Thursday 30 August 2018

සිවුවැනි දිගහැරුම (#4)

===========================

#ක්ෂීරපායි (මැමේලියා ) වංශයේ* මානව විශේෂය* වන අප සියළුම දෙනාගේම රුධිරය වර්ණයෙන් රතු පැහැති වුවත් රුධිරයේ පවතින විවිධ වෙනස්කම් නිසා කාණ්ඩ කිහිපයක් වශයෙන් මෙම රුධිරය නම් කරයි.

#එනම් ,එක් අයෙකුගේ රුධිරය වගවීමකින් තොරව තවත් කෙනෙකුට පාරවිලයනය* කිරීම මගින් රුධිර ප්‍රතිග්‍රාහකයාගේ රුධිරය ශ්ලේෂණය* වීමකට ලක්වී මරණය ලගාවිය හැකි සංසිද්ධියක් වේ.😭😭

( "*" ලකුණින් ඇති සමහර විද්‍යාත්මක වචන සදහා අර්ථ දැක්වීම් ලිපියේ අවසානයේ පවතී .)

#මෙසේ රුධිරය කාණ්ඩ (වර්ග ,ගණ) වලට වෙන් කළ හැකි රුධිරයේ පවතින ප්‍රධාන වෙනස්කම් දෙකකි .

• රුධිරයේ රක්තාණු වල ප්ලාස්ම පටලයේ ඇති ප්‍රතිදේහ ජනක
• රුධිර ප්ලාස්මයේ ඇති ප්‍රතිදේහ

#රුධිරය මෙසේ ගණ වලට දැක්වීම සදහා ප්‍රධාන ක්‍රම තුනක් පවතී .

• M N ක්‍රමය
• ABO ක්‍රමය
• රීසස් ක්‍රමය

#මෙහි වර්තමානයේදී වඩාත්ම සාර්ථක හා නිවැරදිම ක්‍රමය ලෙසට ABO ක්‍රමය හා රීසස් ක්‍රමය සලකයි.ABO ක්‍රමයේ තවත් ආකාරයක් ලෙසට මෙම රීසස් ක්‍රමය හැදින්විය හැකිය .
(M N ක්‍රමය පිළිබඳව මෙම ලිපිපෙළේදී පැහැදිලි නොකරන අතර ඒ පිළිබඳව දැනගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව සටහනක් යොදන්න.)📚📚✏️✏️✏️

#මුල් කාළයේදී ABO ක්‍රමය භාවිතා කිරීමේදි බොහෝ අවස්ථා වලදී කාර්‍ය සාර්ථක වුවත් සමහර අවස්ථා වලදී රෝගීන්ගේ දෙවන රුධිර පාරවිලයනයකදී එම රුධිරය ශ්ලේෂණය * වීම සහ සමහර කාන්තාවන් ගේ දෙවන වරට ගැබ්ගැනීමකදී කළලය ගබ්සා වීම් වැනි සිදුවීම් ඇතිවීම නිසා පසුකාලීනව Rh ක්‍රමය සොයාගන්නා ලදී.

#රසායනික විද්‍යාඥයකු වූ කාල් ලෑන්ඩ්ස්‌ටයිනර් විසින් 1900 දී මෙම ABO ක්‍රමය හදුන්වාදෙන ලදී.
(ලිපිය අවසානයේදී ඇති රුපය බලන්න.)

#මෙම ක්‍රමයට අනුව ප්‍රධාන රුධිර ගණ හතරකි.එම ප්‍රධාන රුධිර ගණ රීසස් ක්‍රමයට සලකා බැලූ විට රීසස් සාධකයේ පැවැත්ම අනුව ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි.

#රීසස් සාධකය පවතීනම් ධන (+) ලෙසත් ,රීසස් සාධකය නොපවතීනම් ඍන (- ) ලෙසත් ABO රුධිර ගණ හැදින්විය කැකිය.

==============================

(*) ලකුණ යෙදූ පද සදහා අර්ථ දැක්වීම් ÷

• වංශය,විශේෂය =සමස්ත ජීවීන් වෙන්කර හදුනාගැනීම පහසු වීම සදහා ජීවීන් වර්ගීකරණය කරයි.එම වර්ගීකරණයේ ඇති මට්ටම් හෙවත් තක්සෝන දෙකකි .

• රුධිර පාරවිලයනය = අවශ්‍යතාවයකදී රුධිර දායකයාගේ සිට රුධිර ප්‍රතිග්‍රාහකයාට රුධිර ගණ ගැලපීමකින් හා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති විට රුධිරය ලබාදීමයි.

• රුධිර ශ්ලේෂණය = රුධිර ගණ නොගැලපීම හෝ රීසස් සාධකයේ වෙනස් වීමක් නිසා දේහ අභ්‍යන්තර්‍යේදී රුධිරය කැටි ගැසීමයි.

#අවශ්‍ය නම් තුන්වෙනි (#3) ලිපිය මෙතනින් බලන්න.
✉️✉️✉️✉️✉️👇👇
https://m.facebook.com/story.php?story_fbid=561988980886642&id=547262199025987

##########################
පස්වෙනි ලිපියෙන් (#5) නැවත හමුවෙමු ...........
👍👍👍👏👏👏👏

D.H.S.L
***************************

No comments:

Post a Comment

"දිනපොත" පෙරවදන

පෙරවදන

******************** "දිනපොත" යනු භෞතික සංරචකයක් වුවත් , එය සමහරුන්ගේ ආධ්‍යාත්මීය ගැලපුමකි.හෘදසාක්ෂිය නිරූපණය වන්නේ මෙම "දින...