Tuesday 4 September 2018

ගුරුතුමන් වෙත ලියමි

#ආදරණීය ගුරුතුමණි..........................💖💖💖

සිහින නැතිව සිටි අපට,සිහින මැවුවේ ඔබයි
කිසිවක් නොදත් අපට,ඉගැන්වූයේ ඔබයි
අප ගැනවත් නොදත් අපට,
විශ්වය ගැන ඉගැන්වූයේ ඔබයි
ඒ සියල්ලටම ස්තූතියි ............

දුන් සිහින බර වැඩිද මන්දා,
තාම මම ඒ සිහින වල අවසාන සතුට සොයනවා
නමුත්

මා දන්නා එකම දෙයනම් ඒ සිහින නිසා
මා මෙතෙක් කල් හුස්ම ගත් බවයි
ඔබ වෙහෙසී ගුරු පඩුරුවත් නොගෙන
ඒ සිහින මා හට පිදුවාට ස්තුතියි .............
ඉන්පසු,

මා හුස්ම ගත්තේ සිහින වෙනුවෙන් නිසා,
මම හුස්ම ගැනීම නතරකිරීමට තීරණය කළෙමි
එසේවත් මාගේ සිහිනය සැබෑ වේනම් ,
මාගේ නිර්වාණය වන්නේ එයයි............................💖💖💖💖

D.H.S.L

"හීන හොයන සමනල්ලු" ළමා චිත්‍රපටියෙන් හෘදසාක්ෂිය මත සටහන් වූ සිතුවිල්ලක් "දිනපොත" තුළ සටහන් කරමින්.**********

දහතුන්වෙනි දිගහැරුම (#13).....(අවසාන කොටස)

👏👏👏👏✋✋✋✋✋✊✊✊✊✊
=======================

#මෙම ලිපිය අවසන් ලිපිය බැවින් තරමක් දීර්ඝ ස්වරූපයක් ගනී.මෙය දොලොස් වෙනි ලිපියේ(#12) දෙවෙනි දිගහැරුම වේ.

#ඔබ පළමු වතාවේදී රුධිරය ලබා දීමේදී එම රුධිර පාරවිලයන සායනය මගින් ඔබට රුධිර පාරවිලයන වාර ගණන සටහන් කිරීමේ සටහන් පතක් ලබාදේ.

#ඔබ කරනු ලැබූ සත්ක්‍රියාව නැවත ආවර්ජනය පහසු කිරීමට මෙම සටහන්පතේ සෑම රුධිර පාරවිලයනයක්ම සටහන් කර සුරක්ෂිතව ලග තබාගන්න.

#එය ඔබට මුදලට විකිණීමට නොහැකි උවත් ඔබගේ හෘදසාක්ෂියේ සතුට ඇතිකිරීමට එය ඔබට උපකාරී වනු ඇත .
ලිපිය අවසාන රූපයේ ඇත්තේ එවැනි සටහන්පතකි.ඔහු රුධිරය පාරවිලයන වාර දොලහක අයිතිකරැවෙක් වේ.
( ඔහු නමින් #Supun_Lakshitha_Gamage වේ.)

#එමෙන්ම මෙම ලිපි පෙළ ලියන අතරවාරයේදී මෙය විවිධ සමූහ (Group) වල ලිපි පෙළ පළ වීම නිසා එහිදීද විවිධ වාර ගණන් වලින් රුධිර පාරවිලයනය කරතිබූ පුද්ගලයින් මට හමුවිය.සමහරුන් වාර පහක් ,දහයක් ,හතක් ආදී ලෙසට ඔවුන් අන්‍යන්ගේ යහපැවැත්ම සදහා තමන්ට හැකි පමණින් දායක වී තිබුණි .

#කර්මයේ වක්‍ර ස්වාභාවයක් ඇත.එනම් ,ඔබ යහපතක් කරන්නේ නම් ,අනිවාර්යයෙන්ම ඔබට යහපතක්ම ලැබේ.ඔබ අද දින රුධිරය ලබාදී අසරණ පුද්ගලයින් ජීවත් කරනවාසේම කෙදිනක හෝ ඔබටද හදිසි රුධිර අවශ්‍යතාවයකදී එම උපකාරයම ලැබෙනු ඇත.

#පෙර කී පරිදිම රුධිරය ලබාදීමේදී ඔබට සටහන්පතක් ලබාදී,එහි සටහන් කිරීමක් කරනු ඇත.සමූහයකට රුධිරය අත්‍යාවශ්‍ය වන අවස්ථාවකදී ඔබත් එම සමූහය තුල රුධිරය අවශ්‍ය කෙනෙකු වශයෙන් සිටින්නේ නම් ,ඔබ එම සටහන්පත ඉදිරිපත් කිරීමේදී ඔබට රුධිරය ලැබීමේ ප්‍රමුඛත්වය ලැබෙන්නේය .
(සැලකුමට , සැලකුම කියන්නේ මේ වගේ අවස්ථා වලට )
😊😊😊😊👆👆👆👆

#ලිපියේ අවසාන වශයෙන් දැනට රුධිරය දන්දෙන පුද්ගලයින්ට සහ ඉදිරියේදී මේ සදහා ඉදිරිපත් වීමට සිටින පුද්ගලයින් දිරිමත් කිරිම සදහා එක්තරා පරාර්ථකාමීපුද්ගලයෙක් පිළිබඳව සටහනක් යොදන්නට සිතුවෙමි.

#මොහු හදුන්වන්නේ Man with the golden arm හෙවත් " ස්වර්ණමය හස්තයක හිමිකරුවා " ලෙසටයි.💪💪💪✋✋✋

#මොහු නමින් ජේම්ස් හැරිසන්,උපත 1936 දී,මොහු ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්.ඔහුට ඇතිවූ අසනීප තත්වයක් නිසා වයස අවුරුදු 14 දී ඔහුගේ එක් පෙණහැල්ලක් ඉවත්කිරීමක් සිදුකරනවා.ඔහුට මාස තුනක් පමණ රෝහල් ගතව සිටීමට සහ නොකඩවා රුධිරය ලීටර් 15 ක් පමණ ලබාදෙනවා.මේ කාළයේදි ඔහු තේරුම් ගන්නවා තමන් තවදුරටත් ජීවත් වෙන්නේ රුධිර දායකයින්ගේ පිහිටෙන් බව.

#එමනිසා ,ඔහු ඕස්ට්‍රේලියානු නීතිය අනුව වයස 18 ඉක්මවනවාත් සමගම රුධිරය ලබාදීමට තීරණ කරනවා.මෙහෙම රුධිරය ලබාදීමෙන් ටික කලක් යන විට වෛද්‍යවරුන් විසින් මොහුගේ රුධිරයේ විශේෂ වෙනස් වූ ස්වාභාවයක් හදුනාගන්නවා.

#මොහුගේ රුධිරයේ ප්‍රති Rh වලට ප්‍රතිරෝධී ප්‍රතිදේහයක් පවතින බව පරීක්ෂකයින් විසින් සොයාගන්නවා.මෙමගින් විශේෂ එන්නතක් නිපදවීම උචිත යයි හදුනාගත් විද්‍යාඥයන් විසින් ඔහුව විශාල මුදලකට රක්ෂණය කර ඖෂධය නිපදවීම ආරම්භ කරනවා.එමනිසා ,දැනට ප්‍රති Rh වලට එරෙහිව දෙන එන්නත සෑදීමට ඔවුන් සමත් වෙනවා.

#විශේෂයෙන්ම වර්තමානයේදී පවා ගර්භනී මවුවරුන්ට ප්‍රති Rh රුධිරයේ සෑදීම නිසා සිදුවන සංකූලතා මගහැරවා ගැනීමට මෙම එන්නත උපකාරී වේ.
( පෙර ලිපියක "රුධිර පොරොන්දම් ගැලපීම " යටතේ ප්‍රති Rh පිළිබඳව සංකල්පය පවතී.)

#මෙම එන්නත සෑදීම නිසා බොහෝ මවුවරුන්ගේ ජීවිත සංකූලතා වලින් සුවවීමට හැකිවෙනවා.එමෙන්ම දැනට උවද මෙම එන්නත සෑදීමට උපකාරී වන්නේ මෙහිදී කරන ලද පරීක්ෂණ වල ප්‍රථිඵලයක් ලෙසය.ජේම්ස් හැරිසන් ගේ දියණියගේ ගර්භණී සමයේදී ඇති වූ සංකූලතාවයට ප්‍රතිකාරයක් ලෙස උපකාරී වූවේද, මෙම එන්නත වේ.

#ඔහු තමන්ගේ ජීවිත කාලය තුලදී 1173 වාරයක් රුධිරය පාරවිලයනය කර ඇත .ඔහුගේ රුධිරයේ ස්වාභාවය අනුව සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා අඩු කාලයක් තුළදී රුධිර ප්ලාස්මය ඔහුට පාරවිලයනය කරන්නට හැකිවිය.සාමාන්‍යයෙන් ඔහුට සති තුනකට වතාවක් රුධිරය පාරවිලයනය කිරීමට හැකිවිය.

#ඕස්ට්‍රේලියානු නීතිය අනුව වයස අවුරුදු 81 න් පසුව රුධිරය ලබාදීම තහනම් නිසා ඔහු එම වයසේදී රුධිරය ලබාදීම නතරකරන ලදී.

#ඔහු තමන්ගේ රුධිරය මගින් කරනු ලැබූ සේවයට Medal of the order of Australia යන සම්මානයෙන් පිදුම් දෙන ලදී.ඔහුගේ රුධිරයෙන් ලෝකයට ඇතිවූ ප්‍රයෝජනය නිසා Man with the golden arm හෙවත් ස්වර්ණමය හස්තයක හිමිකරුවා ලෙස ඔහු හදුන්වනවා .
💪💪💪💪✊✊✊✊

#මදක් සිතන්න ,ඔබ ජීවත් වී කෙදිනක හෝ මියයාවි,ඔබ මියයන දිනක ලෝකයේ එකදු ජීවිතයක හෝ පණ නළ රැකදීමට ඔබට හැකි වන්නේ නම් ඔබ ඔබේ හෘදසාක්ෂිය සැබෑවටම සතුටු කළ පුද්ගලයෙකි.සෑම විටම ඒ ක්‍රියාව වෙනුවෙන් කැපවෙන්න.අප "දිනපොත - Dairy " පිටුවේ මගපෙන්වීමද ඒ සදහාම වේ.
👏👏👏👏👏👏👏👏👏

ස්තූතියි සැම දෙනාටම..................🙏🙏🙏🙏🙏

D.H.S.L
***********************









දොළොස් වෙනි දිගහැරුම (#12)

👍👍😊😊😊😊😊😊
========================

#පෙර ලිපියේදී සාකච්ඡා කල ආකාරයට රුධිර පාරවිලයන කදවුරක් සංවිධානය කරන ආකාරයේ ඉතුරු වූ කරුණු සාකච්ඡා කරමු.....
👇👇👇👇👌👌👌
• රුධිර පාරවිලයන සායනය සංවිධානය කරන ගොඩනැගිල්ල හෝ අදාල ස්ථානය තුළ යටිතල පහසුකම් යහපත් ආකාරයෙන් පැවතීම .
#උදාහරණයක් ලෙසට අදාළ සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයට හා එදින පැමිණෙන රුධිර පරිත්‍යාගශීලීන්ගේ පාවිච්චිය සදහා පානීය ජල පහසුකම් ,වැසිකිලි ආදී සනීපාරක්ෂක පහසුකම් ආදිය සංවිධායකයින් විසින් සැපයීම.

• සායනය සදහා අවශ්‍ය කාර්‍යාලීය පුටු,මේස,පැමිණෙන අයවළුන් සදහා අවශ්‍ය වන පුටු හෝ බංකු ආදිය,විදුළි පංකා ආදිය සංවිධායක මණ්ඩලය විසින් සැපයිය යුතු අතර ,රුධිර දායකයින් සදහා අවශ්‍ය ඇදන් හා අවශ්‍ය වෙනත් උපකරණ ලේ බැංකු සපයයි.

• මෙහි සංවිධායකවරුන් විසින් ඔවුන් සම්බන්ධ කරගත් ලේ බැංකුවේ අදාල ශාඛාව මගින් ලබා දෙන දැන්වීම්,අත්පත්‍රිකා ආදිය මහජනතාව වෙතට ලබාදීමට කටයුතු කළ යුතුයි .එමගින් අදාළ රුධිරය සායනය සදහා වැඩි දායකයින් පිරිසක් එක්කාසු කරගැනීම සියළු දෙනාගේම අභිලාෂය වේ.

• රුධිරය ලබාදීමෙන් පසුව සමහර පුද්ගලයින්ට ක්ලාන්ත හෝ තෙහෙට්ටු ගතියක් ඇතිවන නිසා රුධිරය ලබාදීමෙන් පසුව ඔවුන්ට සුළු ආහාරයක් හෝ දියරමය පානයක් (තැඹිලි ,උණු කිරි වීදුරුවක් ) ලබා දීමට සංවිධායක මණ්ඩලය විසින් කටයුතු කළයුතුය .

• මෙම සත්ක්‍රියාව සදහා මුදල්මය බලාපොරොත්තුවකින් තොරව කැපවන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සදහා අවශ්‍ය තේ පැන්,දිවා ආහාරය ආදිය සැපයීමට සංවිධායක මණ්ඩලය වගබලාගත යුතුය .

• හැකි සෑම විටම ඔබට අදාළ ලේ බැංකු ශාඛාවෙන් මේ පිළිබඳව ඔබ උපදෙසක් ලබාගන්න.
********************✌️✌️✌️✌️✋✋✋✋

#ඔබට ඉහතින් දැක්වූ උපදෙස් උපකාරී කර ගනිමින් රුධිර දාන කදවුරක් පැවැත්වීම සදහා සංවිධානය විය හැකිය .👌👌👌👌👌

#ඒ සදහා පාසල් ,විවිධ සමිති ,පන්සල් ,උපකාරක පන්ති,වෙළද සංගම්,ක්‍රීඩා සමාජ ආදී විවිධ මට්ටම් මගින් මෙවන් කදවුරක් සංවිධානය කළ හැකිය .

#පෙර මා සදහන් කල පරිදි ලගම රෝහලේ ලේ බැංකු ශාඛාව ඔබට මෙවැනි කදවුරු සදහා යොදාගත හැකි අතර වැඩිපුර තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් මෙම දුරකථන අංක භාවිතා කරන්න.

රුධිර පාරවිලයන සේවය ........
• දුරකතන: 0112369931 – 4

විද්‍යුත් ලිපිනය: info@nbts.health.gov.lk

• නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානය 0112369931 / 0115332153
• කොළඹ ජාතික රෝහල 0112691111

• කලුබෝවිල ශික්ෂණ රෝහල 011822261
• මහනුවර මහ රෝහල 0812222170/0812223849/0812233343
• පේරාදෙනිය මහ රෝහල 0812388002/2388371
• බදුල්ල මහ රෝහල 0552222124
• අම්පාර මහ රෝහල 632224727 
• කරාපිටිය ශික්ෂණ රෝහල 0912246061/0912227638
• කුරුණෑගල ශික්ෂණ රෝහල 0372224131
• මාතර මහ රෝහල 0412222444
• රාගම ශික්ෂණ රෝහල 0112959266/0112959157
• කළුතර මහ රෝහල 0342222449
• මොණරාගල මහ රෝහල 0552276700/0552276261
• අනුරාධපුර ශික්ෂණ රෝහල 0252225616
• හම්බන්තොට මහ රෝහල 0472220261
• පොලොන්නරුව මහ රෝහල 0272225334
• මඩකළපුව ශික්ෂණ රෝහල 0652222641/0652222261

#ජාත්‍යන්තර ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය වන්නේ ජුනි 14 වෙනිදාය.ABO ක්‍රමයට රුධිර ගණ වෙන්කිරීම හදුන්වාදුන් කාල් ලෑන්ඩ්ස්ටයිනර් මහතාගේ උපන් දිනය යෙදී ඇත්තේ මෙදිනට වේ.

**********************************✊✊✊✌️✌️✋

#දැනට මානව රුධිරය යනු කෘතීම ලෙසට කිසිදු හෝ ආකාරයකින් නිපදවීමට නොහැකි තරලයක් වේ.රුධිරය ලබාදී දීර්ඝ කාලයක් එය ගබඩා කර තැබිය නොහැක ,එම නිසා මෙම රුධිර පාරවිලයන ක්‍රියාවලිය අඛණ්ඩ ක්‍රියවලියක් විය යුතුය .

#2018 වර්ෂයේ ජනවාරි හා පෙබරවාරි මාස වලදී ජාතික රුධිර පාරවිලයන සේවය විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකරන ලදී.ඔවුන්ගේ ලේ බැංකු වල සංචිත කර ඇති රුධිරය ක්‍රමයෙන් අවසන් වන බවත් නැවතත් රුධිර සංචිත ලැබීම සෙමින් සිදුවන බවත්‍,ඉක්මන් රුධිර අවශ්‍යතාවයක් පැනනැගී ඇති බවත් ප්‍රකාශ කරන ලදී.😮😮😮😮😮

#සාමාන්‍යයෙන් උත්සව සමයේදී හා මැතිවරණ කාලවලදී ලේ බැංකු වලට ලැබෙන රුධිරය පරිමාව විශේෂයෙන් අඩු වන බව එම සේවයේ විශේෂ නිරීක්ෂණයක් විය.🤔🤔🤔

#රුධිරය සදහා ජාති,වර්ණ,කුළ,ආගම් යන කිසිදු භේදයක් නැත .ඔබ තුළ නිපදවී කිසියම් කාල සීමවකට පසුව හායනයට ලක්වෙන රුධිරය අත්‍යාවශ්‍ය කෙනෙකුට ලබාදීම මගින් ඔබ කරන්නේ උතුම් සත්ක්‍රියාවක් වේ.එය ඔබ කුමන ආගමේ වුවත් එය යහපත් ක්‍රියාවක් වේ.
🙏🙏🙏🙏🙏🙏🙏

***************************

D.H.S.L

මුදලට යට නොවූ "අකුරු"

===========================

අකුරු "කොහොමද දරුවෝ විකුණන්නේ,"අකුරු" තියෙන්නේ උගන්වන්න....................

එතකොට ඔය ටියුෂන් සර්ලා විකුණන්නේ මොනවද ?

ඒ විකුණන්නේ පාටපාට කොලකෑලි එකට එකතු කරලා ඒවාට කටු ගහලා,පිටකවර දාලා.ඒවයි ඇතුලේ තියෙන්නේ මොණරු පියාඹන කොට උන්ගෙන් හැලිව්ච පිහාටු වල ලස්සන වයිරම.............................

ඒ වයිරම අළුත් කාලයේදී උඹලගෙ ඇස් පොට්ට කරන්න තරම් බබළනවා දරුවෝ.ඒ කාලේදි ඔය ඇස් කොච්චර අන්ධද කිව්වොත් මගේ අකුරැ පවා උඹලට පේන්නේ වැහැරිච්ච මීදෙනෙකුගේ පිටේ ගහපු හන වගේ දරුවෝ.....................

ඒ මගේ ආදරණීය ගුරුතුමාය**************

ඔව්,ඇත්ත මොණර වයිරම ඉක්මනින් නැතිවුනා ,ඒත් "අකුරු" විකුණන්නේ නැතිව මීදෙනගේ පිටේ ගහපු හන පාර කැත උනාට මට ඒක තාම හොදට මතකයි.............................

D.H.S.L

රූප අන්තර්ජාලයෙන් ..........

ද්වේශපාලනය - 01

========================

වර්තමානයේ දේශපාලනය හා දේශපාලකයින් සාමාන්‍ය ජනතාවට පෙනෙන්නේ ,දැනෙන්නේ වහ කදුරු මෙන්‍ ය.

නමුත් ,පුදුමය නම් දේශපාලකයින් යනු,වෙන කවුරුවත් නොව ජනතාව විසින්ම බහුතර ජන්දයෙන් පත්කල අය වීමයි.නැතුව ඔවුන් අගහරු ලොවින් මේ දැන් ගොඩබෑ ඈයෝ නොවෙති.

අනේක විධි පාට වලින් යුතු වූ පක්ෂ වලින් පැමිණෙන මේ ඈයෝ විවිධ පොරොන්දු දෙයි.ඒවා සීනිබෝල වේ.හරි රහයි,ලස්සනයි .නමුත් ඒවා  බලුනොවටී.ජනතාවගෙන් බහුතරයක් මේ සීනිබෝල වල රස විදියි.(ඔබද මා ද ඇතුළුව...)

එම ක්‍රියාව සමාන වෙන්නේ  තහනම් ගසෙන් ගෙඩි කෑ ක්‍රියාවටය.පසුව,දේශපාලකයා ඔහු දුන් පොරොන්දු අමතක කර හොරාකෑම ආරම්භ කරයි.මනුෂ්‍ය මනස සැකසී ඇත්තේ එලෙසට වේ.එය බලයකට ,ධනයට කෑදර වේ.එය පාලනය කර ගත යුත්තේ තමන්මය.

දැන් ජනතාවගේ දෑස් විවර වී ඇත .නමුත් දැන් ඔවුන්  ප්‍රමාද  වැඩිය.තහනම් ගසෙන් ගෙඩි කෑ පසු ඔවුනොවුන්ගේ මනස පෑදී නිරුවත දැක ලැජ්ජා වී නිරුවත වසා ගැනීමට හිස්ලූලූ  අත දුවනවා මෙන් ජනතාවද දැන් ක්‍රියාකරයි.
පුදුමය නම් ජනතාව රෑ වැටුනු වලේ හොදට එළිය ඇති දවල්ද වැටීමයි.ඔවුන් සැබෑම අන්ධයෝ වෙති.

ඔවුන් ඉගුරු දී මිරිස් ගන්නා මොඩලයේ පිරිසකි.එක් පාටක් ඇති පක්ෂයකින් පාඩමක් ඉගෙනගත් පසු තවත් පක්ෂයක් බලයට පත් කරයි.දේශපාලකයින් හා ඔවුන්ගේ පක්ෂ යනු එක වල්ලේ පොල්‍ මෙන්‍ ය.වෙනසක් නැත.ඔවුන් ජනතාව නම් බළලුන් ලවා කොස් ඇට බාවාගන්නා පිරිසකි.

සිතන්න.......................

ඔබලා නොදැනම ඔබ ඔවුන්ගේ රූකඩ වී ඇත...............................
**************************

දැන් ඉතින්  හොදට නටන්න .නූල ඔවුන් අතේය.

====================

D.H.S.L

(රූපය "අද" පුවත්පත )

"දිනපොත" පෙරවදන

පෙරවදන

******************** "දිනපොත" යනු භෞතික සංරචකයක් වුවත් , එය සමහරුන්ගේ ආධ්‍යාත්මීය ගැලපුමකි.හෘදසාක්ෂිය නිරූපණය වන්නේ මෙම "දින...