Sunday 2 September 2018

දසවෙනි දිගහැරුම (#10)

======================

මෙහි මුල් කොටස නවවෙනි ලිපියේ(#9) දී අපි සාකච්ඡා කරන ලදී.

එහි දෙවෙනි මාතෘකාවේ සිට මෙයින් ආරම්භ කරමු...............................

2. රුධිර පාරවිලයනය සදහා රුධිර දායකයෙකුට පැවතිය යුතු සුදුසුකම් ÷

• වයස අවුරුදු 18 ඉක්මවූ මනා සෞඛ්‍ය සම්පන්න පුරුෂ හෝ ස්ත්‍රී ඕනෑම අයෙකු වීම.

• වයස අවුරුදු 60 ට වඩා වයස නොඉක්මවීම.

• ශරීර ස්කන්ධය 50 kg ට වඩා වැඩි වීම.

• රුධිරයේ හීමොග්ලොබින් ප්‍රමාණය 12.5 g/dl ප්‍රමාණයට වඩා අනිවාර්යයෙන්ම වැඩි වීම.

• අධිරුධිරපීඩනය,දියවැඩියාව ,හදවත් රෝග,පිළිකා,අක්මා සහ වකුගඩු රෝග ,ස්නායු රෝග,ඇදුම සහ නිදන්ගත රෝග වලින් යුක්ත නොවීම.

ඔබ රුධිරය ලබාදීමට පෙර අදාල රුධිර සායනයේ වෛද්‍යවරයා විසින් ඔබගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව හා විවිධ රෝගී තත්ව පිළිබඳව ප්‍රශ්න කිරීමේදී සත්‍ය තොරතුරු ලබාදිය යුතුය .
එහිදී ලබාදෙන පෝරමයේ ද නිවැරදි තොරතුරු සටහන් කළ යුතුය .

3. රුධිර පාරවිලයනය සදහා නුසුදුස්සෙකු වීමට හේතු ÷

• කෙදිනක හෝ හෙපටයිටිස් බී, හෙපටයිටිස් සී (සෙංගමාලය ) ,H.I.V Aids ,සිෆිලිස් සහ මැලේරියාව යන රෝග ඔබට සෑදී ඇත්නම් .

• අවසාන වරට රුධිරය ලබා දී මාස 4 ක් නොඉක්මවන්නේ නම් .

• අනාරක්ෂිත ලෙස විෂම ලිංගික හෝ සම ලිංගික හැසිරීම් ක්‍රම අනුගමනය කරන්නේ නම් .

• එන්නත් කටු භාවිතයෙන් මත්ද්‍රව්‍ය ලබා ගන්නේ නම් .

• රුධිරය ලබා දීමට මාස 3 ක කාළයක් ඇතුලතදී විදේශ ගතවීමක් සිදුවී ඇත්නම් .

• මාස 12 කට පෙර දී පච්චා කෙටීමක්,කන් විදීමක් හෝ තොල්,නාසය සිදුරු කිරීමක් සිදුකර ඇත්නම් .

• මාස 12 කට පෙර පිටතින් ඔබ රුධිරය ලබාගෙන ඇත්නම් .

• එම අවස්ථාව වන විට ඔබේ වසා ග්‍රන්ථි අශ්‍රිත කුද්දැටි ඉදිමීමකට ලක්වී ඇත්නම්

• මත්ද්‍රව්‍ය වලට ඔබ බොහෝ සෙයින් ඇබ්බැහි වූවෙක් නම්

• නිතර නිතර රාත්‍රියට උණ ගැනීම හෝ එම කාලය තුළ ශරීරයේ ස්කන්ධය බොහෝ සෙයින් අඩු වී ඇත්නම්

4.රුධිරය ලබාදීමෙන් පසුව රුධිර දායකයා කළ යුතු දෑ ÷

මෙහිදී ඔබ අනියත බියක් ඇති කර ගතයුතු නැත .ඔබගේ ශරීරයෙන් ලබා ගත්තේ රුධිරය 350 - 500 ml වැනි කුඩා රුධිර පරිමාවක් වේ.

• ලබාදී අවසන් වූ වහාම ඔබට තරමක තෙහෙට්ටු ගතියක් සහ ඔබ රුධිරය ලබා දුන්නේ මුල් අවස්ථා වලදී නම් ,ඔබට තරමක ක්ලාන්ත ස්වරූපයක් ගත හැකිය .

• රුධිරය ලබාදුන් විගස ඔබ අදාල සායනයෙන් පිටවී නොයා යුතුය .විනාඩි 15 - 20 ක පමණ සුළු කාලයක් තමන්ට පහසු ඉරියව්වකින් සිටිය යුතුය .එම කාලය තුළ අදාල රුධිර සායනයේ වෛද්‍ය හා හෙද කාර්යමණ්ඩලයේ ඝජු අධීක්ෂණයට ඔබ ලක්වනු ඇත .

• එම ලේ දන්දීමේ කදවුර මගින් ද ඔබට අවශ්‍ය සුළු ආහාරයක් හෝ දියරමය පානයක් ලබාදීමට කටයුතු කරනු ඇත .

• රුධිරය ලබාගත් ස්ථානයේ ඇලවූ ප්ලාස්ටරය පැය 12 ක් යනතෙක් නොගැලවිය යුතුය .

• ප්‍රධාන ආහාර වේලක් ලබාගැනීමට ප්‍රථම මත්පැන් වලින් වැලකිය යුතුය .

• ඔබ අඛණ්ඩව රුධිරය අදාල කාලසීමා තුළ ලබාදෙන අයෙකු නම් අනිවාර්යයෙන්ම ඔබ සමබල ආහාර වේලක් ලබාගත යුතුය .
ඔබ සහභාගි වන පළමු රුධිර සායනයෙන් ඔබට රුධිරය ලබාදීමේ සටහන්පතක් (කාඩ්පතක්) ලබාදෙනු ඇත .

එය සුරක්ෂිත කරගන්න ,සෑම රුධිරය ලබාදීමකින් පසුවම එම කාඩ්පතේ එය සටහන් වෙනු ඇත .

(අවසාන ලිපිය තුළ ඒ පිලිබදව සටහනක් යොදනු ඇත )

නැවත හමුවෙමු.................

D.H.S.L
*****************

No comments:

Post a Comment

"දිනපොත" පෙරවදන

පෙරවදන

******************** "දිනපොත" යනු භෞතික සංරචකයක් වුවත් , එය සමහරුන්ගේ ආධ්‍යාත්මීය ගැලපුමකි.හෘදසාක්ෂිය නිරූපණය වන්නේ මෙම "දින...