Wednesday, 12 September 2018

පස්වෙනි දිගහැරුම (#5)

අක්ෂි දෝෂ පිළිබඳව සාකච්ඡා කරන දෙවෙනි ලිපිය වන මෙහිදී තවත් අක්ෂි දෝෂ හතරක් පිළිබඳව සලකමු.

විදුර දෘෂ්ටිකත්වය හි සරල පැහැදිලි කිරීම වන්නේ,දුර ඇති දේ පෙනීම හා ලග ඇති දේ නොපෙනීම හෝ අපැහැදිලි වීමයි.එනම්,වස්තුවක් විෂද දෘෂ්ටියේ අවම දුර වන 25cm හෝ ඊට වඩා අඩු දුරක ඇති විට එහි ප්‍රතිබිම්බය නොපෙනීම හෝ අපැහැදිලි වේ,නමුත් එම දුරට වඩා වැඩි දුරකදී වස්තුව මගින් පැහැදිලි ප්‍රතිබිම්බයක් ඇතිකරයි.

මෙම විදුර දෘෂ්ටිකත්වයේදී වස්තුවේ ප්‍රතිබිම්බය ඇසෙන් ඉවතදී සෑදීමක් සිදුවේ.එම නිසා දෘෂ්ටිවිතානයේ මධ්‍යකූපය තුළ වස්තුවේ ප්‍රතිබිම්බයක් සෑදීමක් සිදුනොවේ .

මෙම විදුර දෘෂ්ටිකත්වය ඇතිවීම සදහා බලපාන සාධක දෙකකි ,

• ඇසෙහි කාචය  සංකෝචනය කිරීමට   අක්ෂි කාචයට හා ප්‍රතියෝජක දේහයට නොහැකි වීම.

ලග ඇති වස්තු දෙසට බැලීමේදී අක්ෂි කාචය සංකෝචනය ව් එහි නාභීය දුර අඩු විය යුතුය.නමුත් ,මෙසේ කිරීමට ප්‍රතියෝජක දේහයට හා මෙසේ වීමට අක්ෂි කාචයට නොහැකි විට මෙලෙස සිදුවේ.

• ඇසේ විෂ්කම්භය අක්ෂි කාචයට ගැලපෙන ප්‍රමාණයට වඩා අඩු අගයක් ගැනීම .

මෙය උපතින්ම ලැබූ ආබාධයක් වේ.මෙහිදී ,වස්තුවේ ප්‍රතිබිම්බය ඇසෙහි දෘෂ්ටිවිතානයෙන් එපිට / ඈතින් ඇතිවේ.

මෙම ආබාධය සමනය කරගැනීම සදහා උත්තල කාච සහිත උපැස් යුවල පැලදීම හෝ තම කැමැත්ත පරිදි එවැනි ස්ඵර්ශක කාච ඇසට යෙදිය හැකිය.
උත්තල කාච මගින් ආලෝක කිරණ අභිසරණය      (අකුලවයි ) කරනු ලබයි.මෙම අභිසරණය නිසා ඇසෙන් ඉවතට යන ආලෝක කිරණ ඇස තුළට තවත් යොමුවී දෘෂ්ටිවිතානයේ මධ්‍යකූපය අසලදී ප්‍රතිබිම්බය සාදයි.

මෙසේ ආලෝකය ඇස තුලට අභිසරණය වන ප්‍රමාණය යොදන උත්තල කාචයේ නාභීය දුර අනුව වෙනස් වේ.එමනිසා විදුර දෘෂ්ටිකත්වය සදහා උපැස් යුවල පැලදීමේදී වෛද්‍ය අනුමැතියක් සහිත විය යුතුය .

ඉහතින් දැක්වූ අවිදුර හා විදුර දෘෂ්ටිකත්ව තවදුරටත් පැහැදිලි වීම සදහා මෙම රූප සටහන් වලට අවධානය යොමු කරන්න .


 මෙම රූපයෙන් දැක්වෙන්නේ, අක්ෂි කාචයේ හෝ ප්‍රතියෝජක පේශි වල දුර්වලතාවයක් නොමැති විටදී වස්තුවක නිවැරදි ප්‍රතිබිම්බයක් දෘෂ්ටිවිතානයේ මධ්‍යකූපය තුළ ඇතිවේ.


මෙය මගින් දැක්වෙන්නේ ,අවිදුර දෘෂ්ටිකත්වය ඇති ඇසක ප්‍රතිබිම්බය ඇතිවෙන ආකාරයයි.අක්ෂි කාචයේ ඇසේ හැඩය හා ප්‍රතියෝජක දේහයේ ඇති අසාමාන්‍යතා නිසා ප්‍රතිබිම්බය මධ්‍යකූපයේ නොව ඇස තුළ අක්ෂි කාචය දෙසට වන්නට ඇතිවන බව නිරීක්ෂණය කරන්න .


විදුර දෘෂ්ටිකත්වයහි අවස්ථාවක් මෙමගින් නිරූපණය වේ.වස්තුවේ ප්‍රතිබිම්බය ඇසෙන් ඉවත සෑදීමක් එහි නිරූපණය වේ.මේ සදහාත් කාචයේ,ඇසේ,ප්‍රතියෝජක දේහයේ අකර්මන්‍යතාවයන් බලපායි.

(ඉහත අවස්ථාවන් තුන පිළිබඳව අපැහැදිලිතාවයක් පවතීනම් ,නැවතත් මෙම සටහන සහ හතරවෙනි (#4) සටහන මෙතනින් කියවන්න )

විෂම දෘෂ්ටිකත්වය යනු,වස්තුවක් ඇසට ආසන්නයේ (25cm) දී ප්‍රතිබිම්බය පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි අතර ,වස්තුවක් 6m ලෙසට ඇසට කිසියම් දුරකින් පවතින විටදී එම වස්තුව අපැහැදිලි වන අතර වස්තුවේ තිරස් හෝ සිරස් අක්ෂ බොදවූ ස්වරූපයක් ගනී.එහිදී ,එක් නාභීය ලක්ෂයක් වෙනුවට නාභීය ලක්ෂ කිහිපයකට දෘෂ්ටිවිතානය මත නිර්මාණය වේ.

මෙයට හේතු වන්නේ,ස්වච්චයේ මතුපිට ඇති අක්‍රමවත් වූ හැඩයයි.මෙම අක්‍රමවත් හැඩය නිසා වස්තුවේ සිට පැමිණෙන ආලෝක කිරණ ස්වච්චයේදී අනවශ්‍ය ලෙසට වර්තනය වීම් වලට භාජනය වේ.මෙම වර්තනය වීම් නිසා අක්ෂි කාචයට බලපාන ආලෝකයද වෙනස් වන නිසා ප්‍රතිබිම්බය සෑදීමද අවසානයේදී දෝෂ සහගත වේ.

මෙයට යෙදිය හැකි ප්‍රතිකර්මය වනුයේ ,අවතල කාච සහිත උපැස් යුවල හෝ ස්ඵර්ශක කාච පැලදවීමයි.

නමුත් ,මෙහිදී කිසියම් විශේෂත්වයක් පවතී.මිනිසාට ඇස් යුගලක් පවතින නිසා ස්වච්චයන් දෙකක් ඇත.මෙම ස්වච්ච යුගලයේ අක්‍රමවත් හැඩයන් දෙකක් පැවතිය හැකිය.එමනිසා ,යොදන කාච වල නාභීය දුර වෙනස් වන නිසා ඇස් දෙකට යොදන කාච වල ඝනකම ද වෙනස් විය හැකිය .

මෙම ලිපිය කියවන ඔබ වයස අවුරුදු 40 - 50 කට ආසන්න පුද්ගලයෙක් නම් ඔබටත් පහතින් දක්වන අක්ෂි රෝගයේ අත්දැකීම් ඇතුවාට සැකයක් නැත .


හතලිස් ඇදිරිය යනු,පුද්ගලයෙක් වයසට යාමේ මිනුමක් ලෙසට සැලකිය හැකි අක්ෂි ආබාධයක් ලෙසට සාමාන්‍ය සමාජය හදුන්වයි.නමුත්,මෙම රෝගයේ මූලික ආරම්භක අවස්ථාව තරමක කුඩා කාලයේ සිටම ඇතිවන බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.

හතලිස් ඇදිරියේදී,ඇසට දුරින් පවතින වස්තු නිරීක්ෂණය කල හැකි වන අතර ,විශද දෘෂ්ටියේ අවම දුර වූ 25cm සහ එයට වඩා ආසන්නයෙන් ඇති වස්තු වල ප්‍රතිබිම්බය නොපෙනීම හෝ අපැහැදිලි වීමක් සිදුවේ.

සාමාන්‍යයෙන් මෙම හතලිස් ඇදිරිය අක්ෂි ආබාධය ඇතිවූ පුද්ගලයෙකු පොත් පත්තර බැලීම ,ඉදිකටුවට නූල දැමීම ,මූර්ති නෙලීම වැනි සියුම් වැඩක නිරත වීමේදී එම වස්තුව සාමාන්‍ය පුද්ගලයකු බලන දුරට වඩා වැඩි දුරකින් බැලීමට හෝ ඇස් කුඩා කර බැලීමට උත්සාහ කරයි.එම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසට ඇස් තවදුරටත් විඩාවට පත්වී ග්ලූකෝමා රෝගී තත්වයක් තෙක්ම අක්ෂි රෝගය වර්ධනය විය හැකිය .

හතලිස් ඇදිරිය ඇතිවීමේ ප්‍රධාන හේතු 02 කි,

1. ලග පිහිටි වස්තුවක් මගින් දෘෂ්ටිවිතානයේ මධ්‍යකූපය මත ප්‍රතිබිම්බය ඇතිකිරීමට නම් අක්ෂි කාචය සංකෝචනය හෙවත් ඇදීමට ලක්විය යුතුය .එසේ සංකෝචනය වීම සදහා අක්ෂි කාචයේ ප්‍රත්‍යාස්ථ බව ප්‍රමාණවත් නොවීම.

2. අක්ෂි කාචය සංකෝචනය සිදුකරනු ලබන්නේ ඒ දෙපස ඇති ප්‍රතියෝජක දේහවල ඇති ප්‍රතියෝජක පේශි වලිනි.මෙම ප්‍රතියෝජක දේහ වලට අක්ෂි කාචය සංකෝචනය කිරීමට නොහැකි වූ අවස්ථා වලදී මෙසේ සිදුවේ.

මෙම හේතූන් දෙකම බහුල වශයෙන් වර්ධනය වන්නේ,වයසට යාමේ ප්‍රතිඵලයක් ලෙසින්‍ ය.වයසට යාමේදී අක්ෂි කචය හා ඒ ආශ්‍රිත පේශි අකර්මණ්‍ය වීමක් සිදුවේ.කුඩා කාලයේදී සිටම මෙය ඇතිවුනත් මෙහි උච්චතම අවධිය තීරණය වන්නේ වයසට යාමත් සමගවේ.

මෙම අක්ෂි රෝගය සදහා ප්‍රතිකාර ක්‍රම දෙකක් නිර්දේශ කළ හැකිය ,

1. වෛද්‍ය නිර්දේශ මත උත්තල කාච යෙදූ උපැස් යුවලක් හෝ ස්ඵර්ශක කාච පැලදවීම.

2. අවශ්‍ය නම් අක්ෂි කාචය ඉවත් කර කෘතීමව අක්ෂි කාචයක් ඇසට බද්ධ කිරීම.

ඊලඟ ලිපියෙන් නැවත හමුවෙමු.................

D.H.S.L

Facebook ඔස්සේ " දිනපොත - Dairy " පිටුව සමග ඔබට මෙතනින් එකතුවිය හැකිය.



7 comments:

  1. අගනා ලිපිපෙලකි පලකිරීම අගය කරමි එනමුත් මෙම ලිපියේ පොඩි පටලැවිල්ලක්ද ඇත එය පහත දක්වමි
    1 ඇසෙහි කාචය ලිහිල් කිරිමට අක්ෂි කාචයට හා ප්‍රතියෝජක දේහයට නොහැකි වීම.

    ලග ඇති වස්තු දෙසට බැලීමේදී අක්ෂි කාචය ලිහිල් වී එහි නාභීය දුර අඩු විය යුතුය .නමුත් ,මෙසේ කිරීමට ප්‍රතියෝජක දේහයට හා මෙසේ වීමට අක්ෂි කාචයට නොහැකි විට මෙලෙස සිදුවේ.

    උත්තල කාචයක නාභිය දුර අඩුවන්නේ වක්රතාව වැඩිවූවිටය ඹබ කියන්නේ අක්ෂි කාචය ලිහිල්වූ විට එහි වක්රතාවය වැඩිවන බවද

    2 හතලිස් ඇදිරිය - අක්ෂි කාචය සංකෝචනය සිදුකරනු ලබන්නේ ඒ දෙපස ඇති ප්‍රතියෝජක දේහවල ඇති ප්‍රතියෝජක පේශි වලිනි.මෙම ප්‍රතියෝජක දේහ වලට අක්ෂි කාචය සංකෝචනය කිරීමට නොහැකි වූ අවස්ථා වලදී මෙසේ සිදුවේ.
    ඔබ මෙහි කියන්නේ හතලිස් ඇදිරි තත්වයේදී ලග තිබෙන දේවල් නොපෙනෙන්නේ ප්‍රතියෝජක දේහ වලට අක්ෂි කාචය සංකෝචනය කිරීමට නොහැකි තත්වය නිසා බවයි
    නිවැරදි කුමක්ද

    ReplyDelete
    Replies
    1. ඔව් ,Ananda මහත්මයා,
      වැරැද්ද පෙන්නුවට මුලින්ම ස්තුතියි .
      1 අවස්ථාවේදීයි වැරැද්ද වෙලා තියෙන්නේ .විදුර දෘෂ්ටිකත්වය සම්බන්ධයෙන් .එහිදී //අක්ෂි කාචය සංකෝචනය නොවීම හා එයට ප්‍රතියෝජක දේහය බලපෑම් ඇති නොකිරීම// ලෙසට එය නිවැරදි විය යුතුයි .
      2 අවස්ථාවේ ඇති හතලිස් ඇදිරි ප්‍රකාශය නිවැරදියි.
      **************
      දිගටම ලිපි පෙළ කියවන්න.ගුණ දොස් මේ වගේ Comment කරන්න .
      මුලින් ඇති "රුධිරය" ගැන ළිපි පෙලක් ,ඒකත් කියවන්න ..........
      .................
      ලිපි කියවීම හා ප්‍රතිචාරය අගය කරනවා.

      තවත් ගැටළු සහගත තැන් තියෙනවා නම් විමසන්න .

      Delete
    2. Thanks for your comment ...

      Delete
  2. ඔබ ලියා ඇති රුධිරය ලිපි සමහරක් කියෙව්වා හුගක් දේවල් දැනගන්නට ලැබුනා ස්තුතියි ඒ සම්බන්ධව වෙනස් ප්රස්නයක් අහන්න හිතුනා එයනම් සිංහල දෙමල මුස්ලිම් ආදී වශයෙන් ඒ ඒ ජාතීන් අනුව රුධිරයේ ජානමය වෙනස්කම් හෝ වෙනත් වෙනස්කම් තිබෙනවාද එහෙම නැත්නම් එහෙම වෙනසක් නැද්ද යන ප්රස්නය මේ සම්බන්ධව ඔබගේ අදහස දැනගන්න කැමතියි

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ,රුධිරය කිවුවට පස්සේ ඒක කොටස් වලට බෙදෙනවා.රක්තාණු ,ශ්වේතානු ......ආදී වශයෙන් (මුල් ලිපි වල තියෙනවා).නමුත් ,සාමාන්‍යයෙන් අපි රුධිරය / ලේ කියන්නේ රක්තාණු වලට.මේ රක්තාණු කියන්නේ රතු රුධිරය සෛල වලට.නීරෝගි මානව විශේෂ සමූහයක් (සිංහල ,දෙමළ ,......ආදී ලෙස ) සැලකූ විට ව්‍යුහමය වශයෙන් මේ සෛල සමානයි.ඒ කියන්නේ සැකැස්මෙන් සමානයි.රූපයෙන් සමානයි.

      ජානමය ලෙසට සමහර කොටස් වලින් වෙනස්.නමුත් මූලික පදනම ජානමය වශයෙනි සමානයි.ඔක්කොම මානව විශේෂයේ DNA අනුපිළිවෙල දරන්නේ.
      ජානමය ලෙසට වෙනස් සමහර දේවල් එසේ වෙනස් වෙන්නේ ජාති,ආගම් වශයෙන් නොව පුද්ගලයා අනුව.උදාහරණයක් ලෙසට රුධිර ගණ කියන්නේ මෙලෙස ජානමය එක්තරා වෙනසක්.ඒක ජාතිය මත පදනම් වෙන්නේ නෑ.ඕනෑම ජාතියක ,ආගමක සියළුම දෙනාගේ රුධිරය බොහෝ දුරට ජානමය ,රූපමය ,ව්‍යුහමය ලෙසට සමාන නිසා තමයි ඕනෑම ජාතියක කෙනෙක්ගෙන් තවත් ඕනෑම ජාතියක කෙනෙක්ට රුධිරය ගන්න හා දෙන්න පුළුවන් වෙන්නේ ,වෙනස් වන ජානමය ආකාරය සමාන කරන්න තමා රුධිර ගණ සසදන්නේ.
      ඔය රුධිරයේ රුධිර ප්ලාස්මයේ දියවෙලා තියෙන ද්‍රව්‍ය වෙනස් වෙන්න පුද්ගලයා මත .ඒකවෙන්නෙත් පුද්ගලයා මත මිසක් ජාතිය මත නෙවේ.උදාහරණයක් ලෙසට සිංහල කෙනෙකුගේ රුධිරයේ ග්ලූකෝස් වැඩ්යි ,ඒත් දෙමළ කෙනාගේ ඒව අඩුයි.ඒක තීරණය වෙන්නේ අපේ කෑම/ කෑදරකම අනුව.

      තව එකක් සමහර රුධිරය ආශිත රෝග තියෙනවා පරම්පරාවෙන් පරම්පරාව යන.උදාහරණයක් ලෙසට හිමෝෆීලියාව ,තැලසීමියා ,දෑකැති සෛල රක්තහීනතාවය ,යන ඒව ගන්න පුළුවන් .ඒව ඉතින් මොන ජාතියක උනත් ඉතින් පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ.ප්‍රවේනික රෝග .උදාහරණයක් විදියට නිල නොලත් වාර්තා වලින් සනාථ වෙනවා බ්‍රිතාන්‍යයේ රජ පවුලේ බොහෝ දෙනා හිමෝෆීලියා රෝගීන් බව.

      පිලිතුර පැහැදිලි නැත්නම් කියන්න ,ඕන නම් අලුත් article එකක්ම ලියන්නම්,තව කරුණු තියෙන මේකේ..............
      👍👍💪💪💪

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete

"දිනපොත" පෙරවදන

පෙරවදන

******************** "දිනපොත" යනු භෞතික සංරචකයක් වුවත් , එය සමහරුන්ගේ ආධ්‍යාත්මීය ගැලපුමකි.හෘදසාක්ෂිය නිරූපණය වන්නේ මෙම "දින...