය යනු,රුධිර පීඩනය නොවේ.
ඇසේ පවතින දෙවන ස්ථරය හෙවත් රුධිර ග්‍රාහය මගින් අනෙකුත් ස්ථර වලට හා සමස්ත ඇසට අවශ්‍ය ශ්වසන වායු,පෝෂක ආදිය ලබාදීම සිදුවේ.මෙවැනි ද්‍රව්‍ය ලබාදීම සිදුවන්නේ,රුධිර ග්‍රාහය මගින් ඝ්‍රාවය කරන තරලයක් මගිනි.කිසියම් හෝ හේතූන් මත මෙම තරලය රුධිර ග්‍රාහය මගින් වැඩියෙන් ඝ්‍රාවය වීම හෝ ඝ්‍රාවය වන තරලය රුධිර ග්‍රාහයෙන් ඉවත් වීම ප්‍රමාද වේ.මෙම ප්‍රමාදය නිසා සමහර අවස්ථා වලිදී මෙම තරලය ඇසේ කාච රසය තුළටද කාන්දුවීමක් සිදුවේ .එහිදී කාච රසයේ දුස්ස්‍රාවීතාවය වෙනස් වීමක්ද සිදුවේ.
පහත රූප සටහනේ පලමු කොටස මගින් නීරෝගී ඇසක් නිරූපණය වන අතර ,දෙවන කොටස මගින් දක්වනු ලබන්නේ ඇසේ රුධිර ග්‍රාහය මගින් ඇති කරනු ලබන පීඩනය ඇසේ දෘෂ්ටිවිතානය මත ඇතිකරනු ලබන ආකාරයයි.
මේ හේතූන් නිසා රුධිර ග්‍රාහය තුළ පීඩනය ඉහල යයි.මේ පීඩනය නිසා තවත් ඇතුළු දෙසට රුධිර ග්‍රාහය තෙරපීමට ලක්වේ.එමනිසා ,ඇසේ තුන්වන ස්ථරය වූ දෘෂ්ටික ස්නායුක ස්ථරයද තෙරපීමකට ලක්වේ.එහිදී ,එම ස්ථරයේ පවතින දෘෂ්ටික සංවේදක සෛලයන් වන කේතු සෛල සහ යෂ්ටි සෛල ද තෙරපීමකට ලක්වීම නිසා ඒවා ක්‍රමක්‍රමයෙන් විනාශ වී යයි.ඊට අමතරව එම ස්ථරයේ පවතින ද්වීධ්‍රැව නියුරෝන සෛලයන්ද මෙසේ තෙරපීම නිසා ක්‍රමක්‍රමයෙන් විනාශ වී යයි.
මෙසේ වීම නිසා දෘෂ්ටිවිතානය මත ප්‍රතිබිම්බය ඇති වුවත් ,එය දෘෂ්ටික ස්නායුව ඔස්සේ මොළයේ අදාල ප්‍රදේශය මතට ගෙනයාම අවහිර වේ.එමෙන්ම කාච රසයේ දුස්ස්‍රාවීතාවය වෙනස් වීම නිසා වස්තුවෙන් පැමිණෙන ආලෝකයේ නිසි වර්තනයක් ඇතිනොවේ.
මෙම ග්ලූකෝමා රෝගය අවස්ථා දෙකක් ලෙසට පවතී .
සාමාන්‍යයෙන් මෙම Open angle හෝ Closed angle යන ග්ලූකෝමා රෝගී තත්වයන් සාමාන්‍යයෙන් මතුවෙන්නේ වයස අවුරුදු 40 ඉක්මවූ පසුව වේ.එමනිසා අවමය ලෙසට අවුරුද්දකට වතාවක් හෝ අක්ෂි පරීක්ෂාවක් කරගැනීම සුදුසු වේ.Open angle අවස්ථාවේදී මූලික රෝගී ලක්ෂණ රෝගියාට අවම ලෙසට දැනීමක් සිදුවීම එහි ඇති භයානකම තත්වයයි.
ඉහත රූප සටහනේ පලමු කොටස මගින් නීරෝගී ඇසක් මගින් කිසියම් දර්ශණයක් පෙනෙන ආකාරය පෙන්නුම් කරන අතර ,දෙවන කොටස මගින් ග්ලූකෝමා රෝගය සෑදුණු හා තවමත් අන්ධ නොවූ ඇසකට කිසියම් දර්ශණයක් පෙනෙන ආකාරය පෙන්නුම් කරයි.එම අවස්ථා දෙකේ වෙනස්කම් හොදින් හදුනාගන්න.ඔබටත් දැනටම ග්ලූකෝමා රෝගය සෑදී ඇත්දැයි මේ ආකාරයට නිගමනය කළ හැකිය .
එහිදී රෝගය ආරම්භයේ සිටම රෝගියා දකින වස්තූන්ගේ දර්ශණ වල දෙපසින් අදුරු වීමක් හෝ නොපෙනීමක් හෝ පවතී.මුල් අවස්ථාවේදී මෙය සුළුවෙන් ආරම්භ වී ක්‍රමක්‍රමයෙන් මෙසේ ඇස දෙපසින් නොපෙනීම හෝ අදුරු වීම වැඩි වීමක් සිදුවේ .එමනිසා රෝගය උත්සන්න වී අන්ධ වීමට ආසන්න වන තෙක්ම රෝගියා බොහෝදුරට මේ පිළිබඳව උනන්දු නොවේ.
Closed angle ග්ලූකෝමා තත්වය සාමාන්‍යයෙන් අවම පුද්ගලයින් ප්‍රමාණයකට සෑදේ.Open angle ග්ලූකෝමා තත්වයට සාපේක්ෂව මෙහිදී රෝගියාට රෝග ලක්ෂණ හදුනාගත හැකි ආකාරයට පෙන්නුම් කරයි.එමනිසා,අන්ධභාවයට පත්වීමට පෙර පහසුවෙන් හදුනාගත හැකිය .
මෙම Closed angle තත්වය ක්ෂණිකව සෑදෙන රෝගී තත්වයක් වේ.එය Open angle රෝගී තත්වය මෙන් දීර්ඝ කාලීන ග්ලූකෝමා තත්වයක් නොවේ.Close angle ග්ලූකෝමා තත්වයේදී ආරම්භයේ සිටම රෝගී ලක්ෂණ හොදින් රෝගියාට දැනීම සිදුවේ.
ඊලඟ ලිපියෙන් නැවත හමුවෙමු................
D.H.S.L
ලිපියේ පහළින් ඇති මෙම ලිපියේ ගුණාත්මකභාවය ප්‍රතිශතයක් (%) වශයෙන් සටහන් කළ හැකි තීරුවේ ඔබේ මනාපය පළකිරීමට කාරුණික වන්න.
Facebook ඔස්සේ " දිනපොත - Dairy " පිටුව සමග ඔබට මෙතනින් එකතුවිය හැකිය.
❋❋❋❋❋❋❋❋❋❋❋❋❋❋