Friday 7 September 2018

පලමු වෙනි දිගහැරුම(#1)

මිනිසා සතුව ප්‍රධාන වශයෙන් ඉන්ද්‍රියයන් පහක(05) පිහිටීමක් පවතී.මෙම ඉන්ද්‍රියයන් සියල්ලම ප්‍රධාන වශයෙන් සම්බන්ධ වන්නේ මානව මධ්‍ය ස්නායු පද්ධතියේ එක් කොටසක් වූ මොළයටයි.

බාහිර පරිසරය මගින් මිනිසා ලබාගන්නා වූ උත්තේජ මෙම ඉන්ද්‍රියයන් පහ මගින් වෙනවෙනම සංවේදනය කරගනිමින් එම සංවේදනයන් ස්නායු ආවේගයක් ලෙසට මොලය වෙතට ගෙනයයි,ඉන්පසුව මොලය මගින් මෙලෙස රැගෙන පැමිණි ස්නායු ආවේගය හදුනාගෙන එය කිසියම් වෙන්කිරීමකට ලක්කර මුල් උත්තේජයට ප්‍රතිචාරයක් ලෙසට තවත් ස්නායු ආවේගයක් දේහයේ පේශීයක්,පටකයක් වැනි කාරකයක් වෙතට යවනු ලැබේ.

ලිපි පෙළේ  පෙරවදන   මෙතනින්  කියවන්න.

ඔය සංසිද්ධිය මෙලෙස උදාහරණයක් මගින් පැහැදිලි කර ගනිමු....................

නිමල් කියන පුද්ගලයා ඉන්නවා පාරේ හිටගෙන.ඈත ඉදලා බල්ලෙක් නිමල් දිහාවට බුර බුර දුවගෙන එනවා නිමල් දකිනවා.මේකෙදී ඉන්ද්‍රියයන් දෙකක් සහභාගී වෙනවා.ඇස සහ කන තමයි ඒ ඉන්ද්‍රියයන් දෙක.උත්තේජය තමයි ,මේ ඉන්ද්‍රියයන් දෙකෙන් නිමල් සංවේදනය හෙවත් ලබාගන්න දේ.එක උත්තේජයක් තමයි බල්ලා බුරනවා කන් වලින් ඇසීම,අනෙක තමයි බල්ලා තමා දෙසට දුවමින් පැමිණීම ඇස් වලින් දැකීම.ඇස් වලින් දකින දේ හා කන් වලින් ඇසෙන දේ ස්නායු ආවේග ඔස්සේ මොළයට ගමන් කරනවා.

මොළය මගින් මේ උත්තේජය තේරුම් ගෙන කරන්න අවශ්‍ය ප්‍රතිචාරය තීරණය කරනවා.මෙම තීරණය තවත් ස්නායු ආවේගයක් ඔස්සේ කාරක වලට ගමන් කරනවා.මොළය තීරණය කලේ බල්ලගෙන් බේරිලා දුවන්න නම් අදාල කාරක වලින් එක් කාරකයක් වෙන්නේ කකුලේ කංකාල පේශී.කකුලේ කංකාල පේශි වලට මොළය මගින් ස්නායු ආවේගය ලැබුනට පස්සේ නිමල් ප්‍රතික්‍රියාව වුනු දිවීම සිදුකරනවා.මේ ප්‍රතික්‍රියා එකිනෙකට වෙනස් වෙන්න පුළුවන් .

(මෙම සංසිද්ධිය මීට වඩා සංකීර්ණ කාරණයක් වුවත් සියළු දෙනාටම තේරුම්ගත හැකි අයුරින් මෙසේ සංශිප්තකර දක්වන ලදී.)

මෙම රූප සටහනේ පවතින්නේ ඇස හා මොළය උත්තේජ හා ප්‍රතිචාර අතර සම්බන්ධතාවය ඇතිකරන ආකාරය වෙනත් උදාහරණයක් මගින් රූපමය ලෙසට පැහැදිලි කිරීමකි.



ඇස යනු ප්‍රකාශ ඉන්ද්‍රියක් වේ.එනම් ,ආලෝකය මගින් වස්තු වල පෙනීම ඇතිකිරීමට දායක වේ.අපි ඇස් දන්දීම යන මාතෘකාව පිළිබඳව සාකච්ඡාවට ලක්කරන්නේ මිනිස් ඇස් පිළිබඳව වේ.නමුත් ,මුලින්ම අපි වෙනත් ජීවී විශේෂ වලට අයත් ප්‍රකාශ ඉන්ද්‍රියයන් පිළිබඳව සලකමු .

මෙහිදී ජීවීන් වර්ගීකරණය පිළිබඳව කරුණු ස්වල්පයක් සලකමු .

ජීවීන් වර්ගීකරණය "තක්සෝන" වලින් සමන්විත වේ."තක්සෝන" සාමාන්‍යයෙන් තේරුම් ගැනීමේ පහසුවට "ජීවීන් වර්ග කර වෙන්කරන කොටස්" ලෙසට හදුනාගත හැකිය .මෙම තක්සෝන අධිරාජධානිය,රාජධානිය,වංශය,වර්ගය, ගෝත්‍රිය,කුළය,ගණය,විශේෂය ලෙසට වෙන්කළ හැකිය .

ප්‍රකාශ ප්‍රතිග්‍රාහක වල බොහෝ විචලනයන් දක්වන්නේ මෙම තක්සෝන ධූරාවලියේ "වංශය" යන තක්සෝනය තුළ වේ.
මෙම වංශය නම් තක්සෝනය ප්‍රධාන කොටස් 08 කි.

1. සීලෙන්ටරේටා
2. ප්ලැතිහෙල්මින්තියේස්
3. නෙමටෝඩා
4. ඇනලීඩා
5. මොලුස්කා
6. ආත්‍රොපෝඩා
7. එකයිනොඩෙමාටා
8. කෝඩේටා

මිනිසා අයත් වන්නේ කෝඩේටා වංශයට වේ.කෝඩේටා යනු,පෘෂ්ඨවංශීන් වේ.පෘෂ්ඨවංශීන් යනු,කොදු ඇට පෙළක් සහිත සතුන් වේ.
කෝඩේටා වංශයේ මැමේලියා වර්ගයට මිනිසා අයත් වේ.මැමේලියා යනු ක්ෂීරපායින් වේ.

ඉහත දැක්වූ වංශය නම් තක්සෝනයේ ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සරලම ආකාරයේ සිට සංකීර්ණ ආකාරය දක්වාම විහිදී පවතී.සරලම ආකාරය "අක්ෂි ලප" වන අතර සංකීර්ණම ආකාරය මිනිසාට පවතින "සංකීර්ණ ඇස්" වේ.

1. සීලෙන්ටරේටා සදහා උදාහරණයක් ලෙසට Jelly fish හා මුහුදු මල යන ජීවීන් ගත හැකිය.මොවුන් සමහරකගේ ප්‍රකාශ ප්‍රතිග්‍රාහක ලෙසට "අක්ෂි ලප" සැලකිය හැකිය .

2. ප්ලැතිහෙල්මින්තියේස් සදහා උදාහරණයක් ලෙසට පැතලි පණුවන් ගතහැකිය.මොවුන්ගේ සමහරකද "අක්ෂි ලප" පැවතීමක් සහිතය.

3. නෙමටෝඩා සදහා උදාහරණයක් ලෙසට කොකු පණුවන්,කිරි පණුවන් ආදිය සැලකිය හැකිය .මොවුන්ට ප්‍රකාශ ප්‍රතිග්‍රාහක පිහිටීමක් නැත.

4. ඇනලීඩා සදහා ඇති හොදම උදාහරණය වන්නේ ගැඩවිලා වේ.මෙම ඇනලීඩාවන්ගේ සමහරෙක්ට "අක්ෂි ලප" මෙන්ම සමහරුන්ට "සරල ඇස්" පිහිටීමක් සහිතය .

5. මොලුස්කා වලට ඇති එක් උදාහරණයක් වන්නේ ගොළුබෙල්ලා වේ."සරල ඇස්" හෝ "අක්ෂි ලප" මොවුන්ට පිහිටයි.මොලුස්කා වංශයට අයත් බූවල්ලා යනු පරිණාමික වශයෙන් දියුණු සතෙකි.එමනිසා ,බූවල්ලා හට මිනිසාට මෙන් "සංකීර්ණ ඇස්" පිහිටයි.

6. ආත්‍රෝපෝඩා වලට උදාහරණයක් ලෙසට ඕනෑම කෘමියෙක් සලකමු."සරල ඇස්" හෝ "සංයුක්ත ඇස්" මොවුන්ට පිහිටයි .

7. එකයිනොඩෙමාට වලට මුහුදු කැකිරි,පසැගිල්ලන් ආදිය උදාහරණ වේ.සමහරුන් පමණක් අක්ෂි ලප පවතී.

8. කෝඩේටාවන් සදහා මිනිසා ,මත්ස්‍යයන් ආදී උදාහරණ පවතී.බොහෝ දුරට මොවුන් "සංකීර්ණ ඇස්" දරයි.

ඉහත දී අප හදුනාගත් ආකාරයට "කෝඩේටා" වංශයේ "මැමේලියා" වර්ගයට අයත් ජීවියෙකු වූ මිනිසාගේ "ඇසේ" ව්‍යුහය ඊලඟ ලිපියෙන් සාකච්ඡා කරමු....................................

D.H.S.L

                                                 
 "දිනපොත - Dairy" පිටුව(Page) සදහා මෙතනින්  එකතු වි සියළුම ලිපි Facebook ඔස්සේ පරිශීලනය කරන්න.


"දිනපොත" පෙරවදන

පෙරවදන

******************** "දිනපොත" යනු භෞතික සංරචකයක් වුවත් , එය සමහරුන්ගේ ආධ්‍යාත්මීය ගැලපුමකි.හෘදසාක්ෂිය නිරූපණය වන්නේ මෙම "දින...