Thursday 6 September 2018

පෙරවදන (#0)

බලලා ඉවර වෙලා මටත් දෙනවද !
මොකක්ද ?..........පොත ද !
නෑ........... ඇස් දෙක ..........


මෙය පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදුවූ සංවාදයකි.මෙම සංවාදයේ එක් කොනක් මෙම ලිපිය කියවන ඔබ නියෝජනය කරන්නේ යයි සිතන්න.
(ලිපිය කියවීමට තරම් වාසනාවන්ත වූ "ඇස් දෙකක් " ඔබට හිමිවී ඇත )
එසේ නම් ,සංවාදයේ අනෙක් කොන නියෝජනය කරනු ලබන්නේ "දෘෂ්‍යාබාධිත පුද්ගලයෙක්" වේ. 

පොතක් කියවූ පසුව අපි එය කෙනෙකුට දීමට නැවතත් දෙවරක් නොසිතයි.ඔබ පාවිච්චියෙන් පසුව, ඔබට ප්‍රයෝජනයක් නැති විටදී ඔබගේ "ඇස්"  අත්‍යාවශ්‍ය කෙනෙකුට පාවිච්චිය සදහා ලබාදිය හැකිද ?

ජීවිතය යනු, දැල්වෙන පහන් සිළුවකි.එය නිවී යන වේලාවක් ගැන කීමට ඔබටත්,මටත් නොහැකි ය.නමුත් ,ජීවිතය තුළ ඉපදුනු දා පටන් මරණය දක්වා යන ගමනේදී තවත් කෙනෙකුගේ ජීවිතය ට ආලෝකයක් දීමට ඔබේ පහන් සිළුවට හැකියාවක් ඇත්නම් ඔබ සර්වසම්පූර්ණ වූ ජීවිතයකට උරුමකම් කියන්නේය.

එවන් සර්වසම්පූර්ණ ජීවිතයක් ඔබට උරුම කරලීම සදහා ආරම්භ කරන ලද අප "දිනපොත- Dairy" පිටුවේ සහ " දිනපොත" බ්ලොග් අඩවියේ පලමු පියවර ලෙසට "රුධිරය හා රුධිර පාරවිලයනය "පිළිබඳව සාකච්ඡා කල අතර එහි දෙවෙනි පියවර වන්නේ "ඇස සහ ඇස් දන්දීම " පිළිබඳව යි.එමගින් ඔබගේ හෘදසාක්ෂිය සතුටින් තැබීමට අවශ්‍ය මාර්ගයක් පෙන්වීම අපගේ නිර්ලෝබී අරමුණයි.


ඔබ කුමන ආගමක් අදහනු ලැබූවත් "දානය" යනු උතුම් යහපත් ක්‍රියාවක් වේ.

ඔබ මිය ගිය පසු ඔබගේ ශරීරය පොලවට පස් වුවත් ඔබගේ මනුස්සකම හා ඔබගේ පිවිතුරු හෘදසාක්ෂිය කිසිදා පොලවට ජීරණය වීමට ඉඩ නොතබන්න.


ඔබ ඇස් වලින් දකින සුන්දර වූ ලෝකය තවත් කෙනෙකුට දැකීමට ඉඩ සලසවන්න.ඔබ මිය ගිය පසුව ද ,ඔබ දන්දුන් දෑසින් තවත් කෙනෙකු මේ ලෝකයේ ඇති සුන්දරත්වය අත්විදී නම් එය ඔබ ජීවත්ව සිටියාට සමාන වනු ඇත.ඔබගේ හෘදසාක්ෂියය තුළ ඔබට අමරණීය වීමට ඇති එකම මාර්ගය වන්නේ එයයි.

එක් අයෙකුගේ මරණයක් මගින් තවත් අයෙකු ජීවත් කරලීම කොපමණ උසස් ක්‍රියාවක් දැයි ඔබම මදක් සිතන්න .....................

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය මෙම සියළුම කාර්‍යයන් වල නියමුවාවෙයි. ශ්‍රි ලංකා අක්‍ෂිදාන සංගමයට අනුබද්ධිත ව පිහිටවනු ලැබූ ආසියා ශාන්තිකර කලාපීය ආදර්ශ මිනිස් පටක බැංකුව (Human Tissue bank) මගින් ඇස් හා මානව පටක සංචිත කිරීමක් සිදුකරයි.




"ඇස් අද මුත් ඇස් දහසක් ඇති සේ" යන්න මෙම ලිපි පෙල සදහා මූලික මාතෘකාව වන අතර,මෙම මාතෘකාවට අදාලව අප පිටුව හා බ්ලොග් අඩවිය තුළ මූලික ආකාරයෙන් පටන්ගෙන අවසානය දක්වා ලිපි පෙළ ක් ඉදිරිපත් කරනු ඇත .

මානව ඇස තුලින් ලිපි පෙළ ආරම්භ කරන අතර අවසාන වශයෙන් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට ඇස් හා පටක දන්දීම තුළින් ලිපි පෙළ අවසන් කරයි.

මූලික ජෛව විද්‍යාත්මක දැනුමක් හෝ නොමැති පුද්ගලයකුට වුවත් මනාලෙසට තේරුම් ගැනීමට හැකිවන ආකාරයට මෙය ලිපි පෙල සම්පාදනය කරඇත."රුධිරය " ලිපි පෙලේ ලියුම්කරු වන D.H.S.L විසින් මෙම ලිපි පෙලත් අප "දිනපොත" පිටුව හා බ්ලොග් අඩවිය වෙනුවෙන් රචනා කරන අතර ලිපි පෙළ අතරතුරදී ඔබට ඇතිවන ඕනෑම ගැටළුවක් සදහා පිළිතුරු හා අවශ්‍ය උපදෙස් ලබා දීමට අප "දිනපොත" පිටුව හා බ්ලොග් අඩවියේ සාමාජික මණ්ඩලය කටයුතු කරනු ඇත.

මෙම ලිපි පෙළ කියවා අවසානයේ දී ඔබ ලබාගන්නාවූ ආදර්ශය මගින් සමාජයේ ප්‍රගමණයට හේතුවේ යයි අප "දිනපොත" පිටුවේ හා බ්ලොක් අඩවියේ එකම ප්‍රාර්ථනාවයි.

(සෑම දිනකම හෘදසාක්ෂිය සතුටින් තැබිය හැකි ආකාරයට ජීවත්වන්න...........................)
******************************

ADMIN (දිනපොත - DAIRY)









"දිනපොත" පෙරවදන

පෙරවදන

******************** "දිනපොත" යනු භෞතික සංරචකයක් වුවත් , එය සමහරුන්ගේ ආධ්‍යාත්මීය ගැලපුමකි.හෘදසාක්ෂිය නිරූපණය වන්නේ මෙම "දින...