=============================
#අපගේ ප්‍රධාන මාතෘකාව වන "රුධිර පාරවිලයනය" පිළිබඳව සාකච්ඡාව ආරම්භ කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වේ.
#අපගේ ප්‍රධාන මාතෘකාව වන "රුධිර පාරවිලයනය" පිළිබඳව සාකච්ඡාව ආරම්භ කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වේ.
දෙවනි ලිපියේදී (#2) සදහන් කළ ආකාරයට බොහෝවිට රුධිර වහනයකදී ,රුධිර පට්ටිකා මගින් රුධිර කැටිය සෑදීම සිදුවෙයි.
(අවශ්‍ය නම් දෙවෙනි ලිපිය මෙතනින් කියවන්න.)
https://m.facebook.com/story.php?story_fbid=560904260995114&id=547262199025987
(අවශ්‍ය නම් දෙවෙනි ලිපිය මෙතනින් කියවන්න.)
https://m.facebook.com/story.php?story_fbid=560904260995114&id=547262199025987
#නමුත් ,"හීමෝෆීලියාව" නම් රෝගයේදී බාහිර තුවාලයක් වී රුධිර වහනයක් සිදුවුවත් එහිදී රුධිර කැටි ගැසීමක් සිදුවන්නේ නැත .මෙය ප්‍රවේණික රෝගයක් වන අතර මාරක ජාන වල බලපෑමක් මගින් රෝගී තත්වය ඇතිවේ.
(මෙම ප්‍රවේණික රෝගය පිළිබඳව වැඩිදුර විස්තර පසු ලිපියකින් බලාපොරොත්තු වන්න .)
(මෙම ප්‍රවේණික රෝගය පිළිබඳව වැඩිදුර විස්තර පසු ලිපියකින් බලාපොරොත්තු වන්න .)
#රුධිර පට්ටිකා මගින් බාහිර තුවාලයකදී මෙසේ සිදුවන රුධිර කැටිගැසීමේ ක්‍රියාවලිය දේහය තුළ රුධිර වාහිනී වල සිදුනොවන්නේ රුධිර වාහිනී තුළ ඇති රුධිරයේ බහුලව "රුධිර කැටි ගැසීම නිශේධනය කිරීමේ සාධකය" නම් සංඝටකයක් අඩංගු වීමයි.
#රුධිරයේ මෙතෙක් අප කතාකළ රුධිර සෛල වලට අමතරව රුධිර ප්ලාස්මය පවතී.මෙම රුධිර සෛල අඩංගුව පවතින්නේ මෙම ප්ලාස්මය තුළ ය ඊට අමතරව ග්ලූකෝස් ,ඇමයිනෝ අම්ල,බහිස්ස්‍රවී ද්‍රව්‍ය ,ප්‍රතිදේහ වැනි සංඝටකද මෙහි අඩංගු වේ.
අපේ ප්‍රධාන මාතෘකාවට දැන් යොමුවෙමු..........☝️☝️
#අද ලෝකය කෙතරම් දියුණු වුවත් රුධිරය කෘතීමව නිපදවිය හැකි ක්‍රමයක් තවමත් සොයාගෙන නැත .එම නිසා රුධිර පාරවිලනය රෝගීන් සදහා අත්‍යාවශ්‍ය කටයුත්තකි.
#අද ලෝකය කෙතරම් දියුණු වුවත් රුධිරය කෘතීමව නිපදවිය හැකි ක්‍රමයක් තවමත් සොයාගෙන නැත .එම නිසා රුධිර පාරවිලනය රෝගීන් සදහා අත්‍යාවශ්‍ය කටයුත්තකි.
#මෙම රුධිර පාරවිලයනය සාමාන්‍ය ව්‍යවහාරයේදී "ලේ දන්දීම" ලෙසට හැදින්වූවත් කලින් ලිපි වල හැදින්වූ ආකාරයට මෙහිදී රුධිර සෛල මෙන්ම රුධිර ප්ලාස්මය ද හුවමාරු කිරීමක් සිදුවේ.
#රුධිර පාරවිලයනයක් ලෙසට සාමාන්‍යයෙන් අපි දකින්නේ රුධිරය එක් අයෙකුගෙන් ලබාගෙන තවත් අයෙකුට එය ලබාදීමක් ලෙසටය.මෙහිදී අතරමැදි ආයතනයක් ලෙසට ජාතික රුධිර පාරවිලයන සේවය(ලේ බැංකුව ) අපට හදුනාගත හැකිය .
#නමුත් ,මෙය සංකීර්ණ විද්‍යාත්මක ක්‍රියාවලියක් වේ.එය විද්‍යාත්මක මෙසේ පැහැදිලි කළ හැබැය.
#රුධිර පාරවිලයනයක් සිදුවන්නේ දෙදෙනෙක් අතරය,ඉන් රුධිරය ලබාදෙන පුද්ගලයා "රුධිර දායකයා" ලෙස හදුන්වන අතර රුධිරය ලබාගනු ලබන පුද්ගලයා "රුධිර ප්‍රතිග්‍රාහකයා" නම්වේ.
#ඕනෑම මිනිසෙකුගේ රුධිරය රතු පාට වූ නිසා ඕනෑම කෙනෙකුගේ රුධිරය විශ්ලේෂණයකින් තොරව ලබාගෙන පාරවිලයනය කළ නොහැක.
#මෙම රතු පැහැයට හේතු වන්නේ රුධිරයේ ඇති රුධිර වර්ණකයයි.සමස්ත ක්ෂීරපායින් ගේ(මැමේලියා)
රුධිර වර්ණකය වන්නේ හීමොග්ලොබින් වේ.
රුධිර වර්ණකය වන්නේ හීමොග්ලොබින් වේ.
රුධිර පාරවිලයනයකදී පහත සදහන් කරුණු පිළිබඳව මූලික වශයෙන් අවධාරණය යොමු කරයි.
• දෙදෙනාගේ රුධිර ගණ පිළිබඳව
• දෙදෙනාගේ රුධිරයේ රීසස් සාධක (Rh) පිළිබඳව
• රුධිර දායකයාගේ පාරවිලයනයට ඇති සුදුසුකම්
• රුධිර දායකයාගේ පවතින රෝගී තත්ව
• දෙදෙනාගේ රුධිර ගණ පිළිබඳව
• දෙදෙනාගේ රුධිරයේ රීසස් සාධක (Rh) පිළිබඳව
• රුධිර දායකයාගේ පාරවිලයනයට ඇති සුදුසුකම්
• රුධිර දායකයාගේ පවතින රෝගී තත්ව
==========================
සිව්වෙනි ලිපියෙන් (#4) නැවත හමුවෙමු...........
සිව්වෙනි ලිපියෙන් (#4) නැවත හමුවෙමු...........
#ලිපියේ අවසාන රූප සටහනේ පවතින්නේ විද්‍යුත් චුම්බක අණ්වීක්ෂයක් මගින් නිරීක්ෂිත රුධිර සෛල වේ.
ඒවා පිළිවෙලින් රක්තාණු ,රුධිර පට්ටිකා හා ශ්වේතානු වේ...............................
ඒවා පිළිවෙලින් රක්තාණු ,රුධිර පට්ටිකා හා ශ්වේතානු වේ...............................
D.H.S.L
No comments:
Post a Comment