Saturday 1 September 2018

නවවෙනි දිගහැරුම (#9)

====================

මෙම ලිපි පෙළ ලිවීම ආරම්භ කිරීමට හේතුවූ මාතෘකාව ගැන සාකච්ඡා කිරීම මෙම ලිපියේ සිට ආරම්භ කරන්නෙමු.
එය නම්,රුධිරය පාරවිලයන සේවාව හෙවත් ලේ බැංකුව මගින් සිදුකරන රුධිර පාරවිලයන සේවය හා එයට ඔබගේ දායකත්වය කෙසේ විය යුතුද යන්නයි.

මාතෘකාව සාකච්ඡා කිරීම පසෙකලා මුල් ලිපියේ සිටම මේතාක් දුරට රුධිරය පිළිබඳව හැදින්වීමක් සිදුකරනු ලැබුවේ මේ මාතෘකාව පිලිබදව පාඨක ඔබගේ දැනුම වර්ධනය කිරීමේ අදහසෙනි.👏👏👏💪💪

ඔබගේ වෘත්තිය ,අධ්‍යාපන සුදුසුකම් කුමක් වුවත් මෙම මාතෘකාව වටහාගැනීමට පහසු වන ලෙසට "රුධිරය" පිලිබදව මූලික කරුණේ සිටම ලිපි පෙළ සම්පාදනය කරන ලදී.👉👈

රුධිර පාරවිලයනය යනු,
රෝගී තත්වයකදී සහ හදිසි අවශ්‍යතාවයක් නිසා නිසිආකාරයෙන් රුධිර ගණ ගැලපීමකින් පසුව හා නිසි සුදුසුකම් සැපිරූ රුධිර දායකයෙකු මගින් රුධිර ප්‍රතිග්‍රාහකයකුට රුධිරය ලබාදීමයි.

රුධිර පාරවිලයනයකදී,රුධිර දායකයාගෙන් ලබාගන්නාවූ රුධිරය එම රුධිරයේ විවිධ සංඝටක වලට වෙන්කරයි.එසේ වෙන්කිරීමෙන් පසුව ,රුධිර ප්‍රතිග්‍රාහකයා ට අවශ්‍ය වන රුධිර සංඝටකය පමණක් ජාතික රුධිරය පාරවිලයනය සේවය මගින් ලබා දීමක් සිදුකරයි.

මෙසේ ලබාගන්නාවූ රුධිරය පහත සංඝටක වලට වෙන්කරනු ලබයි,👇👇👉👉
1. රක්තාණු
2. ශ්වේතානු
3. රුධිරය පට්ටිකා
4. රුධිර ප්ලාස්මය
5. රුධිර කැටි ගැසීමේ සාධකය
රුධිරය පාරවිලයනය සිදුකරනු ලබන අවස්ථා සලකා බලමු,
1. හදිසි අනතුරු හා සංකීර්ණ ශල්‍යකර්ම වලට භාජනය වූ රෝගීන්ට🤕🤕
2. දරු ප්‍රසූතියෙන් පසුව සංකූලතාවලට ගොදුරුවන මවුවරුන්ට 😷😷😷
3. රක්තහීනතාවයෙන් පෙළෙන රෝගීන්ට😳
4. ඇතැම් පිළිකා රෝගීන් ට
5. තැලසීමියා රෝගීන්ට රුධිර හුවමාරුව සිදුකරයි 😳😳😳
6. ඩෙංගු රෝගීන්ට රුධිර පට්ටිකා පාරවිලයනය සිදුකරයි
7. හිමෝෆීලියා රෝගීන් සදහා රුධිර කැටි ගැසීමේ සාධකය පාරවිලයනය සිදුකරයි
8. විවිධ එන්නත් වර්ග සෑදීම සදහා "නිමි ප්‍රතිදේහ " ලබා ගැනීමක් සිදුවේ
මෙම රුධිරය ලබා ගැනීම හා රුධිරය ලබා දීම යන සම්පූර්ණ කාර්ය සිදුකරන්නේ ජාතික රුධිර පාරවිලයනය සේවය/ ලේ බැංකුව යි.රාජ්‍ය හා පෞද්ගලික යන සියළුම රෝහල් වලට රුධිරය ලබාදෙන්නේ මෙම ආයතනය මගින්වේ.සියළුම රුධිර පාරවිලයන කටයුතු නොමිලේ සිදුකරයි .

(ලේ දන්දීමේ කදවුරක් ආරම්භ කිරීම හා එය හා ලේ බැංකුවේ කාර්‍යභාරය පසු ලිපියකින් සදහන් කරන්නම්)

මෙම ආයතනය සතුව වෛද්‍ය මණ්ඩලයක්,හෙද කාර්ය මණ්ඩලයක් ,රසායනාගාර කාර්මික ශිල්පී මණ්ඩලයක් හා නව තාක්ෂණයෙන් යුත් පරීක්ෂණාගාරයන් ද පවතී.👍👍👌

ලේ බැංකුව මගින් ලැබෙන සියළුම රුධිර සාම්පල් වල ආසාදිත රෝග හා ව්‍යාධිජනකයින් පිළිබඳව පරීක්ෂණ සිදුකරන අතර විශේෂයෙන් බෝවන ආසාධිත රෝග පහක් පිළිබඳව පරීක්ෂණ කරයි.ඒවානම් ,
1. හෙපටයිටිස් බී ( සෙංගමාලය )
2. හෙපටයිටිස් සී (සෙංගමාලය )
3. H.I.V
4. මැලේරියාව
5. සිපිලිස්
එක් වරකදී රුධිර පාරවිලයනයකදී රුධිරය
350ml - 450 ml පරිමාවක් ලබා ගන්නා අතර ඔබ සාමාන්‍යයෙන් පුරුද්දක් වශයෙන් රුධිරය දන් දෙන පුද්ගලයෙක් නම් මාස හතරකට(04) වතාවක් රුධිරය ලබාදිය හැක.

අපේ අධ්‍යනයේ පහසුවතකා රුධිර පාරවිලයන ක්‍රියාවලිය කොටස් හතරකට (04) බෙදාගනිමු.
👇👇👇👆👆
1. රුධිර පාරවිලයනයට පෙර රුධිර දායකයාගේ සූදානම
2. රුධිර පාරවිලයනය සදහා බලපාන සුදුසුකම්
3. රුධිර පාරවිලයනය සදහා නුසුදුස්සකු වීමට බලපාන හේතු
4. රුධිර පාරවිලයනයෙන් පසු රුධිර දායකයා කළ යුතු දෑ
************************

1. රුධිර පාරවිලයනයට පෙර දායකයා ගේ සූදානම ÷
• අවම වශයෙන් පැය 6 ක හෝ නින්දක් ලබාගෙන සිටීම😴😴😴
• රුධිරය ලබා දීමට පෙර පැය 4 කට පෙර සමබර ආහාර වේලක් ලබාගෙන සිටීම.
• ඔබ දුම්පානය කරන්නේනම් ,(😠😠😠😡😡) රුධිරය ලබාදීමට පෙර පැය 2 කට පෙරවත් එයින් වැලකිය සිටිය යුතුය .
• ඔබ මත්පැන් පානය කරන්නේනම් ,(😡😡😠) අවම වශයෙන් දිනකට පෙරවත් එයින් වැලකී සිටිය යුතුය .

ඊලඟ ලිපියෙන් නැවත හමුවෙමු...............👉👈

D.H.S.L
**********************

"දිනපොත" පෙරවදන

පෙරවදන

******************** "දිනපොත" යනු භෞතික සංරචකයක් වුවත් , එය සමහරුන්ගේ ආධ්‍යාත්මීය ගැලපුමකි.හෘදසාක්ෂිය නිරූපණය වන්නේ මෙම "දින...