Tuesday 4 September 2018

දහතුන්වෙනි දිගහැරුම (#13).....(අවසාන කොටස)

👏👏👏👏✋✋✋✋✋✊✊✊✊✊
=======================

#මෙම ලිපිය අවසන් ලිපිය බැවින් තරමක් දීර්ඝ ස්වරූපයක් ගනී.මෙය දොලොස් වෙනි ලිපියේ(#12) දෙවෙනි දිගහැරුම වේ.

#ඔබ පළමු වතාවේදී රුධිරය ලබා දීමේදී එම රුධිර පාරවිලයන සායනය මගින් ඔබට රුධිර පාරවිලයන වාර ගණන සටහන් කිරීමේ සටහන් පතක් ලබාදේ.

#ඔබ කරනු ලැබූ සත්ක්‍රියාව නැවත ආවර්ජනය පහසු කිරීමට මෙම සටහන්පතේ සෑම රුධිර පාරවිලයනයක්ම සටහන් කර සුරක්ෂිතව ලග තබාගන්න.

#එය ඔබට මුදලට විකිණීමට නොහැකි උවත් ඔබගේ හෘදසාක්ෂියේ සතුට ඇතිකිරීමට එය ඔබට උපකාරී වනු ඇත .
ලිපිය අවසාන රූපයේ ඇත්තේ එවැනි සටහන්පතකි.ඔහු රුධිරය පාරවිලයන වාර දොලහක අයිතිකරැවෙක් වේ.
( ඔහු නමින් #Supun_Lakshitha_Gamage වේ.)

#එමෙන්ම මෙම ලිපි පෙළ ලියන අතරවාරයේදී මෙය විවිධ සමූහ (Group) වල ලිපි පෙළ පළ වීම නිසා එහිදීද විවිධ වාර ගණන් වලින් රුධිර පාරවිලයනය කරතිබූ පුද්ගලයින් මට හමුවිය.සමහරුන් වාර පහක් ,දහයක් ,හතක් ආදී ලෙසට ඔවුන් අන්‍යන්ගේ යහපැවැත්ම සදහා තමන්ට හැකි පමණින් දායක වී තිබුණි .

#කර්මයේ වක්‍ර ස්වාභාවයක් ඇත.එනම් ,ඔබ යහපතක් කරන්නේ නම් ,අනිවාර්යයෙන්ම ඔබට යහපතක්ම ලැබේ.ඔබ අද දින රුධිරය ලබාදී අසරණ පුද්ගලයින් ජීවත් කරනවාසේම කෙදිනක හෝ ඔබටද හදිසි රුධිර අවශ්‍යතාවයකදී එම උපකාරයම ලැබෙනු ඇත.

#පෙර කී පරිදිම රුධිරය ලබාදීමේදී ඔබට සටහන්පතක් ලබාදී,එහි සටහන් කිරීමක් කරනු ඇත.සමූහයකට රුධිරය අත්‍යාවශ්‍ය වන අවස්ථාවකදී ඔබත් එම සමූහය තුල රුධිරය අවශ්‍ය කෙනෙකු වශයෙන් සිටින්නේ නම් ,ඔබ එම සටහන්පත ඉදිරිපත් කිරීමේදී ඔබට රුධිරය ලැබීමේ ප්‍රමුඛත්වය ලැබෙන්නේය .
(සැලකුමට , සැලකුම කියන්නේ මේ වගේ අවස්ථා වලට )
😊😊😊😊👆👆👆👆

#ලිපියේ අවසාන වශයෙන් දැනට රුධිරය දන්දෙන පුද්ගලයින්ට සහ ඉදිරියේදී මේ සදහා ඉදිරිපත් වීමට සිටින පුද්ගලයින් දිරිමත් කිරිම සදහා එක්තරා පරාර්ථකාමීපුද්ගලයෙක් පිළිබඳව සටහනක් යොදන්නට සිතුවෙමි.

#මොහු හදුන්වන්නේ Man with the golden arm හෙවත් " ස්වර්ණමය හස්තයක හිමිකරුවා " ලෙසටයි.💪💪💪✋✋✋

#මොහු නමින් ජේම්ස් හැරිසන්,උපත 1936 දී,මොහු ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්.ඔහුට ඇතිවූ අසනීප තත්වයක් නිසා වයස අවුරුදු 14 දී ඔහුගේ එක් පෙණහැල්ලක් ඉවත්කිරීමක් සිදුකරනවා.ඔහුට මාස තුනක් පමණ රෝහල් ගතව සිටීමට සහ නොකඩවා රුධිරය ලීටර් 15 ක් පමණ ලබාදෙනවා.මේ කාළයේදි ඔහු තේරුම් ගන්නවා තමන් තවදුරටත් ජීවත් වෙන්නේ රුධිර දායකයින්ගේ පිහිටෙන් බව.

#එමනිසා ,ඔහු ඕස්ට්‍රේලියානු නීතිය අනුව වයස 18 ඉක්මවනවාත් සමගම රුධිරය ලබාදීමට තීරණ කරනවා.මෙහෙම රුධිරය ලබාදීමෙන් ටික කලක් යන විට වෛද්‍යවරුන් විසින් මොහුගේ රුධිරයේ විශේෂ වෙනස් වූ ස්වාභාවයක් හදුනාගන්නවා.

#මොහුගේ රුධිරයේ ප්‍රති Rh වලට ප්‍රතිරෝධී ප්‍රතිදේහයක් පවතින බව පරීක්ෂකයින් විසින් සොයාගන්නවා.මෙමගින් විශේෂ එන්නතක් නිපදවීම උචිත යයි හදුනාගත් විද්‍යාඥයන් විසින් ඔහුව විශාල මුදලකට රක්ෂණය කර ඖෂධය නිපදවීම ආරම්භ කරනවා.එමනිසා ,දැනට ප්‍රති Rh වලට එරෙහිව දෙන එන්නත සෑදීමට ඔවුන් සමත් වෙනවා.

#විශේෂයෙන්ම වර්තමානයේදී පවා ගර්භනී මවුවරුන්ට ප්‍රති Rh රුධිරයේ සෑදීම නිසා සිදුවන සංකූලතා මගහැරවා ගැනීමට මෙම එන්නත උපකාරී වේ.
( පෙර ලිපියක "රුධිර පොරොන්දම් ගැලපීම " යටතේ ප්‍රති Rh පිළිබඳව සංකල්පය පවතී.)

#මෙම එන්නත සෑදීම නිසා බොහෝ මවුවරුන්ගේ ජීවිත සංකූලතා වලින් සුවවීමට හැකිවෙනවා.එමෙන්ම දැනට උවද මෙම එන්නත සෑදීමට උපකාරී වන්නේ මෙහිදී කරන ලද පරීක්ෂණ වල ප්‍රථිඵලයක් ලෙසය.ජේම්ස් හැරිසන් ගේ දියණියගේ ගර්භණී සමයේදී ඇති වූ සංකූලතාවයට ප්‍රතිකාරයක් ලෙස උපකාරී වූවේද, මෙම එන්නත වේ.

#ඔහු තමන්ගේ ජීවිත කාලය තුලදී 1173 වාරයක් රුධිරය පාරවිලයනය කර ඇත .ඔහුගේ රුධිරයේ ස්වාභාවය අනුව සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා අඩු කාලයක් තුළදී රුධිර ප්ලාස්මය ඔහුට පාරවිලයනය කරන්නට හැකිවිය.සාමාන්‍යයෙන් ඔහුට සති තුනකට වතාවක් රුධිරය පාරවිලයනය කිරීමට හැකිවිය.

#ඕස්ට්‍රේලියානු නීතිය අනුව වයස අවුරුදු 81 න් පසුව රුධිරය ලබාදීම තහනම් නිසා ඔහු එම වයසේදී රුධිරය ලබාදීම නතරකරන ලදී.

#ඔහු තමන්ගේ රුධිරය මගින් කරනු ලැබූ සේවයට Medal of the order of Australia යන සම්මානයෙන් පිදුම් දෙන ලදී.ඔහුගේ රුධිරයෙන් ලෝකයට ඇතිවූ ප්‍රයෝජනය නිසා Man with the golden arm හෙවත් ස්වර්ණමය හස්තයක හිමිකරුවා ලෙස ඔහු හදුන්වනවා .
💪💪💪💪✊✊✊✊

#මදක් සිතන්න ,ඔබ ජීවත් වී කෙදිනක හෝ මියයාවි,ඔබ මියයන දිනක ලෝකයේ එකදු ජීවිතයක හෝ පණ නළ රැකදීමට ඔබට හැකි වන්නේ නම් ඔබ ඔබේ හෘදසාක්ෂිය සැබෑවටම සතුටු කළ පුද්ගලයෙකි.සෑම විටම ඒ ක්‍රියාව වෙනුවෙන් කැපවෙන්න.අප "දිනපොත - Dairy " පිටුවේ මගපෙන්වීමද ඒ සදහාම වේ.
👏👏👏👏👏👏👏👏👏

ස්තූතියි සැම දෙනාටම..................🙏🙏🙏🙏🙏

D.H.S.L
***********************









6 comments:

  1. වරදවා වටහාගන්න එපා

    මේ ලිපිපෙල ඉතා වටිනවා , නමුත් ඔබ ලියන ආකාර කියවන්නා වෙහෙසට පත්කරනවා සහ , කියවීම නීරස කරනවා , අනවශ්‍ය සංකේත , වචන යෙදීම නිසා පැටලිලි සහගතයි , ලිපියේ ගලායෑමක් නැ.

    ReplyDelete
    Replies
    1. රුධිර පාරවිලයන , දහතුන්වෙනි දිගහැරුම




      ඔබ පළමු වතාවේදී රුධිරය ලබා දීමේදී එම රුධිර පාරවිලයන සායනය මගින් ඔබට රුධිර පාරවිලයන වාර ගණන සටහන් කිරීමේ සටහන් පතක් ලබාදේ , ඔබ කරනු ලැබූ සත්ක්‍රියාව නැවත ආවර්ජනය පහසු කිරීමට මෙම සටහන්පතේ සෑම රුධිර පාරවිලයනයක්ම සටහන් කරගන සුරක්ෂිතව ලග තබාගැනීම පහසුවකි , එය ඔබට මුදලට විකිණීමට නොහැකි උවත් ඔබගේ හෘදසාක්ෂියේ සතුට ඇතිකිරීමට එය ඔබට උපකාරී වනු ඇත. ලිපිය අවසානයේ ඇත්තේ Supun_Lakshitha_Gamage නැමැත්තෙකුගේ එවැනි සටහන්පතකි.ඔහු රුධිරය පාරවිලයන වාර දොලහක අයිතිකරුවෙක් වේ.


      එමෙන්ම මෙම ලිපි පෙළ විවිධ සමූහයන්වල පළකල අවස්ථාවන්වලදී විවිධ වාර ගණන් වලින් රුධිර පාරවිලයනය කරතිබූ පුද්ගලයින් මට හමුවිය. සමහරුන් වාර පහක් ,දහයක් ,හතක් ආදී ලෙසට අන්‍යන්ගේ යහපැවැත්ම සදහා තමන්ට හැකි පමණින් දායක වී තිබුණි. කර්මයේ වක්‍ර ස්වාභාවයක් ඇත. එනම් ,ඔබ යහපතක් කරන්නේ නම් , අනිවාර්යයෙන්ම ඔබට යහපතක්ම ලැබේ. ඔබ අද දින රුධිරය ලබාදී අසරණ පුද්ගලයින් ජීවත් කරනවාසේම කෙදිනක හෝ ඔබටද හදිසි රුධිර අවශ්‍යතාවයකදී එම උපකාරයම ලැබෙනු ඇත.

      පෙර කී පරිදිම රුධිරය ලබාදීමේදී ඔබට සටහන්පතක් ලබාදී, එහි සටහන් කිරීමක් කරනු ඇත.සමූහයකට රුධිරය අත්‍යාවශ්‍ය වන අවස්ථාවකදී ඔබත් එම සමූහය තුල රුධිරය අවශ්‍ය කෙනෙකු වශයෙන් සිටින්නේ නම් ,ඔබ එම සටහන්පත ඉදිරිපත් කිරීමේදී ඔබට රුධිරය ලැබීමේ ප්‍රමුඛත්වය ලැබෙන්නේය .


      අවසාන වශයෙන් එක්තරා පරාර්ථකාමීපුද්ගලයෙක් පිළිබඳව සටහනක් යොදන්නට සිතුවෙමි , Man with the golden arm හෙවත් " ස්වර්ණමය හස්තයක හිමිකරුවා " ලෙස හදුන්වන ඔහු නමින් ජේම්ස් හැරිසන් නම්වේ , ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් වන ඔහුට 1936 වසරේදි වයස අවුරුදු 14 තිබියදී ඇතිවූ අසනීප තත්වයක් නිසා එක් පෙණහැල්ලක් ඉවත්කිරීම සිදුකරනවා . මාස තුනක් පමණ රෝහල් ගතව සිටින ඔහුට නොකඩවා රුධිරය ලීටර් 15 ක් පමණ ලබාදෙනවා.මේ කාළයේදි ඔහු තේරුම් ගන්නවා තමන් තවදුරටත් ජීවත් වෙන්නේ රුධිර දායකයින්ගේ පිහිටෙන් බව.


      ඕස්ට්‍රේලියානු නීතිය අනුව වයස 18 ඉක්මවනවාත් සමගම රුධිරය ලබාදීමට තීරණ ජේම්ස් හැරිසන් තීරනය කරනවා. මෙසේ රුධිරය ලබාදීමෙන් ටික කලක් යන විට වෛද්‍යවරුන් විසින් මොහුගේ රුධිරයේ විශේෂ ස්වාභාවයක් හදුනාගන්නවා. මොහුගේ රුධිරයේ ප්‍රති Rh වලට ප්‍රතිරෝධී ප්‍රතිදේහයක් පවතින බව පරීක්ෂකයින් විසින් සොයාගන්නවා.මෙමගින් විශේෂ එන්නතක් නිපදවීමට ඇති හැකියාව හදුනාගත් විද්‍යාඥයන් විසින් ඔහුව විශාල මුදලකට රක්ෂණය කර ඖෂධය නිපදවීම ආරම්භ කරනවා.එමනිසා , ඒ මගින් ප්‍රති Rh වලට එරෙහිව දෙන එන්නත සෑදීමට ඔවුන් සමත් වෙනවා , විශේෂයෙන්ම වර්තමානයේදී පවා ගර්භනී මවුවරුන්ට ප්‍රති Rh රුධිරයේ සෑදීම නිසා සිදුවන සංකූලතා මගහැරවා ගැනීමට මෙම එන්නත උපකාරී වෙනවා.


      මෙම එන්නත නිපදවීම නිසා ලොවවටා බොහෝ මවුවරුන්ගේ ජීවිත සංකූලතා වලින් ආරක්ෂාකරගැනීමට හැකිවෙනවා. දැනට උවද මෙම එන්නත සෑදීමට උපකාරී වන්නේ ජේම්ස් හැරිසන් ගේ සහයෝගයෙන් කරන ලද පරීක්ෂණ වලිදි සොයාගත් තොරතුරුය .ජේම්ස් හැරිසන් ගේ දියණියගේ ගර්භණී සමයේදී ඇති වූ සංකූලතාවයට ද ප්‍රතිකාරයක් ලෙස මෙම එන්නත උපකාරීවිය.



      තම ජීවිත කාලය තුලදී 1173 වාරයක් රුධිරය පාරවිලයනය කර ඇති ජේම්ස් හැරිසන්ට , ඔහුගේ රුධිරයේ විශේෂ ස්වාභාවයන් නිසා සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා අඩු කාලයක් තුළදී රුධිර ප්ලාස්මය පාරවිලයනය කරන්නට හැකිවිය.සාමාන්‍යයෙන් ඔහුට සති තුනකට වතාවක් රුධිරය පාරවිලයනය කිරීමට හැකිවිය , ඕස්ට්‍රේලියානු නීතිය අනුව වයස අවුරුදු 81 න් පසුව රුධිරය ලබාදීම තහනම් නිසා එම වයසේදී රුධිරය ලබාදීම නතරකරන්නට ජේම්ස් හැරිසන් සිදුවිය.

      ඔහු තමන්ගේ රුධිරය මගින් කරනු ලැබූ සේවයට Medal of the order of Australia යන සම්මානයෙන් පිදුම් දෙන ලදී.ඔහුගේ රුධිරයෙන් ලෝකයට ඇතිවූ ප්‍රයෝජනය නිසා Man with the golden arm හෙවත් ස්වර්ණමය හස්තයක හිමිකරුවා ලෙස ඔහු හදුන්වනවා .


      මදක් සිතන්න ,ඔබ ජීවත් වී කෙදිනක හෝ මියයාවි,ඔබ මියයන දිනක ලෝකයේ එකදු ජීවිතයක හෝ පණ නළ රැකදීමට ඔබට හැකි වන්නේ නම් ඔබ ඔබේ හෘදසාක්ෂිය සැබෑවටම සතුටු කළ පුද්ගලයෙකි.සෑම විටම ඒ ක්‍රියාව වෙනුවෙන් කැපවෙන්න.

      Delete
    2. #






      #




      #

      # ,උපත

      #එමනිසා ,ඔහු

      #




      #



      #.

      #(#12) රූපයේඔවුන්
      ලියන අතරවාරයේදී මෙය එහිදීද
      ( ඔහු නමින් # වේ.)වීම නිසා

      #💪💪💪✋✋✋

      #
      (සැලකුමට , සැලකුම කියන්නේ මේ වගේ අවස්ථා වලට )
      😊😊😊😊👆👆👆👆

      #

      ( පෙර ලිපියක "රුධිර පොරොන්දම් ගැලපීම " යටතේ ප්‍රති Rh පිළිබඳව සංකල්පය පවතී.)

      #

      #

      💪💪💪💪✊✊✊✊

      #අප "දිනපොත - Dairy " පිටුවේ මගපෙන්වීමද ඒ සදහාම වේ.
      👏👏👏👏👏👏👏👏👏

      ස්තූතියි සැම දෙනාටම..................🙏🙏🙏🙏🙏

      D.H.S.L
      ***********************

      #මෙම ලිපිය අවසන් ලිපිය බැවින් තරමක් දීර්ඝ ස්වරූපයක් ගනී.මෙය දොලොස් වෙනි ලිපියේ(#12) දෙවෙනි දිගහැරුම වේ.


      දැනට රුධිරය දන්දෙන පුද්ගලයින්ට සහ ඉදිරියේදී මේ සදහා ඉදිරිපත් වීමට සිටින පුද්ගලයින් දිරිමත් කිරිම සදහා

      Delete
    3. ලින්ක් , සබැදි ලිපි වල ලින්ක් වගේ දේවල් ලිපියේ යටට යෙදුවනං හරිම පැහැදිලියි

      Delete
    4. ඔව් ,ලක්මාල් ඔයා කිව්ව එක ඇත්ත,මම ඒක පිලිගන්නවා.මම මේ වගේ වැඩ වලට ඇත්තටම අලුත් කෙනෙක් .කොච්චර ද කිව්වොත් facebook එකට ඇව්ල්ලා දැනට මාස හතක් වගේ,බ්ලොග් එකට ඇව්ල්ලා සති දෙකක් වගේ.
      ලිපි ලියද්දී මේව කියවන කෙනා ගැන මම හිතුවේ නෑ,ඒකයි ඔහොම අඩුපාඩු තියෙන්නේ .
      බොහොම ස්තුතියි වැරැද්ද පෙන්නුවට.........

      Delete
  2. දැන් ඔබගේ රුධිර පාර විලයනය ගැන ලිපිපෙල අවසන්නෙ ඔබ කැමති නැද්ද වෙනත් ආකාරයක ලිපියක් පලකරන්න ඔබගේ රැධිර වර්ග ගැන දැනුම භාවිතා කරමින් ඔබ කැමත් නම් මේ ශ්රී ලංකාවේ ජන වර්ගවල රුධිර වර්ග වලින් ඹවුන් පැවත එන ආකාරය ගැන ඹවුන් එකිනෙකා මුහුවී ඇද්ද නැද්ද යන කාරණයට ලැබෙන සාධක මොනවාද යන ආකාරයේ එකක්

    ReplyDelete

"දිනපොත" පෙරවදන

පෙරවදන

******************** "දිනපොත" යනු භෞතික සංරචකයක් වුවත් , එය සමහරුන්ගේ ආධ්‍යාත්මීය ගැලපුමකි.හෘදසාක්ෂිය නිරූපණය වන්නේ මෙම "දින...