=========================
#මෙම ලිපිය මගින් රුධිර සෛල පිළිබඳව සමස්ත තොරතුරු සාමාන්‍ය පුද්ගලයෙකුට ප්‍රමාණවත් වන අයුරින් විස්තර කරයි.
#මෙම ලිපිය මගින් රුධිර සෛල පිළිබඳව සමස්ත තොරතුරු සාමාන්‍ය පුද්ගලයෙකුට ප්‍රමාණවත් වන අයුරින් විස්තර කරයි.
පළමු දිගහැරුම (#1) කියවීම මෙම ලිපිය තේරුම් ගැනීමට පහසුවක් වන බව සලකන්න.
https://m.facebook.com/story.php?story_fbid=560089174409956&id=547262199025987
https://m.facebook.com/story.php?story_fbid=560089174409956&id=547262199025987
#රුධිර සෛල වල බහුලව අඩංගු වන්නේ රක්තාණු /රතුරුධිරාණු වේ.ඒවා ද්වී අවතල,මඩලාකාර හැඩයකින් යුක්ත වේ.
(පළමු රූප සටහන තුළ එය නිරූපණය වේ.)
(පළමු රූප සටහන තුළ එය නිරූපණය වේ.)
#රක්තාණු වල ප්‍රධාන කාර්ය වන්නේ ,ශ්වසන වායු/O2 ,Co2 පරිවහනය කිරීමයි.නමුත් ,රක්තාණු වලට අමතරව Co2 පරිවහනය කරන තවත් ආකාරද පවතී .රක්තාණු වල මෙම ශ්වසන වායු පරිවහනය සදහා දායක වන "හීමොග්ලොබින්" නම් සංඝටයක් පවතී.මෙය සෑදී ඇත්තේ හීම් සංඝටකය සහ ග්ලොබින් නම් ප්‍රෝටීනය මගිනි.
#O2 මුලින්ම පෙනහලු අසලදී හීමොග්ලොබින් සමග සම්බන්ධ වී ඔක්සිහීමොග්ලොබින් බවට පත්වී O2 අවශ්‍ය සෛල වෙතට ගොස් O2 එම සෛල වෙතට ලබාදී නැවතත් හීමොග්ලොබින් බවට පත්වේ .මෙය ප්‍රත්‍යාවර්ථී ක්‍රියාවලියකි.
අනෙක් ශ්වසන වායුව වන Co2 රක්තාණු ඔස්සේ පරිවහනය කරන්නේද,මීට සමාන වූ ක්‍රියාවලියකින් වේ.(ඒ ගැන දැනගැනීමට අවශ්‍ය නම් සටහනක් දමන්න ,වෙනත් ලිපියකින් පැහැදිලි කරන්නම්).☝️☝️
#රක්තාණු වල සුවිශේෂී වූ හැඩය පවතින්නේ එහි පෘෂ්ඨ පරිමා අනුපාතය වැඩිකරමින් ශ්වසන වායු පරිවහන ශීඝ්‍රතාවය වැඩි කිරීම සදහා ය.
#රක්තාණු මෙන් ශ්වේතානු/සුදු රුධිරාණු සදහා නිශ්චිත හැඩයක් නොමැත.එහි මූලික කාර්ය වන්නේ ,දේහයට ඇතුළු වන රෝගකාරක වලට එරෙහිව ප්‍රතිදේහ සාදමින් ප්‍රතිශක්තීකරණ පද්ධතිය නියමාකාරයෙන් පවත්වා ගැනීමයි.ශ්වේතානු වර්ග කිහිපයක් පවතී .
落落落නියුට්‍රොෆිල,බේසොෆිල,ඉයොසොනොෆිල,වසාසෛල හා මොනොසෛට ඒවා වේ.
落落落නියුට්‍රොෆිල,බේසොෆිල,ඉයොසොනොෆිල,වසාසෛල හා මොනොසෛට ඒවා වේ.
#රුධිර පට්ටිකා රුධිර සෛල වලින් කුඩාම සෛල වර්ගය වේ.රුධිර වහනයක දී(තුවාල වී රුධිරය පිටතට ගලායාම) රුධිර කැටිය සෑදීමට අදාළව මේවා ක්‍රියාකරයි.
එනම් ,ශරීරයේ කිසියම් තැනක් තුවාල වී ඉන් ලේ ගැලීමකදී එම ලේ ගැලීම නතර වීම බොහෝ දුරට ඉඹේටම මෙන් සිදුවන හේතුව කුමක්දැයි ඔබ සිතා බැලුවාද?樂樂樂樂
#එයට දායක වන්නේ රුධිර පට්ටිකා වේ.තුවාලය සිදුවූ ස්ථානයේ මේ රුධිර පට්ටිකා ගැටීම නිසා ඒවා කැඩී යාමේ ප්‍රතිඵලයක් ලෙසට රුධිර ප්ලාස්මාවේ තවත් සංඝටක ද මෙයට එකතු වී තුවාලය ඇතිවූ ස්ථානයේ රුධිර කැටියක් සාදයි.එම කැටිය නිසා තවදුරටත් බාහිරට රුධිර වහනයක් සිදුනොවේ.
මෙය එක්තරා ආකාරයකට මානව දේහයේ අපූර්වතම සංසිද්ධියක් වේ.මෙසේ බාහිරින් ඇතිවන තුවාලයක දී අප නොදැනුවත්වම රුධිර කැටිය සෑදී රුධිර වහනය වීම නතර වීමක් සිදු නොවුනානම්,බොහෝ දෙනෙකු මිය යන්නේ මෙවැනි කුඩා තුවාල වලිනි.
එසේනම් ,ලිපිය කියවන ඔබ මෙන්ම මට ත් මෙතරම් කාළයක් ජීවත් විමට නොහැකි වනු ඇත.
================================////
================================////
තෙවැනි ලිපියෙන් (#3) නැවත හමුවෙමු.........
D.H.S.L
No comments:
Post a Comment