========================
👍👍👍✋✋✋👏👏👌👌
මෙම ලිපි පෙළේ අවසාන ලිපිය වන මෙහි මාතෘකා තුනක් පිළිබඳව සාකච්ඡා කරයි .
• රුධිර පාරවිලයනය පිළිබඳව සමාජයේ ඇති මිත්‍යා මතවාද.
• රුධිර පාරවිලයන කදවුරක් (සායනයක්) සංවිධානය කරන ආකාරය.
• රුධිර පාරවිලයනය නිසා සමස්ත සමාජයට සිදුවන යහපත
රුධිර පාරවිලයනය සිදුකිරීම පිළිබඳව අසත්‍යය මතවාද රාශියක් සමාජය තුළ පවතී.ඒවා ගැන සලකමු ,
• රුධිරය දන්දීම මගින් සෞඛ්‍යට අහිතකර බව සහ අධික වශයෙන් කෘෂ හෝ මහත් වෙන බව
රුධිරය ලබාදෙන පුද්ගලයා සමබර ආහාර වේලක් දෛනිකව ලබාගන්නේ නම් ඔහුගේ සෞඛ්‍ය පිරිහීමකට ලක්නොවේ.මෙය සෑම පුද්ගලයයෙකුටම පාහේ අදාලවේ.
කෘෂ හෝ මහත් බව මෙයට කිසිසේත් අදාළ නොවේ.
• රුධිරය ලබාදීම හෝ රුධිරය ලබාගැනීම මගින් බෝවන රෝග වැලදිය හැකි බව.
ඕනෑම රුධිර සායනයකදී භාවිතා කරන සියළුම උපකරණ ජීවානුහරිත තත්ව යටතේදී භාවිතා කරයි.සිරිංජන් අනිවාර්යයෙන්ම එක්වරක් පමණක් භාවිතා කරයි.
මෙවැනි සායනය මගින් ලබාගන්නා රුධිරය ලේ බැංකුවේ/ජාතික රුධිර පාරවිලයන සේවයේ පරීක්ෂණාගාරය තුළදී සම්පූර්ණ ආසාදිත රෝග පිළිබඳව පරීක්ෂා කරයි .විශේෂයෙන්ම පෙර ලිපියේදී දැක්වූ පරිදි ප්‍රධාන රෝග පහක්(05) පිළිබඳව පරීක්ෂණ සිදුකරයි.
• පච්චා කෙටීමකින් පසුව කිසිදෙනෙක රුධිරය ලබාදිය නොහැකි බව.
සෑම විටම පච්චා කෙටීමකදී සෞඛ්‍ය සම්පන්න ලෙසට එය සිදුකිරිමට වගබලා ගන්න .ජීවානුහරිත උපකරණ මේ සදහා භාවිතා කරන්න .
පච්චා මෙන්ම රුධිරය පිටතින් ලබා ගන්නාවූ ශල්‍යකර්මයක් සිදුකලත් මාස 12 කට පසුව ඔබට රුධිරය දන්දීම සිදුකළ හැකිය .
• නිර්මාංශ පුද්ගලයින්ට රුධිරය ලබාදිය නොහැක.
ඔබ සමබර ආහාරයක් ලබාගන්නේ නම් ,නිර්මාංශ වුවත් ,මාංශ අනුභව කළත් රුධිරය ලබාදීම සදහා කිසිදු ගැටළුවක් ඇතිනොවේ.
• රුධිරය ලබාදීම වේදනාකාරී ක්‍රියාවලියක් බව.
එය අසත්‍යයක් වේ.රුධිරය ලබාගැනීමට සම සිදුරු කිරීම සාමාන්‍ය සිදුවීමක් වේ.රුධිරය ශරීරයේ සිට ඉවතට පැමිණීම කිසිදු වේදනාවක් ඇති නොකරයි.කෙනෙකුට අතේ සුළු හිරිවැටීමක් ඇති වී එය මගහැරී යයි.
ශ්‍රී ලංකාව තුළ රුධිර පාරවිලයන කටයුතු සිදුකරන එකම ආයතනය වන්නේ රුධිර පාරවිලයන සේවය යි.එහි සාමාන්‍ය ව්‍යවහාරය වන්නේ, ලේ බැංකුව යන්නයි.
(බැංකුවක් කිවුවට,ණය ගන්න යන්න නම් එපා)
😂😂😂😂
ජාතික මෙන්ම පෞද්ගලික රෝහල් වලට රුධිරය ලබාදෙන්නේ මෙම ලේ බැංකුව මගින් පමණයි .
සියළුම ජංගම රුධිර සායන පැවැත්වීම සදහා බලය ඇත්තේ මෙම ජාතික රුධිර පාරවිලයනය සේවයට/ ලේ බැංකුව ට පමණයි .
ජංගම රුධිර සායනයක් සංවිධානය කරන ආකාරය සලකා බලමු ÷
• රුධිර සායනය සදහා නියමිත දිනයක් යොදා ගැනීම සදහා ලගම පිහිටි රෝහලේ ලේ බැංකු කාර්‍යමණ්ඩලයේ මහත්ම, මහත්මීන් හමුවී සාකච්ඡා කරන්න .ඒ සදහා ඔබ ලිඛිත ඉල්ලීමක් කළ යුතුය .
• එහිදී ,විශේෂයෙන් ම එම ආයතනයන භාර මහජන සෞඛ්‍යය පරීක්ෂක මහතා( P.H.I ) හමුවී ,මේ පිළිබඳව සාකච්ඡා කරන්න.
• දිනයක් තීරණය කිරීමේදි විශේෂයෙන්ම වැඩි පුද්ගලයින් ප්‍රමාණයක් සහභාගී වන දිනයක් තෝරාගන්න.එය නිවාඩු හෝ සතියේ දිනයක් විය හැකිය.
මෙහිදී ,සායනයේ ඵලදායීතාවය රදා පවතින්නේ එයට සහභාගී වන පුද්ගලයින් සංඛ්‍යාව මතය.සාමාන්‍යයෙන් මෙවැනි සායනයක් සදහා අවම වශයෙන් පුද්ගලයින් 50 ක් වත් සහභාගී විය යුතුය .ඒ සදහා කදවුරේ සංවිධායකයින්ගේ සැබෑ කැපවීම වැදගත් වේ.
(ඩ්‍රැකියුලා උනත් කමක් නෑ , එක්කන් එන්න ලේ දන්දීමේ සායනයට )😈😈😈😏😏😏
• අනිවාර්යයෙන් සායනය පවත්වන්නේ පෙ.ව 9 - ප.ව 3 අතර කාලයේදී ,මෙම කෙටි කාළය තුලදී සියලු දෙනා සහභාගී කරගැනීමට වගබලා ගන්න.
• අදාල රුධිර සායනය පවත්වන ස්ථානය ඕනෑම කෙනෙකුට පහසුවෙන් ලගාවෙන්න පුළුවන් ස්ථානයක් වෙන්න ඕනේ.ප්‍රසිද්ධ ස්ථානයක් නම් වඩා සුදුසුයි.
• අධික ඝෝෂාකාරී බවින් තොර,දූවිලි,කැලි කසල නොපවතින ,තදබදය අවම ස්ථානයක් වීම වැදගත් .
• අදාල පාරවිලයනය සේවයේ උපකරණ රැගෙන ඒමට සංවිධායක මණ්ඩලය එම නිළධාරීන්ට උපකාර කළයුතුය .
*********************
අවසාන ලිපියෙන් නැවත හමුවෙමු.............
D.H.S.L
................................
✋✋✋✋👏👏👏👌👌
ReplyDelete😁😁
Delete👍👍👍👍
ReplyDeleteහොඳ ලිපියක්
ReplyDelete
Deleteස්තුතියි ,Ajith මහත්තයා ,
මම බ්ලොග් එක හදන්න කලින් ඉදලාම ඔයාගේ බ්ලොග් එකේ විද්‍යාත්මක ලිපි කියවනවා.අර සාපේක්ෂතාවාදය ගැන ලියලා තිබුනේ ඔයා ලිපියක්,ඒක ඇත්තටම හොදයි...............
බ්ලොග් එක ලගදී හැදුවේ.තාම ආධුනිකයි මේවට මම ..........