Friday 31 August 2018

අටවෙනි දිගහැරුම (#8)

👍👍👍👌👌👌
====================*********

#රුධිර පාරවිලයනයේදී රීසස් සාධකය වෙනස් වීම නිසා සිදුවන රුධිර ශ්ලේෂණය වීම් පිළිබඳව හා අවිවාහක අයවළුන් සදහා විවාහයකදී අත්‍යාවශය වන රුධිර පොරොන්දම් ගලපන ආකාරය පිලිබදව මෙහිදී සාකච්ඡා කරයි.

#රුධිර ගණ පිලිබදව අවසාන මාතෘකා ව මෙය වන අතර ඉන් පසුව ජාතික රුධිර පාරවිලයන සේවය/ලේ බැංකු සම්බන්ධ රුධිරය පාරවිලයන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරේ.

#මෙම සාකච්ඡාව සදහා හයවෙනි ලිපියේ(#6) දී අප ඉදිරිපත් කළ ගැටළු දෙක යොදාගනිමු.
👇👇👇👇👇👇👇👌👌

https://m.facebook.com/story.php?story_fbid=566334907118716&id=547262199025987

• යම් අයෙකුට පළමු වතාවේදී රුධිරය පාරවිලයනය කර නැවතත් අවශ්‍යතාවක් නිසා දෙවනි වර රුධිරය පාරවිලයනය කිරීමේදි එම රුධිරය ශ්ලේෂණය වී රෝගියාට අසාධ්‍ය වේ.🤒🤒🤕
#මෙයට හේතුව වන්නේ ,රීසස් සාධක නොසලකා රුධිරය පාරවිලයනය සිදුකිරීමයි .
අවස්ථා දෙකේදීම ABO ක්‍රමයට අනුව රුධිර ගණ නිවැරදි විය හැකිය.

#නමුත් ,අවසාන ප්‍රතිඵලය හා රෝගය නිරීක්ෂණය මගින් වැටහෙන්නේ,පළමු අවස්ථාවේදී රෝගියාට පාරවිලයනය කල රුධිරයේ රීසස් සාධකය Rh(+) වේ,එහිදී රෝගියාගේ රුධිරයේ රීසස් සාධකය Rh(--) වේ.

#සිරුරට පළමු අවස්ථාවේදී ආගන්තුක වූ Rh(+) ද්‍රව්‍යක් ඇතුළු වීම නිසා ප්‍රතිශක්තීකරණ පද්ධතිය මගින් ප්‍රති Rh සෑදීමක් සිදුකරයි.

#නැවතත් දෙවනි වරද රීසස් සාධකය නොසලකා Rh(+) රුධිරය රෝගියාට ලබාදීමේදී මෙය ප්‍රති Rh ක්‍රියාකාරී වී ලබාදුන් ආගන්තුක ද්‍රව්‍ය අඩංගු රුධිරය ශ්ලේෂණය කරයි.🤕
******************

#රීසස් සාධකය මගින් රුධිර ශ්ලේෂණය සදහා බලපාන්නේ වැරදි ලෙස රුධිර පාරවිලයනය සිදුකරන පළමු අවස්ථාවේදී නොව දෙවෙනි අවස්ථා වේදීය.මෙහිදී පළමු අවස්ථාවේදී ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය මගින් ප්‍රති Rh සෑදීමක් සිදුකරයි.

• රුධිර පොරොන්දම් ගැලපීම යනු,💘💘
#විවාහයකට පෙර එම දෙදෙනා මගින් තම තමන්ගේ රුධිරයේ පවතින රීසස් සාධකය දැනගෙන සිටීමයි.
රුධිර ගණයට වඩා මෙහිදී රුධිරයේ
Rh(+) /Positive හෝ Rh(--) / Negative ලෙසට දෙදෙනාම දැන ගැනීම වැදගත් වේ .

#දෙදෙනාගේ රුධිර ගණය කුමක් වුවත් ,මෙම අවස්ථාවේදී වැඩි අවධානය ක් යොමු කළ යුත්තේ රීසස් සාධකය පිළිබඳව වේ.

#මෙහිදී අවධානම් සහගත අවස්ථාවක් ලෙසට පවතින්නේ කාන්තා පාර්ශවයේ රුධිරයේ රීසස් සාධකය Rh(--) වී පුරුෂ පාර්ශවයේ රුධිරයේ රීසස් සාධකය Rh(+) වීමේ අවස්ථාව පමණි .

#එවැනි අවස්ථා වලදී ඇතිවන ගැටළුකාරී තත්ව හා ඒවාට නූතන වෛද්‍ය විද්‍යාත්මක පිළියම් පිළිබඳව තොරතුරු පහතින් පවතී.

#විය යුත්තේ ,විවාහයට පෙර තම සහකරු හෝ සහකාරියගේ රුධිරයේ රීසස් සාධකය පිළිබඳව දැනුවත් වීම පමණි .

#මෙසේ විවාහක දෙදෙනෙකු තමන්ගේ රීසස් සාධකය නොසලකා හැරීම නිසා පහත ආකාරයේ ගැටළුකාරී සංසිද්ධි වල මුහුණ දිය හැක (වර්තමානයේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව නිසා මේ පිළිබඳව ගැටළු ඇති නොවේ.)

• විවාහයෙන්, ගර්භනී මවකට පළමු දරුවා ලැබීමෙන් පසුව නැවතත් දෙවෙනි දරුවා ගැබ්ගෙන ටික කාලයකට පසුව එම කළලය හෝ භ්‍රණය ගබ්සාවීම .
#මෙවැනි සංසිද්ධීන් සිදු වන්නේ,විවාහක මව් පාර්ශ්වයේ රුධිර ගණයේ රීසස් සාධකය Rh(--) වී,පීතෘ පාර්ශවයේ රුධිරයේ රීසස් සාධකය Rh(+) වීම නිසාය.

#මෙහිදී පීතෘ පාර්ශවයේ රීසස් සාධකය Rh(+) වීම නිසා සෑදෙන කළලයේ රුධිරයේ රීසස් සාධකය Rh(+) වීමේ සම්භාවිතාවයක් ඇත .දරු ප්‍රසූතියේදී පෙකෙණි වැල කැපීම හා කළල බන්ධය ගැලවී යාමේදී දරුවාගේ රුධිරය ස්වල්පයක් මාතෘ රුධිරය සමග එකතුවීම සිදුවේ. 🙂🙂

#එහිදී ප්‍රථම වතාවට මාතෘ රුධිරය තුල ප්‍රති Rh සෑදීම සිදු වේ .දෙවෙනි වරට නැවතත් ගැබ්ගැනීමකදී එම කළලයේ රුධිරයේ රීසස් සාධකය Rh(+) වීම නිසා(එසේ වීමේ ඉහල සම්බාවිතාවයක් ඇත ) මවගේ රුධිරයේ තිබෙන ප්‍රති Rh මගින් ආගන්තුක ද්‍රව්‍යක් ලෙසට කළල රුධිරය හදුනාගෙන කළල රුධිරය ශ්ලේෂණය වීම නිසා කළලය ගබ්සා වේ.

#නමුත් ,නූතනයේදී මෙවැනි දේවල් වලක්වාගැනීමට පලමු දරු ප්‍රසූතියෙන් පසුව වෛද්‍යවරුන් විසින් මවගේ හා පියාගේ රුධිරයේ රීසස් සාධක පරීක්ෂා කර බලා පෙර පරිදි අවධානම් සහගත තත්වයක් පවතීනම් ,මවගේ රුධිරයේ ප්‍රති Rh නොසෑදෙන ආකාරයට එන්නතක් මවට ලබාදෙනු ලැබේ.
එහිදී දෙවන දරු ප්‍රසූතිය සදහා ගැටළුවක් ඇතිනොවේ.
*************************

(ලිපිය අවසානයේ ඇති පලමුවන රූප සටහන මගින් එම ක්‍රියාවලීන් නිරූපණය කර ඇත ).

#නවවෙනි ලිපියෙන් නැවත හමුවෙමු..........
***************
👌👌👌👌👌👌👍👍👍👍👍🙂🙂🙂

D.H.S.L

























No comments:

Post a Comment

"දිනපොත" පෙරවදන

පෙරවදන

******************** "දිනපොත" යනු භෞතික සංරචකයක් වුවත් , එය සමහරුන්ගේ ආධ්‍යාත්මීය ගැලපුමකි.හෘදසාක්ෂිය නිරූපණය වන්නේ මෙම "දින...