Tuesday 4 September 2018

දොළොස් වෙනි දිගහැරුම (#12)

👍👍😊😊😊😊😊😊
========================

#පෙර ලිපියේදී සාකච්ඡා කල ආකාරයට රුධිර පාරවිලයන කදවුරක් සංවිධානය කරන ආකාරයේ ඉතුරු වූ කරුණු සාකච්ඡා කරමු.....
👇👇👇👇👌👌👌
• රුධිර පාරවිලයන සායනය සංවිධානය කරන ගොඩනැගිල්ල හෝ අදාල ස්ථානය තුළ යටිතල පහසුකම් යහපත් ආකාරයෙන් පැවතීම .
#උදාහරණයක් ලෙසට අදාළ සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයට හා එදින පැමිණෙන රුධිර පරිත්‍යාගශීලීන්ගේ පාවිච්චිය සදහා පානීය ජල පහසුකම් ,වැසිකිලි ආදී සනීපාරක්ෂක පහසුකම් ආදිය සංවිධායකයින් විසින් සැපයීම.

• සායනය සදහා අවශ්‍ය කාර්‍යාලීය පුටු,මේස,පැමිණෙන අයවළුන් සදහා අවශ්‍ය වන පුටු හෝ බංකු ආදිය,විදුළි පංකා ආදිය සංවිධායක මණ්ඩලය විසින් සැපයිය යුතු අතර ,රුධිර දායකයින් සදහා අවශ්‍ය ඇදන් හා අවශ්‍ය වෙනත් උපකරණ ලේ බැංකු සපයයි.

• මෙහි සංවිධායකවරුන් විසින් ඔවුන් සම්බන්ධ කරගත් ලේ බැංකුවේ අදාල ශාඛාව මගින් ලබා දෙන දැන්වීම්,අත්පත්‍රිකා ආදිය මහජනතාව වෙතට ලබාදීමට කටයුතු කළ යුතුයි .එමගින් අදාළ රුධිරය සායනය සදහා වැඩි දායකයින් පිරිසක් එක්කාසු කරගැනීම සියළු දෙනාගේම අභිලාෂය වේ.

• රුධිරය ලබාදීමෙන් පසුව සමහර පුද්ගලයින්ට ක්ලාන්ත හෝ තෙහෙට්ටු ගතියක් ඇතිවන නිසා රුධිරය ලබාදීමෙන් පසුව ඔවුන්ට සුළු ආහාරයක් හෝ දියරමය පානයක් (තැඹිලි ,උණු කිරි වීදුරුවක් ) ලබා දීමට සංවිධායක මණ්ඩලය විසින් කටයුතු කළයුතුය .

• මෙම සත්ක්‍රියාව සදහා මුදල්මය බලාපොරොත්තුවකින් තොරව කැපවන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සදහා අවශ්‍ය තේ පැන්,දිවා ආහාරය ආදිය සැපයීමට සංවිධායක මණ්ඩලය වගබලාගත යුතුය .

• හැකි සෑම විටම ඔබට අදාළ ලේ බැංකු ශාඛාවෙන් මේ පිළිබඳව ඔබ උපදෙසක් ලබාගන්න.
********************✌️✌️✌️✌️✋✋✋✋

#ඔබට ඉහතින් දැක්වූ උපදෙස් උපකාරී කර ගනිමින් රුධිර දාන කදවුරක් පැවැත්වීම සදහා සංවිධානය විය හැකිය .👌👌👌👌👌

#ඒ සදහා පාසල් ,විවිධ සමිති ,පන්සල් ,උපකාරක පන්ති,වෙළද සංගම්,ක්‍රීඩා සමාජ ආදී විවිධ මට්ටම් මගින් මෙවන් කදවුරක් සංවිධානය කළ හැකිය .

#පෙර මා සදහන් කල පරිදි ලගම රෝහලේ ලේ බැංකු ශාඛාව ඔබට මෙවැනි කදවුරු සදහා යොදාගත හැකි අතර වැඩිපුර තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් මෙම දුරකථන අංක භාවිතා කරන්න.

රුධිර පාරවිලයන සේවය ........
• දුරකතන: 0112369931 – 4

විද්‍යුත් ලිපිනය: info@nbts.health.gov.lk

• නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානය 0112369931 / 0115332153
• කොළඹ ජාතික රෝහල 0112691111

• කලුබෝවිල ශික්ෂණ රෝහල 011822261
• මහනුවර මහ රෝහල 0812222170/0812223849/0812233343
• පේරාදෙනිය මහ රෝහල 0812388002/2388371
• බදුල්ල මහ රෝහල 0552222124
• අම්පාර මහ රෝහල 632224727 
• කරාපිටිය ශික්ෂණ රෝහල 0912246061/0912227638
• කුරුණෑගල ශික්ෂණ රෝහල 0372224131
• මාතර මහ රෝහල 0412222444
• රාගම ශික්ෂණ රෝහල 0112959266/0112959157
• කළුතර මහ රෝහල 0342222449
• මොණරාගල මහ රෝහල 0552276700/0552276261
• අනුරාධපුර ශික්ෂණ රෝහල 0252225616
• හම්බන්තොට මහ රෝහල 0472220261
• පොලොන්නරුව මහ රෝහල 0272225334
• මඩකළපුව ශික්ෂණ රෝහල 0652222641/0652222261

#ජාත්‍යන්තර ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය වන්නේ ජුනි 14 වෙනිදාය.ABO ක්‍රමයට රුධිර ගණ වෙන්කිරීම හදුන්වාදුන් කාල් ලෑන්ඩ්ස්ටයිනර් මහතාගේ උපන් දිනය යෙදී ඇත්තේ මෙදිනට වේ.

**********************************✊✊✊✌️✌️✋

#දැනට මානව රුධිරය යනු කෘතීම ලෙසට කිසිදු හෝ ආකාරයකින් නිපදවීමට නොහැකි තරලයක් වේ.රුධිරය ලබාදී දීර්ඝ කාලයක් එය ගබඩා කර තැබිය නොහැක ,එම නිසා මෙම රුධිර පාරවිලයන ක්‍රියාවලිය අඛණ්ඩ ක්‍රියවලියක් විය යුතුය .

#2018 වර්ෂයේ ජනවාරි හා පෙබරවාරි මාස වලදී ජාතික රුධිර පාරවිලයන සේවය විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකරන ලදී.ඔවුන්ගේ ලේ බැංකු වල සංචිත කර ඇති රුධිරය ක්‍රමයෙන් අවසන් වන බවත් නැවතත් රුධිර සංචිත ලැබීම සෙමින් සිදුවන බවත්‍,ඉක්මන් රුධිර අවශ්‍යතාවයක් පැනනැගී ඇති බවත් ප්‍රකාශ කරන ලදී.😮😮😮😮😮

#සාමාන්‍යයෙන් උත්සව සමයේදී හා මැතිවරණ කාලවලදී ලේ බැංකු වලට ලැබෙන රුධිරය පරිමාව විශේෂයෙන් අඩු වන බව එම සේවයේ විශේෂ නිරීක්ෂණයක් විය.🤔🤔🤔

#රුධිරය සදහා ජාති,වර්ණ,කුළ,ආගම් යන කිසිදු භේදයක් නැත .ඔබ තුළ නිපදවී කිසියම් කාල සීමවකට පසුව හායනයට ලක්වෙන රුධිරය අත්‍යාවශ්‍ය කෙනෙකුට ලබාදීම මගින් ඔබ කරන්නේ උතුම් සත්ක්‍රියාවක් වේ.එය ඔබ කුමන ආගමේ වුවත් එය යහපත් ක්‍රියාවක් වේ.
🙏🙏🙏🙏🙏🙏🙏

***************************

D.H.S.L

No comments:

Post a Comment

"දිනපොත" පෙරවදන

පෙරවදන

******************** "දිනපොත" යනු භෞතික සංරචකයක් වුවත් , එය සමහරුන්ගේ ආධ්‍යාත්මීය ගැලපුමකි.හෘදසාක්ෂිය නිරූපණය වන්නේ මෙම "දින...