=========================
මුලින්ම අපි රුධිරය(Blood) ගැන තොරතුරු දැනගනිමු.................
මුලින්ම අපි රුධිරය(Blood) ගැන තොරතුරු දැනගනිමු.................
ලිපි පෙළේ පෙරවදන අවශ්‍ය නම් මෙතනින් කියවන්න ......
https://m.facebook.com/story.php?story_fbid=559718964446977&id=547262199025987
#සාමාන්‍ය ජීවිතයේදී පහසුව සදහා අපි රුධිරය(Blood) හදුන්වන්නේ "ලේ" යන නමින් .මානව දේහයේ (අපේ ශරීරයේ ) ද්‍රව්‍ය පරිවහන මාධ්‍ය ලෙසට ක්‍රියාකරන්නේ මේ රුධිරයයි .මේ කාර්ය තමයි රුධිරයේ ප්‍රධාන ම ක්‍රියාවලිය ය .රුධිර සංසරණ පද්ධතියේ මාධ්‍ය ලෙසට තමයි රුධිරය ක්‍රියාකරන්නේ.
#දේහයේ එක් ස්ථානය සිට තවත් ස්ථානයකට ශ්වසන වායු,ග්ලූකෝස් ,ඇමයිනෝ අම්ලය,බහිස්ස්‍රවී ද්‍රව්‍ය වැනි ද්‍රව්‍ය රැධිර ය ඔස්සේ ගමන් කරවීමක් සිදුවීම තමයි මේ පරිවහන ය ලෙසට හදුන්වන්නේ.
#ඒ ක්‍රියාවලිය සිදුවෙන ආකාරය පැහැදිලි කරන්න අපි උදාහරණයක් ගනිමු****************
#එක ලග ආසන්න නගර දෙයක් තියෙනවා .A හා B කියලා මේ නගර දෙක.නිමල් A නගරයේ තියෙන කඩෙන් B නගරයේ තියෙන තමන්ගේ ගෙදර ට පොල් ගෙඩියක් ගෙනියනවා,කියලා හිතන්න .එතන දී සිදුවෙන්නේ මේ පරිවහනය කියන සංසිද්ධිය.
අපි රුධිරයට සමාන කරන්නේ නිමල් ,ඔහු ගෙනියන පොල් ගෙඩියට සමාන කරන්නේ පරිවහනය වන ද්‍රව්‍ය ,නගර දෙක කියන්නේ මානව දේහයේ ඇති කිසියම් හෝ ස්ථාන දෙකක් .
#මේකෙදී,පරිවහන ය වන ද්‍රව්‍ය ශ්වසන වායු නම් ,එක් ස්ථානයක් පෙණහලු සහ අනෙක් කෙලවර ඕනෑම සෛලයක් වෙනවා.
ඒක තව ටිකක් පැහැදිලි කළොත් ,樂樂
#අපේ අතේ තියෙන කංකාල පේශියේ සෛල වලට ශ්වසන වායු වන O2 (Oxygen) අවශ්‍ය වෙනවා .රුධිරය කරන්නේ පෙනහලු වලට වැඩිපුර තියෙන Oxygen අරගෙන අර පේශි සෛල වලට පරිවහනය සිදුකිරීම,ඒවගේම ඒ පේශි සෛල වල සිදුවෙනවා සෛලීය ශ්වසනය කියලා ක්‍රියාවලියක්,ඒකෙන් වැඩිපුර හැදෙන Co2 (Carbondioxide)සෛල වල ඉදලා පෙනහලු වෙතට ගෙන එන්නෙත් රුධිරයමයි.
#රුධිරය තරලමය ස්වාභාවයක් ගන්නවා.රුධිරයේ විවිධ සංඝටක අඩංගු වෙනවා .එහි බහුලව අඩංගු සංඝටකය තමයි ජලය .
රුධිරයේ අන්තර්ගතය ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරනවා.
• රුධිර සෛල
• රුධිර ප්ලාස්මාව
රුධිරයේ අන්තර්ගතය ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරනවා.
• රුධිර සෛල
• රුධිර ප්ලාස්මාව
මේ රුධිර සෛල ප්‍රධාන කොටස් තුනයි.
• රක්තාණු / රතුරුධිරාණු
• ශේවේතාණු/ සුදු රුධිරාණු
• රුධිර පට්ටිකා
• රක්තාණු / රතුරුධිරාණු
• ශේවේතාණු/ සුදු රුධිරාණු
• රුධිර පට්ටිකා
සාමාන්‍ය ජීවිතයේ දී අපි වැදගත් කොට සලකන්නේ මේ රුධිර සෛල.ඒකෙනුත් "ලේ" කියලා බොහෝ දුරට හදුන්වන්නේ රුධිර සෛවල පවතින රක්තාණු හෙවත් රතු රුධිරාණු .
දෙවෙනි ලිපියෙන් (#2) නැවත හමුවෙමු .................
D.H.S.L
==================//
==================//
No comments:
Post a Comment